මා ගැන

   මගේ උපන් ගම වුනේ අනුරාධපුරේ නොච්චියාගම. ඒ කාලේ හරිම සුන්දර ගමක්. දැන් නම් ජනගහනය වැඩිවෙල ඒ සුන්දරත්වය නැතිවෙල. වැඩි හරියක් ඉන්නෙ මුස්ලිම් ජාතිකයො. ඉතින් මට මතකයි තාත්තගෙ අතේ එල්ලිල මුලින්ම නොච්චියාගම විද්‍යාදර්ශ විද්‍යාලෙට ගිය දචස.මගේ වාරය එනකම් හිටිය ලොකු ප්‍රින්සිපල්ට බුලත් දෙන්න. මේ අතරතුර ලග තිබුන ටයිප් රයිටරයක බොත්තමක් එබුවෙ කාටත් නොදැනෙන්න. ඒත් ටකස් .... සද්දෙට තාත්ත මගෙ මූණ දිහා බැලුවෙ ඒකට ආයෙ අත තියන්න එපා කියනව වගේ.මට මතක විදියට ඒ ඉස්කෝලෙට ගියේ මාස හතරක් වගේ මාව අස්කරල අපේ තත්තගෙ ගමේ ඒ කියන්නේ බෙල්ලන අගලවත්තේ මිහිදු මහා විද්‍යාලෙට දැම්ම . එතනින් පස්සෙ මට නිතරම හිතුන දෙයක් තමයි මම තනිවුනා වගේ මොකද මගේ සහෝදරයෝ මගෙන් ඈත් වුනා මගේ අම්මයි තාත්තයි ඈත්වුනා. ඊට පස්සෙ මාව දැම්ම මීගමුව කොච්චිකඩේ පලඟතුරේ මහා විද්‍යාලෙට එතනින් පස්සෙ අනුරාධපුරේ ශාන්ත ජෝෂප් විද්‍යාලෙට එහෙදි තමයි මගෙ ස්කෝල ජීවිතයෙ අවසානය .ඉතින් මම දන්නව මගෙ අම්මයි තාත්තයි මෙහෙම කලේ මට වැඩිදුර අධ්‍යාපනය ලබා දෙන්න කියල. ඒත් මම ඒකට එකඟ නෑ මොකද මගෙ සහෝදරයොත් එක්ක එකට සෙල්ලම් කරපු විදිය මට මතක් වෙනවා. ඒ වගේම මට මගේ සුන්දර අතීතය ආයෙ එන්නෙ නෑ.ඉතින් ඊට පස්සෙ කම්පියුටර් හාර්ඩ් වෙයාර් ඉන්ජිනියරින් කලා හයර් ටෙක් එකේ ඊට පස්සෙ වීඩියෝග්‍රැපි කලා ටෙලිවීව් එකේ ඒ කාලෙ අපේ සර් තමයි රූපවාහිණි ඉන්ජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් රොහාන් පෙරේරා සර් . එහෙම කියන්නෙ ගොඩක් ආඩම්බරෙන් මොකද ඉලෙක්ට්‍රොනික් ගැන ගොඩක් දේවල් මම එයාගෙන් දැනගත්ත.ඊට පස්සෙ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් කලා ගුවන් විදුලි සංස්ථාවෙ අපි තමා පලමු වෙනි බැජ් එක .ඉතින් එහෙදිත් ගොඩක් දේවල් ඉගනගත්ත. විශේෂයෙන් මතක් කරන්න ඕන ප්‍රියදර්ශන සර් කොලඹගේ සර් යන අය. ඉතින් මේ අතරතුරේ තමයි මගෙ යාලුව තාරක සෙනරත් හමුවුනේ ඔහුගෙන් මම ඉගෙනගත්ත දේවල් අප්‍රමාණයි  ඇඩෝබෙ ප්‍රිමියර් වලින් වීඩියෝ එඩිටින්,ඇඩෝබෙ පොටෝෂොප්,කොරල් ඩ්‍රෝ,ඇඩෝබෙ ආෆ්ටර් ඉෆෙක්ට්ස් වගේ දේවල්. ඇත්තටම ඔහුත් මට ගුරුවරයෙක් උනා. ඉතින් මේ කථාව කිව්වෙ මේකෙනුත් ඔයගොල්ලන්ට ඉගනගන්න යමක් ඇතියි හිතල.. ඔබට ජය ............මම    රෝහණ වෑත්තෑව

0 comments: