• ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පිලිබඳ මුල සිට අවබෝධය

    ඉලෙක්ට්‍රොනික් ඉගනගන්න සැමට විශේෂයෙන් පාසැල් සිසුනට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් සර්කිට් නොමිලයේ ඊ මේල් කර ඵවනු ලැබේ ඹබට අවශ්‍ය කුමන සර්කිට් ඵකක්ද යන වග සදහන් කර අප වෙත ඊ මේල් කරන්න

  • අනාගතයට මුහුණ දෙන්න ඉලෙක්ට්‍රොනික් ඉගනගන්න

    ලාංකික සැමට වැඩිපුරම සිංහල සරල බසින් ඉලෙක්ට්‍රොනික් සහ නව තාක්ෂණය පිලිබද ලිපි සහ පරිපත (සර්කිට්) ඊ මේල් මගින් සපයන එකම බ්ලොග් අඩවිය circuitlanka62.blogspot.com

  • නව ලොවකට නව තාක්‍ෂණය

    ඔබ ලග ඇති ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය පිලිබද ඇති විශේෂ ලිපි සහ පරිපථ අප වෙත ඊ මේල් කර ඵවන්න (ඔබගේ නම සදහන් කර) අප හැකි අයුරින් මෙම බ්ලොග් පිටුවේ පලකරනු ලැබේ...

  • ජීවිතයට අත්වැලක් ඉලෙක්ට්‍රොනික් ඉගනගන්න

    වර්තමානයේ සහ ඵලඹෙන අනාගතයේ අප සියලු දෙනාම යම් තාක් දුරට හෝ ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය පිලිබද දැනුවත් වී සිටිම ඉතාමත් කාලෝචිතය මන්ද අප හට පොරබැදීමට සිදුව ඇත්තේ එය සමගය...

Circuit mania 04



මෙන්න සර්කිටි හොයන පිස්සන්ට හොද සර්කිටි ටිකක්.ඩවුන්ලෝඩි කරගන්න.









What is the Role of Capacitor in AC and DC Circuit?




හහ්හා.....ගොඩ කාලෙකින්.. අද මම කියන්න යන්නෙ ඒසී සහ ඩීසී කන්ඩන්සර්වල ක්‍රියාකාරිත්වය ගැන.
AC කන්ඩන්සරයක ක්‍රියාකාරිත්වය 
 ඒසී කියන එක දන්නවනෙ ඔීල්ට්‍රනේටින්කරන්ටි. ඒ කියන්නෙ විදුලිය දෙපැත්තටම ගමන් කරනවා.එම නිසා කරන්ටි එක වෙනස්වීම අනුව AC කන්ඩන්සරය දෙපැත්තටම චාර්ජ් වීමට පටන්ගන්නවා. ඒක නිසා තමයි AC කන්ඩන්සර්වල ධන හෝ රින නැත්තෙ .AC කන්ඩන්සර්වල විශේෂත්වය තමයි current එකට වඩා voltage එක මදක් ප්‍රමාදවීම. ඒ කියන්නෙ current ඉස්සරවීම.
DC කන්ඩන්සරයක ක්‍රියාකාරිත්වය 
DC වලදී DC  කන්ඩන්සරය වෙත විදුලිය සැපයූවහම එක්වරම එය චාර්ජ් වෙනවා ඒත් එක්කම සපයන ලද voltage එක විවෘත ස්විචයක් ලෙස ක්‍රියාකරනවා.

කන්ඩන්සරය ගැන
මම මීට පෙරත් මෙි ගැන විස්තර කර තිබෙනවා.කමක්නෑ අායෙත් ටිකක් ඒ ගැන බලමු. කන්ඩන්සරයට අග්‍ර දෙකක් තියෙනවා.මෙික පාවිචිචි කරනවා විදුලිබලය ගබඩා කර තැබීමට. මයිකල් පැරඩෙි ගේ නියමය අනුව පැරඩි [Farad] වලින් තමයි මෙිවායෙ ධාරිතාව  [capacitance] මනින්නෙ.
කොහොමද කන්ඩන්සරය වැඩකරන්නෙ?
මෙිකෙ අග්‍ර වලට විදුලිය සපයන විට මෙික චාර්ජ් වෙනවා.හැබැයි සපයන විදුලියේ වෝල්ටීයතාවයට සමාන වෙනකමි චාර්ජ්වෙනවා ඊට පස්සේ නවතිනවා.ඉතිං මෙිවායේ ඇතූලත තියෙන්නෙ මයිකා,පේපර්,ග්ලාස් වැනි ද්‍රව්‍ය .

Capacitance Equation:
C=Q/V
Where,
       C=Capacitance in Farads (F)
       Q=Electrical Charge in Coulombs
       V=Voltage in Volts








.







Intruder Detector Using Laser Torch හොරු සමග හෙළුවෙන්









මේ තියෙන්නේ අඩු මුදලකින් ගෙදරදීම හදා ගන්න පුළුවන් සොර සතුරු එලාම් එකක් M1 - M2 කියන්නේ මුහුණ බලන කන්නාඩි කැලි හදල බලන්නකෝ එළකිරි .






Transformer





http://sound.westhost.com/xfmr.htm




පරණ හාර්ඩ් ඩිස්ක් වලට සමුදෙමු




ඔන්න පුතේ අද අලුත්ම පාඩමක් ගැන ඉඟියක් දෙන්න යන්නේ ඊට ඉස්සෙල්ල ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අද කියන්න යන්නේ හාර්ඩ් ඩිස්ක් ගැන.  මෙහෙම කිව්වම මේ මොකද්ද යකෝ කියල බලයි .අපි දැනට පාවිච්චි කරන හාර්ඩ් එකක් තමයි පහල පින්තුරේ පෙන්නලා තියෙන්නේ.හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව් කියන එක කෙටියෙන් HDD මේකේ එහා මෙහා යන කොටස් තියනවා ඒ කියන්නේ මේකේ තියන ප්ලේට් කරකැවෙනවා හෙඩ් එක එහා මෙහා යනවා. කෙටියෙන් කිව්වොත් මිකැනිකල් පාර්ට්ස්  තියෙනවා.




මේ තියෙන්නේ ඒ හාර්ඩ් එකේ ඇතුලත සමහර විට මේවා  ඕන තරම් දැකල ඇති.එකේ ඇතුලේ රවුම් ප්ලේට් ගොඩක් තියෙනවා .ඒ වගේම අර දිග කුරක් වගේ එකක් තියෙන්නේ ප්ලේට් උඩට. එකට කියන්නේ හෙඩ් එක කියල. මේකේ ක්‍රියාවලිය මෙහෙමයි සරලව මේ ප්ලේට් හදල තියෙන්නේ චුම්බක බලයක් යෙදුව විට එහි මතුපිට අලේප කර ඇති ලෝහය වෙනස් වෙන ආකාරයට. ඒ වගේම සටහන් හිසින් ඒ කියන්නේ  හෙඩ් එකෙන් චුම්බක බලයක් යෙදුව විට ඒ අනුව ප්ලේට් එකේ ආලේප කර ඇති ලෝහ කොටස් වෙනස් වෙනවා.ඒ වගේම එකේ ප්‍රතිවිරුද්ධ දේත් වෙනවා.ඒ කියන්නේ එම තැටි වල වෙනස් වූ දේ යලි චුම්බක බලය බවට පත් වෙනවා. හරි තවත් සරලව හිතල බලමු. යම්කිසි දත්තයන් ආකාරයට සකසන ලද චුම්බක බලය මෙම තැටි වලට ලබා දුන්නම ඒවා ගබඩා වෙනවා. නැවතත් එම ගබඩා වුන දත්ත චුම්බක බලයක් ලෙස අපට ලබා ගන්න පුළුවන්.ඉතින් මෙම දත්ත ගබඩා කිරීම හෝ නැවත ගැනීම ලෝකයේ සම්මත ආකාරයට තමයි හදල තියෙන්නේ.

මේ තියෙන්නේ අලුත්ම තොරතුරු ගබඩා කරන ක්‍රමය SSD ඒ කියන්නේ සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව් මේකේ එහා මෙහා යන කොටස් ඇත්තෙම නෑ තියෙන්නේ ලක්ස ගානක් ට්‍රාන්සිස්ටර්ස්. අපි පාවිච්චි කරන ෆ්ලෑෂ් මෙමරි (පෙන් ඩ්‍රයිව්)ගොඩක් එකතු කරලා තමයි මේක හදල තියෙන්නේ.මෙහි කාර්යක්ෂමතාවය ඉතාමත් ඉහලයි. අද ගොඩක් දෙනෙක් මේක ඔපරේටින් සිස්ටම් සඳහා කොම්පියුටර් වලට සවි කර ගන්නවා. හේතුව වැඩ කිරීමට ඉතාමත් පහසුයි ඉක්මන් සාමාන්‍ය හාර්ඩ් එකට වඩා 10 ගුණයක් ස්පීඩ් ඒ වගේම බූට් වෙන්න සාමාන්‍ය හාර්ඩ් එකෙන් බාග වෙලාවයි.දත්ත ආරක්ෂාවත් ඉතාමත් ඉහලයි . දැනට කොම්පුටර් කඩවල ගන්න තියනවා. මේකක් අරගෙන ඔපරේටින් සිස්ටම් එක මේකට දාගන්න එළකිරි වගේ වැඩ කරන්න ඉක්මන් .දැන් ඇති නේ හරි අපි ගියෝ .........



ADSL Splitter ගැන ඉගනගමු




මොකක්ද මේ ADSL Splitter කියන්නේ මේකේ ඉංග්‍රීසි තේරුම නම් මේකයි. Asymmetric digital subscriber line (ADSL) ඇසිමේට්‍රික් ඩිජිටල් සබ්ක්‍රිබර් ලයින්. මේ මගුල මෙහෙම කිව්වට තේරෙනවය නේද. හරි ඔබ දන්නවා අපි පාවිච්චි කරන සාමාන්‍ය ටෙලිෆෝන් ලයින් එක දිගේම තමයි ඉන්ටෙර්නෙට් සේවාවත් එන්නේ මේකෙදි ඉන්ටෙර්නෙට් සඳහා වේගයෙන් දත්ත හුවමාරු වෙනවා.සාමාන්‍ය ටෙලිෆෝන් කෝල් වලදී අපි පාවිච්චි කරන්නේ අපේ කතා හුවමාරුව සඳහා තරංග පංතිය හර්ට්ස් 300 සිට 3400 අතර.ඒ කියන්නේ අපේ ගෙදර ටෙලිෆෝන් එකේ ඉඳල එක්ස්චේන්ජ් එක අතර.ඉතින් ඉන්ටෙර්නෙට් සඳහා ඉතාමත් වේගවත් දත්ත හුවමාරු කිරීමක් තිබිය යුතුයි. නැත්නම් අපි ඉන්ටෙර්නෙට් හරහා විධානයක් දීල එකට පිළිතුරු ලැබෙනකම් ඔහේ බලා සිටිය යුතුයි.ඒ කියන්නේ වෙලා ගන්නවා . එක නිසා තමයි ඒ සඳහා 25 කිලෝහර්ට්ස් (25Khz) සහ 1.1මෙගා හර්ට්ස් (1.1Mhz) අතර තරංග පන්තිය පාවිච්චි කරන්නේ .තවත් එකක් වොයිස් කෝල් වලදී ඉම්පිඩන්ස් එක 600ඕම්ස් ඉන්ටෙර්නෙට් සඳහා සාමාන්යෙන් 100ඔම්ස් තමයි පාවිච්චි වෙන්නේ . එකට හේතුව තමයි එකම වෙලාවේ ටෙලිෆෝන් කෝල් එකත් ඉන්ටර්නෙටුත් පාවිච්චි කරන්න පුළුවන්. මේ සඳහා ඇති තරංග පන්ති කිසි විටෙකත් ඕවර්ලැප් වීමක් ඒකියන්නේ එකිනෙකට මිශ්‍ර වී එකකින් අනෙකට භාධාවන් ඇති වෙන්නේ නෑ. ඉතින් මේ තරංග පන්ති දෙක වෙන වෙනම වෙන් කර ගන්න තමයි ADSL ස්ප්ලිටර් එක දාන්නෙ. ඇත්තටම මේ ඒ ඒ තරංග පන්තින් වෙන වෙනම පෙරලා දෙන ෆිල්ටරයක්. දැන් තේරුනානේ.






Amplifier Circuits ඇම්ප් සර්කිට්




අද නම් තියෙන්නේ අයි සී ඇම්ප් සර්කිට් 




Sound සවුන්ඩ් ගැන ටිකක් දැනගමු




මේ ලිපියෙන් අද මම කියන්න යන්නේ සවුන්ඩ් ගැන. ඒ කිව්වේ අපි එදිනෙදා පාවිච්චි කරන ශබ්ද උපකරණ බෆල් ඇම්ප්ලිෆයර් වගේ උපකරණ වලට වැදගත් වෙන කරුණු ටිකක් ගැන.
මුලින්ම අපි කතා කරමු ස්පීකර් ගැන.එකනේ අපිට වඩාත්ම සමීප උපකරණය.ඉතින් මේ ස්පීකර් විවිධ ආකාරයෙන් තියනවා. ඒවායේ වොට්ස් ගණන් වල වෙනස් කම් ඉම්පිඩන්ස් වල වෙනස්කම් ඒවගේම ප්‍රමාණයෙන් ඒවා සවි කරන ක්‍රම විධි. මේ හැම එකක්ම ගැන සුළුවෙන් හරි දැනගෙන හිටියොත් අපිට හොඳයිනේ.
Impedance
හරි දැන් බලමු ස්පීකරයක ඉම්පිඩන්ස් එක ගැන. ඔයාල දැකල ඇති ස්පීකර් වල පිටිපස්සේ කාන්දමේ ඒ කියන්නේ  magnet ගහල තියනවා 2ඔම්ස් 4ඔම්ස් 8ඔම්ස් කියල. ඉතින් ඔයාල හිතයි. ඒ ඇවිල්ල ස්පීකරය තුලින් විදුලිය ගමන් කරන විට ඊට ඇති වන ප්‍රතිරෝධය (Resistance) ඔම්ස් මෙච්චරයි කියල. නමුත් හරියට නම් එක නෙමෙයි එයින් අදහස් කරන්නේ. ස්පීකරයක් කියන්නේ භව්තික උපකරණයක්.ඇත්තටම එක තුලින් ගමන් කරන විදුලි සැර එහෙමත් නැත්නම් electrical current එක. හරි මම දැන් සරලව කියල දෙන්නම් මේක ගැන. අපි හිතමු අඟලක වතුර බටයක් තියෙනවා කියල. එක තුලින් වතුර ගලාගන යනවා කිසිම අපහසුවක් නැතුව. අන්න එකට තමයි කියන්නේ නොමිනල් ඉම්පිඩන්ස් කියල.හරි අපි හිතමු ඒ වතුර බටේ කෙලවර අඟල් බාගෙට කුඩා කෙරුව කියල. මොකද වෙන්නේ වතුර පාර පිට වෙන්නේ ටිකක් සැරට  ඒ වගේම බටේ තුල තෙරපීම වැඩ්යි. හරි බටේ කෙලවර අඟල් කාලට කුඩා කෙරුවොත්. පිටවෙන වතුර පාර තවත් සැරයි නමුත් බටය තුල ප්‍රෙෂර් එක වැඩි වෙනවා. සමහර විට බටේ පුපුරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ස්පීකරයේ ඉම්පිඩන්ස් එකත් ඇම්ප් එකේ ඉම්පිඩන්ස් එකත් හරියට මැච් කලේ නැත්නම්.අපිට නියම ප්‍රතිපල ගන්න බැරුව යනවා. අඩු ඉම්පිඩන්ස්  එකකදී විදුලිය ස්පීකරය තුලින් ලෙහෙසියෙන් ගලාගෙන යනවා. වැඩි ඉම්පිඩන්ස් එකකදී එකේ අනෙක් පැත්ත. මතක තියාගන්න හැම විටම ඇම්ප්ලිෆයරයක් ගද්දි එයට මැච් වෙන ස්පීකර් ගත යුතුයි.නැත්නම් අර වතුර බටේ වගේ තමයි. වතුර බටේ ලොකු වෙලා පිටවෙන කට පුංචි වුනොත් බටේ පුපුරනවා,ඒ කියන්නේ ඇම්ප් එකේ වැඩිවෙලා ස්පීකර් අඩු වුනොත් ඇම්ප එකේ අවුට් පුට් ට්‍රාන්සිස්ටර්  රත් වෙලා පිච්චෙනවා. අනිත් එක තමයි වැදගත්ම දේ ඕම්ගේ නියමය අපි ohms low කියල කියන්නේ. එක මෙතැනදී ඉතාමත්  වැදගත්.ඉතින් මේකෙදි ඉලෙක්ට්‍රිකල් කරන්ට් එක සමානුපාතික වෙනවා වෝල්ටීයතවයට ඒවගේම එකේ අනෙක් පැත්ත සමානුපාතික වෙනවා ඉම්පිඩන්ස්  එකට. ගණිතමය වශයෙන් බැලුවොත් 
කරන්ට් (current) එක මනින්නේ ඇම්පියර් වලින් ඒ වගේම වෝල්ටීයතාව (volt) මනින්නේ වෝල්ට් වලින් ඉම්පිඩන්ස් (impedance) එක මනින්නේ ඔම්ස් වලින්. හරි අපි උදාහරණයක් ගමු.ඔබ දන්නවා ඇම්ප්ලිෆයර් එකකින් කරන්නේ සඥාවක් අරගෙන එක වැඩි කරලා පිට කරන එක. ඒ පිට කරන්නේ AC විදුලියක් වොල්ට්ස් 10 ක් පිටකරනවා 8 ඕම්ස් ස්පීකරයකට එතකොට ඉහත සමීකරණයට අනුව 10 බෙදීම 8 උත්තරය 1.25 යි. එකියන්නේ කරන්ට් එක ඇම්පියර් 1.25යි. අපි ඇම්ප් එකේ බලය වැඩි කලොත් වොල්ට්ස් 20 ට ස්පීකරයේ ඉම්පිඩන්ස් එක 8 ඔම්ස් නම් පිටවෙන කරන්ට් එක ඇම්පියර් 2.5 යි.මතක තියාගන්න ඉම්පිඩන්ස් වෙනස් නොකර වෝල්ටේජ් වැඩි කරනකොට ඇම්පියර් එක වැඩිවෙනවා අඩු කරනකොට ඇම්පියර් එක අඩුවෙනවා. ඕකයි සිද්ධාන්තය.හොඳයි අපි ඉම්පිඩන්ස් 4 ඔම්ස් කලොත් 10 වොල්ට්ස් වලදී  කරන්ට් එක ඇම්පියර් 2.5 යි. දැන් තෙරුනානේ.

ඉතින් මේ කතන්දර ඔක්කොගෙන්ම කියන්නේ අපි පාවිච්චි කරන අම්ප්ලිෆයර් එකට ස්පීකර් මැච් කරන්නම ඕන ඉම්පිඩන්ස් එක වැඩි වෙන්න වැඩි වෙන්න ඇම්ප් එක මත පැටවෙන බර අඩුයි නමුත් ලබාගත හැකි වොට්ස් ගාන අඩුයි. ඉම්පිඩන්ස් එක අඩුවෙන්න අඩුවෙන්න ඇම්ප් එක මත පැටවෙන බර වැඩ්යි පිටවෙන වොට්ස් ගාන වැඩ්යි ශබ්දයේ අපැහැදිලිතාවයද ටිකක් වැඩ්යි. distrotion එක.
ස්පීකර් ඇමිනීමේදී ක්‍රම දෙකකට කල හැකියි පැරලල් සහ සීරිස් ක්‍රමයට.පහත රුප බලන්නකෝ.

මේ තියෙන්නේ පැරලල් ක්‍රමය. මේ ක්‍රමයේදී ඉම්පිඩන්ස් එක අඩු වෙනවා ඒ කියන්නේ ස්පීකරයක් 8 ඔම්ස් නම් 4 ඔම්ස් වලට අඩු වෙනවා.


මේ තියෙන්නේ සීරිස්‌ ක්‍රමය. මේකෙදි ඉම්පිඩන්ස් එක වැඩි වෙනවා.
අපි ඉතුරු ටික හෙට බලමු .............




555 Timer ටයිමරය




555 ටයිමරය කියන්නේ කාටත් උවමනාවෙන ඉතාමත් මිලෙන් අඩු නමුත් වැඩි වැඩක් කරගත හැකි අයි සී එකක් ගැන.ඉතින් 555 ටයිමරය මොනොලිතික් ගණයට වැටෙන අයි සී එකක් .මේක අපට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ස්ථාවර තනි සඥා දෙන මල්ටිව්යිබ්රේටර් එකක් විදිහට.මේක මයික්‍රෝ සෙකන්ඩ් ඉඳල පැය ගණන් එජස් කරන්න පුළුවන් ටයිමර් එකක්.පහත තියෙන්නේ එක විස්තර කරලා තියෙන රූප සටහනක්. ඒ කියන්නේ ඒ අයි සී එක ඇතුලත සර්කිට් එක හැදිලා තියෙන විදිහ.







DC Changeover System with Battery Protection unit ඉමර්ජන්සි ලයිට් එකක්




ඔන්න මම ගොඩක් කාලෙකින් ආව. ඉඳල හිටලා හරි පොස්ට් එකක් දාන්න ඕනනේ. හරි අද මම ඕගොල්ලන්ට දෙන්න යන්නේ පොඩි සර්කිට් එකක්. හැබැයි මගේ සර්කිට් කුණු ගොඩවල් වල මේවා ඕන තරම් තියනවා. නමුත් ඉතින් මේක අත්හදා  බලන  අයට ටෙස්ට් කරන්න හොඳයි. මේක ඇවිල්ල ඉමර්ජන්සි ලයිට් සර්කිට් එකක්. විදුලි බලය නැති වෙනවත් එක්කම බැටරි විදුලිය ක්‍රියාත්මක වෙලා ලයිට් එක පත්තු වෙනවා. හැබැයි මේ සර්කිට් එක UPS එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්.ඒ 6 වෝල්ට් වලින් වැඩ කරන උපකරණයකට සවි කරලා. මේකේ විශේෂත්වය වෙන්නේ මේකෙන් චාර්ජ් වෙන බැටරියේ කල් පැවැත්ම දිගු කාලීන වීමයි. එකට හේතුව තමයි බැටරිය ඕවර් චාර්ජ් වීමෙන් සහ ෆුල් ඩිස්චාර්ජ් වීමෙන් ආරක්ෂා වීම. සුළු වෙනස් කම් කිරීමෙන් 12 වොල්ට්ස් කරගන්න පුළුවන්. හදල බලන්නකෝ.හරි ඔබට ජය......


Circuit Mania 03 සර්කිට් කුණු ගොඩ 03




ඔන්න පුතාල අදත් කුණු ගොඩක් ගේනවා බාගෙන බලන්නකෝ. මතක තියාගන්න Office 2010 මැෂිමට දාගන්න. මොකද සර්කිට් එකත් එක්ක තියන Document එක ඕපන් කරගන්න. එකේ තමයි විස්තර තියෙන්නේ.පහල බටන් එක ඔබල ෆයිල් එක බාගන්න. ජයවේවා  .......... 







EMF Shield Protector කොම්පියුටර් කේබල්වල ඇයි ගෙඩියක් වගේ කෑල්ලක් තියෙන්නේ



ඉතින් ගොඩ කාලෙකින් පොඩි පොස්ට් එකක්.සමහර පවර් කෝඩ් වල මොකද්ද මේ සිලින්ඩරාකාර ගෙඩියක් වගේ තියෙන්නේ.අනික කුමක් සඳහාද මේක තියෙන්නේ.මේවා තියනවා ලැප්ටොප් චාජර් ,USB කෝඩ් ,මොබයිල් චාජර් කේබල් ,ප්‍රින්ටර් කෝඩ් ,මොනිටර් කෝඩ් ,මෞස් සහ කී බෝඩ් කබල් යනාදිය. ඔබ දැකල ඇති .ඉතින් මම කියන්න යන්නේ මේක පිටුපස ඇති කතාව.
මේක ඇවිල්ල ෆෙරයිඩ් කියන ලෝහයෙන් හදපු පොඩි සිලින්ඩරයක්.ඉතින් මේ ලෝහ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර වලට ගොඩක්ම බලපාන ලෝහයක්. අපි දන්නවා මෙම කේබල් වල ප්ලාස්ටික් ආවරණයට යටින් ඒ වටා graund  ආවරණයක් තියනවා කියල .අනික ඔබ දන්නවා කේබලයක කරන්ට් පාස් වෙනකොට ඒ වටා EMF එකක් ඇති වෙනවා. මොකද්ද EMF කියන්නේ. Electromotive Foce, නැත්නම් ගුවන් විදුලි තරංග පිටවීමක්. ඒක ඇත්තටම අපට අනවශ්‍ය නොයිස් එකක්.මේකේ බලපෑම ඇති කරනවා ගුවන් විදුලි යන්ත්‍ර වැනි දේවල්වල නිසි ක්‍රියාකාරිත්වයට .ඇත්තටම එම යන්ත්‍ර වලින් ශ්‍රවණයට භාධා පමුණුවනවා.ඉතින් මේ පොඩි ෆෙරයිට් කෑල්ලෙන් මේ අනවශ්‍ය බාධා සහිත තරංග නිකුත්වීම නවත්වනවා . හරි නේද ?



Capacitor Code Information ධාරිත්‍රක අංකන වගුව




අද සුදු පුතාලට කියල දෙන්න යන්නේ කැපසිටර් එහෙමත් නැත්නම් කන්ඩන්සර් සිංහලෙන් කියනවනම් ධාරිත්‍රක ගැන.හොඳට බලාගන්න මේක ඉලෙක්ට්‍රොනික් කරද්දී ඕනෑම එකක්.කන්ඩන්සර් ලොකු ඒවා  ගැන අපිට ප්‍රස්නයක් නෑ. හේතුව ඒවගේ මතුපිට ප්‍රින්ට් කරලා තියනවා ඒවගේ අගය මොකද ඒවායේ මතුපිට ඒ ඒ අගයන් ප්‍රින්ට් කිරීමට ඉඩ තිබෙන නිසා 4.7uf/10uf/47uf/100uf/220uf  වගේ ඒවා ලොකු කන්ඩන්සර්. නමුත් පොඩි කන්ඩන්සර් වල එහෙම බෑ ඒවා දසම ගණන් සහ ඉතාමත් කුඩා ඒකක වලින් තමයි ඒවා ගණනය කරන්න වෙලා තියෙන්නේ. ඉතින් එම අගයන් ඒවායේ මතුපිට ප්‍රින්ට් කරන්න බෑ.උදා. ගත්තොත් .1uf / 10pf  වගේ ඒවා.එක නිසා සම්මත කෝඩ් වලින් තමයි ඒවා හඳුනාගන්නේ .පහල දීල තියනවා ඒවා කොහොමද කියවන්නේ කියල බලන්නකෝ.


Circuit Mania 02 සර්කිට් කුණු ගොඩ 02




ඔන්න අදත් මගේ කොම්පියුටරේ එකතු වෙලා තියෙන සර්කිට් කුණු ගොඩෙන් ටිකක් ඔයාලට ගෙනාව. කැමති කෙනෙක් ඉන්නවනම් බාගෙන බලන්න ඔයාලට හොඳ ඒවා තියෙනවද කියලා. හැබැයි එකක් ඉස්සෙල්ලා winzip එකයි Office 2010 දෙකම ඉන්ස්ටෝල් කරගන්න. මොකද ගොඩක් ඒවායේ විස්තර තියෙන්නේ ඒ දෙකේ. ඒ දෙක නැති වුනොත් නිකන් ෆයිල් විතරක් පෙනෙයි ඕපන් කරන්න බැරි.
ඉතින් හරිනේ වැඩේ පටාආන් ......ගන්න. ආ මට කියන්න බැරිඋනා  සර්කිට් මේනියා කියන්නේ පරිපත උන්මාදය නමුත් මම සිංහලෙන් හෙඩින් එක දාල තියෙන්නේ සර්කිට් කුණුගොඩ කියලා. වරදවා තේරුම් ගන්න එපා ඉංග්‍රීසි පරිවර්තනය කියල.







AC Waveform and AC Circuit Theory AC විදුලිය ගැන ටිකක් දැනගමු




ඉතින් දුවල පුතාල අද මම කියන්න යන්නේ අපි කවුරුත් අහල තියන ඒ වගේම හැමෝම වගේ පරිහරණය කරන ඉතාමත් වැදගත් දෙයක් ගැන.ඒ තමයි AC විදුලිය ගැන. මුලින්ම බලමු මොකද්ද මේ AC කියන්නේ කියල. AC කියන්නේ ඔල්ට්‍රනේටින් කරන්ට් (Alternating Current)  ඒ කියන්නේ වෙනස්වෙන විදුලිය. එහෙම කියන්න හේතුව තමයි මෙම විදුලිය එක අතකට පමණක් ගමන් කරන්නේ නැ .වරෙක ඉදිරියටත් වරෙක අපස්සටත් ගමන් කරනවා. ඒ නිසා තමයි Alternating Current කියල කියන්නේ. දැන් ඒ කතාව හරිනේ.
ඉතින් AC ගැන කියනකොට DC ගැන නොකියම බෑ .DC කියන්නේ Direct Current කියන එක. එකේ තේරුම එක අතකට පමණක් විදුලිය ගමන් කරන කියන එක.ඉතින් අපි මේ දෙකම කෙනෙකුට හෝ ලෝකෙට පෙන්වන ක්‍රමයක් තියෙන්න ඕනනේ. කාට හිරි මේක අල්ලලා බලන්න කියන්න බැහැනේ විදුලිය තියනවද කියල . මේ සියල්ලම අපි කෙනෙකුට රුප මාධ්‍යයෙන් තමයි පෙන්වන්නේ. පහල බලන්නකෝ .



මේ තියෙන්නේ AC විදුලිය පෙන්වල තියෙන රුප සටහනක්. අනික කියන්න ඕනේ මේ විදුලිය කැරකෙමින් තමයි ගමන් කරන්නේ. තත්පරයකදී ලංකාවෙ අපේ ගෙවල්වල විදුලිය නම් 50ස් වාරයක් කැරකෙනවා.ඒක සමහර රටවල නම් 60 ක් වෙනවා. අපි මේකට AC Frequency එක කියල කියනවා. ලංකාවේ 

AC Frequency Hertz 50යි එහෙම නැත්නම්  Cycle 50යි . Cycle කියල කිව්වේ පරණ විදහට කරකැවෙන නිසා.ඉතින් උඩ රුපයේ මුල් කොටසේ පෙන්වල තියෙන්නේ ඔය එක රවුමක් කැරකෙන එකක් දිග ඇරලා .ඕකේ උඩට ගිහිල්ල තියන ඇවිල්ල වැඩිවීම සහ යටට ගිහිල්ල තියන කොටස අඩුවීම.ඉතින් ඔය වගේ තත්පරයකදී කාලය තුල දී වැඩි අඩු වීම් 50ක් වෙනවා. මේ රුපයෙන් පෙන්වල තියන එකට අපි කියනවා වේව් ෆෝර්ම් එකක් කියල. ඇඳල තියෙන්නේ වේව් එකක් ඒ කියන්නේ තරංගයක් . ඉතින් මේ වේව් එකේ රටාවට අපි කියනවා සයින් වේව් Sine Wave එකක් කියල. තවත් වේව් වර්ග තියනවා පහල බලන්නකෝ.



අපි ඩිජිටල් වලදී පාවිච්චි කරන්නේ ඔතන තියෙන Square wave ඒ කියන්නේ හතරැස් තරංග. 



මේ උඩ තියෙන්නේ DC විදුලියක් කොහොමද ගමන් කරන්නේ කියල. ඔය පලවෙනි රුපය ඇතුලේ තියන සමීකරණේ දාල ඕන සර්කිට් එකකට දාල තියන ප්‍රතිරෝධක වල අගය එහෙමත් නැත්නම් වෝල්ටීයතාව, විදුලි සැර ප්‍රමාණය සොයාගන්න පුළුවන්. ඕකට කියන්නේ ඔම්ස් ලෝ එක කියල.හහ් හහ් හා පොඩි දෙයක් විස්තර කලා නේ.කමක් නෑ ඉගනීම අහක යන්නේ නැනේ නේද? මේක ගැන ගොඩක් දේවල් තියනවා ඉගන ගන්න. විශේෂයෙන් සමීකරණ පිළිබඳව. ඒවා සාමාන්‍ය දැනුමක් ලබාගන්න කෙනෙකුට බර වැඩියි. එක නිසා සරලව ඉගනගමු. ඉතින් ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්න බැරිවුනේ. මගේ අම්ම නැතිවුණා. එක නිසා හිත ටිකක් එකලස් කරගෙන වැඩක් කරන්න බැරිවුණා............


Satellite Theory සැටලයිට් ගැන ටිකක් දැනගමු






මොකක්ද මේ සැටලයිට් එක කියන්නේ. එක ඉලෙක්ට්‍රොනික කොටස් වලින් හැදුන උපකරණයක්. මේක මිනිසා විසින් හදල තියෙන විස්මිත උපකරණයක්. හැබැයි මේක පොඩි පහේ සුළුපටු එකක් නම් නෙමෙයි.අනික මේක ස්ථාන ගත කරලා තියෙන්නේ  පොළොවේ ඉඳල හෙන දුරකින් , කි.මී.23000 කට වඩා . ඉතින් මේ දුර වෙනස් වෙනවා එක එක රටවල් වලට වැඩි ප්‍රයෝජනයක් ලැබෙන විදියට කක්ෂගත කරන විට.කක්ෂගත කරනවා කියන්නේ පොලවේ ගුරුත්වාකර්ෂණය නැති ඉහල අහසේ වායු ගෝලයෙනුත් පිට ස්ථාන ගත කිරීමට. එහෙම කිව්වට මේක එකම ස්ථානයක තියෙන්නේ නෑ.අපේ පෘතුවියත් එක්ක මේකත් වක්‍රාකාරව කැරකෙනවා. එතකොට ඔයාල හිතයි මේකට කැරකෙන්න බලයක් ඕනවෙන්නේ නැද්ද නැත්නම් කැරකිලා ඉවර වෙලා නවතින්නේ නැද්ද කියල. නෑ එහෙම නෑ. ඒ කරකැවෙනකොට  ඊට විරුද්ධ බලයක් නැති විට ඔහේ කරකැවී කරකැවී තියෙනවා හරියට අපේ පෘතුවිය කැරකෙනවා වගේ. ඉතින් මේ විස්මිත උපකරණය ගැන මුලින්ම ලෝකෙට අනාවැකි කිව්වේ ලංකාවේ කෙනෙක් කියල කිව්වොත් ඕගොල්ලෝ පුදුම වෙයි. ඇත්ත එකයි. ලංකාවේ ඉපදුනේ නැති උනාට ලංකාවේ තමයි ජීවත්  උනේ . නම ආතර් සී ක්ලාර්ක්. එයා තමයි බ්‍රිතාන්‍ය සඟරාවකට මුලින්ම මේක ගැන අනාවැකිය කිව්වේ. තව හෙට මේ ගැන මට නිදිමතයි ......






ඉහල රුපයේ පෙන්වන්නේ  තරංග විවිධ කාණ්ඩ වලට බෙදා ඇති ආකාරය  සහ ඒ බෙදා ඇති කාණ්ඩ අපි පාවිච්චි කරන්නේ මොන දේවල් සඳහාද කියල. ඊට පහලින් පෙන්වල තියෙන්නේ සැටලයිට් සඳහා බෙදල තියෙන තරංග පන්තීන්. මෙයින් අප දැනට C බෑන්ඩ් එක සහ Ku බෑන්ඩ් එක TV චැනල් සඳහා අපේ රටෙත් පාවිච්චි කරනවා. C බෑන්ඩ් එක සඳහා ඕගොල්ලෝ දැකල ඇති ලොකු dish ඇන්ටනා හයි කරලා තියෙනවා. නමුත් Ku බෑන්ඩ් එක සඳහා පොඩි dish එකක් උනත් ඇති . dialog TV එහෙම දෙන්නේ Ku බෑන්ඩ් එකෙන් .




Circuit සර්කිට් ගැන හොයන අයට




ඉස්සෙල්ලම උඩ මෙනු එකේ තියන තොරතුරු තාක්ෂණය කියන තැනට ගිහිල්ල එකේ පහල ඇති සර්කිට් මේනියා කියල එකක් එක ඔබන්න. ඊට පස්සේ මීඩියාෆයර් ෆයිල් එකක් ඩවූන්ලෝඩ් කරන්න එයි. එක ඩවූන්ලෝඩ් කරලා ඕපන් කරල බලන්න බඩු ගොඩායි හැබැයි ෂිප් කරලා තියෙන්නේ. තව එකේ තියනවා වර්ඩ් ෆයිල් වගයක් ඒවායේ ඒ ගැන විස්තර තියනවා. (ඒ ෆයිල් office 2010 දාගන ඕපන් කරන්න)
එහෙමත් නැත්තම් පහල තියෙන ඉර (සුර්යා ) ඔබන්න 







The RF Spectrum ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය





Frequency RangeClassification
3 - 30 kilohertz
30 - 300 kilohertz
300 - 3000 kilohertz (3 megahertz)
3  - 30 megahertz
30 - 300 megahertz
300 - 3000 (3 gigahertz)
3 gigahertz - 30 gigahertz
300 - 3000 gigahertz
Very low frequencies (VLF)
The long wave band (LW)
The medium wave band (MW)
The short wave band (SW)
Very high frequency band (VHF)
Ultra high frequency band (UHF)
Super high frequency band (SHF)
Microwave frequencies


මෙතනින් එහාට ඇති තරංග පද්ධති තමයි අධෝරක්ත කිරණ නොහොත් INFRARED දෘශ්‍ය කිරණ නොහොත් විසිබල් ලයිට් එක්ස් කිරණ නොහොත් XRAY 

FrequencyWavelengthDesignationAbbreviation[5]
3 – 30 Hz105 – 104 kmExtremely low frequencyELF
30 – 300 Hz104 – 103 kmSuper low frequencySLF
300 – 3000 Hz103 – 100 kmUltra low frequencyULF
3 – 30 kHz100 – 10 kmVery low frequencyVLF
30 – 300 kHz10 – 1 kmLow frequencyLF
300 kHz – 3 MHz1 km – 100 mMedium frequencyMF
3 – 30 MHz100 – 10 mHigh frequencyHF
30 – 300 MHz10 – 1 mVery high frequencyVHF
300 MHz – 3 GHz1 m – 10 cmUltra high frequencyUHF
3 – 30 GHz10 – 1 cmSuper high frequencySHF
30 – 300 GHz1 cm – 1 mmExtremely high frequencyEHF
300 GHz - 3000 GHz1 mm - 0.1 mmTremendously high frequency
THF




උඩ තියෙන වගුවේ වේව්ලේන්ත් (wave length) වශයෙන් දක්වල තියෙන්නේ තරංගයක උස් වූ මුදුන් (Amplitude) දෙකක් අතර දුර ප්‍රමාණයයි එය ග්‍රීක් අකුරක් මගින් පෙන්නුම් කරනවා (ලැම්ඩා) අඩු තරංග පංතියකදී එය වැඩි වන අතර වැඩි තරංග පංතියකදී එය අඩු වේ.



Operational Amplifier (Opamp)



ඔන්න ඉතින් අදත් කොර වෙන එකක් ගෙනාව. කතන්දරේ නම් ලොකු දෙයක් නෑ .කවුරුත් දන්නා ඔප්ඇම්ප් ගැන. ඔප්ඇම්ප් වල හරි තේරුම ඇවිල්ල ඔපරේෂනල් අැම්ප්ලිෆයර් නමුත් අපි ලේසියට කියන්නේ ඔප්ඇම්ප් කියල. ඉතින් මේකෙන් කෙරෙන්නේ මොකද්ද කියල කෙටියෙන් කිව්වොත්,මේක ගොඩක් ඇනලොග් සර්කිට් වලට දානවා. අනික මේක කෙලින්ම පාවිච්චියට ගන්න පුළුවන්.මේක DC සඥාවක් වර්ධනය කිරීමට කෙලින්ම යොදාගත හැකියි. ඒ වගේම සඥා පුළුල් කිරීමටත් යොදාගත හැකියි.තවද සඥා පෙරීමට ඒ කියන්නේ Filter කිරීමට ,ගණිතමය වශයෙන් එකතු කිරීමට අඩු කිරීමට,සංකලනය කිරීමට, අවකලනය කිරීමට වගේ ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුළුවන්.ඉතින් ඇත්තටම ඔප්ඇම්ප් ඇවිල්ල අඩුමිලකට ගන්න පුළුවන් අැම්ප්ලිෆයර් IC එකක් . Hi gain එකක්,Hi Input impedance එකක්, Low impedance එකක් මේ තුලින් ලබාගන්න පුළුවන්.

මුලික විස්තරය 

ඔප් ඇම්ප් එකක සංකේතය තමයි පහල රූපෙන් පෙන්වල තියෙන්නේ. එකේ පෙන්වල තියනවා ඉන්පුට් දෙකක් + සහ - කියල. අපි + ඉන්පුට් එකට සඥාවක් දුන්නොත් ඒකම අපිට අවුට්පුට් එකෙන් ලබාගත හැකියි. නමුත් - ඉන්පුට් එකේදී Phase එක 180 අංශක ගණනකට සඥාව අපවර්තිත එහෙමත් නැත්නම් යටිකුරු අකාරයකට තමයි ලැබෙන්නේ. ඉතින් + ඉන්පුට් එකට අපි කියනවා Non Inverting ඉන්පුට් කියල. ඒ වගේම - ඉන්පුට් එකට කියනවා Inverting ඉන්පුට් කියල. මෙතැනදී වෝල්ටීයතාව වෙනස් වෙනවා ඉන්පුට් දෙකේම. ඒ නිසා අපි මේකට කියනවා Differential Amplifier කියල . දැන් ඇති තව මේ ගැන ඉදිරියට ...........





General Theory of Electronics




හා හා දැන් බලමු කාටද මන් කියන දේවල් තේරෙන්නේ කියල. මේක දන්නා අයට නෙවෙයි නොදන්නා අයට. හරි දැන් ඉංග්‍රීසි හෝඩියේ මුල අකුර A නේ. බලමු A වලින් පටන් ගන්න එකක් ගැන.

01

AMPLIFIER
ඇම්ප්ලිෆයරයක් කියන්නේ මොකක්ද  පිළිතුර කෙටියෙන් ....විදුලි සඥාවක බලය හෝ වෝල්ටීයතාව වැඩි කරන උපකරණය. ඒවා යොදන තැන් විවිධාකාරයි.

AUDIO VOLTAGE amplifier
අපේ කනට ඇහෙන තරංග පරාසය ඇවිල්ලා 20Hz ඉඳල 20KHz නේ. ඉතින් මේ පරාසයේ සඥාවල Amplitude එක එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවනම් විස්තාරය ඉතින් මේක වැඩි කරන්න මේන් ඇම්ප් එකට පෙර යොදනවා ප්‍රී ඇම්ප් එකක්. එකේදී කරන්නේ ඕඩියෝ වෝල්ටේජ් එක වැඩි කරන එක. දැන් හරිනේ ඒ කතන්දරේ.

AUDIO POWER amplifiers
ඕඩියෝ පවර් එක කියන්නේ අපි දන්නවා ස්පීකරයක් වැඩ කරවන්න බලයක් ඕන. එම බලයට තමයි කියන්නේ ඕඩියෝ පවර් එක කියල.එම බලය සපයන්නේ මේන් ඇම්ප් එකකින් .

INTERMEDIATE FREQUENCY (i.f.) amplifiers
ඔන්න සමහරුන්ට මේක තේරුම් ගන්න අමාරු වෙයි. අයි එෆ් නොහොත් ඉන්ටර්මීඊඩියෙට් ෆ්රිකුවෙන්සි. ඔබ දන්නවා AM හරි FM හරි ගුවන් විදුලි යන්ත්‍රයක තරංග ග්‍රහණය කරගන්නේ හයි ෆ්රිකුවෙන්සි කියල ඒ කියන්නේ MW හරි VHF තරංග ඒවා අපේ කණට ඇහෙන්නේ නෑ .මොකද ශබ්ද තරංග සාමාන්‍යයෙන් දුර ගමන් නොකරන නිසා දුරගමන් කරන තරංග මත පටවල තමයි දුරට ගෙනියන්නේ. මම මේක මිට පෙර පෝස්ට් එකකත් කියල ඇති. ඉතින් මේ තරංග මධ්‍යම තරංග හරි VHF තරංග අපේ කනට ඇහෙන තරංග බවට පත් කිරීමට පෙර අතරමැදි තරංගයකට පත් කරගන්න ඕන. AM නම් 455KHz වලට පරිවර්තනය කරගන්න ඕන FM වලදිනම් 10.7MHz වලට පරිවර්තනය කරගන්න ඕන.එතැනදී තමයි හයි ෆ්රෙකුවෙන්සි අයින් කරලා අපේ කනට ඇහෙන තරංග වෙන් කරගන්නේ.තවත් එකක් හොඳින් මතක තියාගන්න AM හරි FM හරි කියන්නේ තොරතුරු ගෙන යන ප්‍රධාන තරංගයට අපට ඕන තොරතුරු එක කරන ක්‍රමය. AM නම් ප්‍රධාන තරංගයේ විස්තාරය එහෙමත් නැත්නම් amplitude එක වෙනස් කිරීමෙන් FM නම් ප්‍රධාන තරංගය වෙනස් කිරීමෙන් තමයි අපට අවශ්‍ය තොරතුරු ගෙන යන්නේ. එකත් හරි ඊ ලඟට එකට යමු. 

RADIO FREQUENCY amplifiers
මේකෙන් කරන්නේ තෝරගත්ත ගුවන් විදුලි තරංග පන්තිය වර්ධනය කිරීම ඕගොල්ලෝ දන්නවා 30KHz ඉඳල දහස් ගණන් MHz වලට යනකම් තරංග තියනවා කියල.ඉතින් ඒවා එකෙක තරංග පන්තිවලට කඩලා තියනවා කියලත් දන්නවා.ඉතින් ඒ නියමිත තරංග පන්තිය පමණක් පාවිච්චියට ගන්න Band Pass Filter දානවා කියලත් දන්නවනේ.

WIDE BAND amplifiers
වයිඩ් බෑන්ඩ් කියන්නේ සාමාන්‍ය Hz වල ඉඳල MHz වෙනකම් ඇති තරංග පරාසය වර්ධනය කරන අැම්ප්ලිෆයර් 
                                                                 VIDEO amplifiers
කව්රුත් මේ ගැන දන්නවනේ වීඩියෝ සිග්නල් එකක් වර්ධනය කර ගන්න  අැම්ප්ලිෆයර් එකක් කියල.
                                                                   
 DIRECTLY COUPLED amplifiers
මේ වර්ගේ  අැම්ප්ලිෆයර් වල ස්ටේජ් දෙකක් අතර සම්බන්ද කරන කප්ලින් කෑපසිටර් නෑ.එම නිසා DC සඥාව හොඳින් වර්ධනය කරගන්න පුළුවන්.

DIFFERENTIAL amplifiers 
ඉන්පුට්  දෙකක් සහිතයි මේ වර්ගයේ අැම්ප්ලිෆයර්. ඉතින් ඒ ඉන්පුට් දෙකේම වෝල්ටීයතාව වර්ධනය කිරීම තමයි මේකෙන් කරන්නේ විශේෂයෙන්  OPAmp පාවිච්චි කරනවා මේ සඳහා.



02

Amplitude Modulation Tutorial

ඕගොල්ලෝ ඔයාලගේ ගෙදර තියෙන ඇම්ප් එකේ අවුට් පුට් වයර් ස්පිකර් වලින් ගලවල සැහෙන්න දිගට දාල තවත් ඇම්ප් එකක් අරගෙන එකේ ඉන්පුට් වයර් දිගට දැම්මොත් ඇම්ප්  දෙක අතර කිසිම සම්බන්දයක් නැතිව කෙටි දුරක ඉඳල පස්සේ දාපු ඇම්ප් එකෙන් පළමු ඇම්ප් එකේ ප්ලේ බැක් වෙන ම්යුසික් අහන්න පුළුවන් හැබැයි මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැතිව. නමුත් මේක්‍රමය අත්හදා බලන්නේ කල්පනාවෙන් මොකද අවුට් පුට් වයර් නිකන් තියන ඇම්ප් එක පිච්චෙන්න පුළුවන් 

AMPLITUDE MODULATION Wave Diagram
ගුවන් විදුලි තරංග විසුරුවා හරින්න පුළුවන් දිගු දුරකට එක ඕගොල්ලෝ දන්නවා.අපගේ ශබ්ද තරංග ඒ ගු.වී තරංග මත පටවල ඕන දුරකට අරගෙන යන්න පුළුවන් මේකට කියන්නේ MODULATION කරනවා කියල. සිංහලෙන් නම් කියන්නේ මුර්ජනය කරනවා කියල.
ඒ රැගෙන යන ගු.වී. තරංග වලට අපි කියන්නේ CARRIER.FREQUENCY එක කියල 
ශබ්ද තරංග වලට කියනවා MODULATION.
ඉතින් ඒ CARRIER.FREQUENCY එකට පටවල ගෙනියපු ශබ්ද තරංග එකෙන් අයින් කර ගන්න එකට අපි කියනවා DEMODULATION.කියල.

පහල තියෙන රුප සටහන බලපුවහම තේරෙයි ටිකක් CARRIER.FREQUENCY එකට ශබ්ද තරංග MODULATE කරපුවහම ඒ තරංගයේ   amplitude එක නොහොත් විස්තාරය වෙනස් වී ඇති ආකාරය
මේ රුපයේ  50%යි MODULATE කරලා තියෙන්නේ 100% ට 100% ක් කලොත් distortion නැත්නම් අනවශ්‍ය ශබ්ද එකතු වෙන්න ගන්නවා.
AMPLITUDE MODULATION - Unmodulated Peak Trough Diagram
ගොඩක් විසුරුවා හරින මද්‍යස්ථාන 80% දක්වා සීමා කරනවා මේ MODULATION එක 
Modulate කිරීමේදී carrier frequency එක එක්ක ශබ්ද තරංග නිපද වෙනවා අලුත් තරංගයක්. ඔන්න දැන් අලුත් කතන්දරෙකට මුල පුරනවා .ඉතින් මේ අලුතෙන් හැදුන තරංගය  හඳුන්වනවා upper and lower SIDEBANDS කියල. upper SIDEBAND කියන්නේ carrier frequency ප්ලස් (+) audio frequency. lower SIDEBAND කියන්නේ carrier frequency මයිනස්  (-) audio frequency
ශබ්ද තරංග ඇවිල්ල තනි තරංගයක් නෙමයි. නමුත් පරාසය ඇවිල්ල 20Hz ඉඳල 20KHz දක්වා. හැම sideband එකක්ම ඔය පරාසය තුල තියෙන්නේ. 
AMPLITUDE MODULATION - Carrier - Lower SideBand - Upper Side Band Diagram
ඕගොල්ලෝ දැකල නැතුව ඇති මධ්‍යම තරංග රේඩියෝ එකක් ටියුන් කරනකොට  ඒවා ස්ථාන ගත කරලා තියෙන තැන් වල ගොඩක් අවට ඉඩ ප්‍රමාණයක් තියල තියනව.බෑන්ඩ් එකේ ස්පේස් එක අනුව මේකට අපි කියනවා signal BANDWIDTH එක කියල මේ ඉඩ ප්‍රමානය ගන්නේ upper සහ  lower sidebands අනුව එකට උදාහරණයක් තියෙනවා ඉහල රුප සටහනේ CARRIER FREQUENCY එක දෙපැත්තේ upper සහ  lower sidebands
එක ස්ටේෂන් එකකින්  විසුරුවා හරින තරංග සහ අනෙක අතර ඉඩ ප්‍රමාණය 40KHz ස්ටේෂන් 12 ක් අතර දල වශයෙන් 500KHz විතර නමුත් මේ BANDWIDTH එක ලිමිට් කරලා තියනවා 9KHz වලට ශබ්ද තරංග වල කොලිට්  එක ගැන හිතල 
ස්ටේෂන් දෙකක් අතර ඉඩ අඩු උනොත් sidebands මික්ස් වෙලා විෂිල් ඇති වෙනවා. අපි එකට කියනවා HETERODYNEwhistles කියල.
ඉතින් මේ sidebands දෙකේම ගෙනයන්නේ එකම තොරතුරු.එක sideband එකක් අයින් කරන්නත් පුළුවන් BANDWIDTH එක අඩු කර ගන්න. අපි එකට කියනවා SSB කියල single sideband transmission කියල ............................. හම්මෝ දැන් ඇතිනේ මොලේ කුරුවල් වෙනවා නේ.


                                  03

Averages Tutorial

ඔන්න ඉතින් නොදන්නා කෙහෙල්මලක් වගේ තව එකක් අදාල ගත්ත.මේක ඇවිල්ල යම් කිසි දෙයක ඇවරේජ් වැලිව්  එක එහෙමත් නැත්නම් මධ්‍ය අගය සොයන විදිහ. අපි උදාහරණයක් ගත්තොත්.මේ තියන ඉලක්කම් සෙට් වල මාධ්‍ය අගය සොයන්න කිව්වොත් බලමු කොහොමද එක කරන්නේ කියල 30+12+24 බෙදනවා 3න් සමානයි 66/3=22 ඉතින් ඇවරේජ් වැලිව්  එක 22 යි.
හරි මේක බලමුකෝ මාසෙකට කොහොමද එන දවස් ගානේ ඇවරේජ් වැලිව් එක කීයද කියල. මුලින්ම අපි එකතු කරමු හැම මාසෙකටම එන දවස් ගාන. ඊට පස්සේ මාස  ගානෙන් ඒ එන උත්තරය බෙදමු එන උත්තරේ තමයි ඇවරේජ් වැලිව් එක 365බෙදනවා 12න් = 30.416



04
Circuit Diagrams Tutorial
 සර්කිට්  ඩයග්‍රැම් ඇවිල්ල එකම ක්‍රමයකට තමයි ලෝකේ ඉලෙක්ට්‍රොනික් උපකරණ සඳහා පාවිච්චි කරන්නේ. ඒ හැම එකක්ම BS3939 කියන ස්ටෑන්ඩර්ඩ් එකේ සර්කිට් සිම්බල් හැටියටයි ගණන් ගන්නේ.
CIRCUIT DIAGRAMS
සර්කිට් ඩයග්‍රෑම් වලින් පුළුවන් ඕනෑම සර්කිට් හැදිල තියන ආකාරය එහි අඩංගු මොන උපකරණද එකේ එක එක කොටස් වලට දිය යුතු විදුලිය ප්‍රමාණය ගැන පැහැදිලිව දැනගන්න. අනික එක එක කොටස් පිළිබද පැහැදිලිවම දැනගන්න පුළුවන්.
හැම සිම්බල් එකක්ම එක ආකාරයකට පෙන්වන්නේ ඒ කියන්නේ රෙසිස්ටර් ගත්තොත් සිම්බල් එක (සංකේතය) එකම විදිහයි. නමුත් ඒවායේ අගයන් පෙන්නුම් කරන්නේ එහි මතුපිට ඇති කලර් කෝර්ඩ් එකෙන්. කැපසිටරුත් එහෙමයි.
9 Volts DC Stabilised Power Supply UNit CIRCUIT DIAGRAMS