EMF Shield Protector කොම්පියුටර් කේබල්වල ඇයි ගෙඩියක් වගේ කෑල්ලක් තියෙන්නේ
ඉතින් ගොඩ කාලෙකින් පොඩි පොස්ට් එකක්.සමහර පවර් කෝඩ් වල මොකද්ද මේ සිලින්ඩරාකාර ගෙඩියක් වගේ තියෙන්නේ.අනික කුමක් සඳහාද මේක තියෙන්නේ.මේවා තියනවා ලැප්ටොප් චාජර් ,USB කෝඩ් ,මොබයිල් චාජර් කේබල් ,ප්‍රින්ටර් කෝඩ් ,මොනිටර් කෝඩ් ,මෞස් සහ කී බෝඩ් කබල් යනාදිය. ඔබ දැකල ඇති .ඉතින් මම කියන්න යන්නේ මේක පිටුපස ඇති කතාව.
මේක ඇවිල්ල ෆෙරයිඩ් කියන ලෝහයෙන් හදපු පොඩි සිලින්ඩරයක්.ඉතින් මේ ලෝහ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර වලට ගොඩක්ම බලපාන ලෝහයක්. අපි දන්නවා මෙම කේබල් වල ප්ලාස්ටික් ආවරණයට යටින් ඒ වටා graund ආවරණයක් තියනවා කියල .අනික ඔබ දන්නවා කේබලයක කරන්ට් පාස් වෙනකොට ඒ වටා EMF එකක් ඇති වෙනවා. මොකද්ද EMF කියන්නේ. Electromotive Foce, නැත්නම් ගුවන් විදුලි තරංග පිටවීමක්. ඒක ඇත්තටම අපට අනවශ්‍ය නොයිස් එකක්.මේකේ බලපෑම ඇති කරනවා ගුවන් විදුලි යන්ත්‍ර වැනි දේවල්වල නිසි ක්‍රියාකාරිත්වයට .ඇත්තටම එම යන්ත්‍ර වලින් ශ්‍රවණයට භාධා පමුණුවනවා.ඉතින් මේ පොඩි ෆෙරයිට් කෑල්ලෙන් මේ අනවශ්‍ය බාධා සහිත තරංග නිකුත්වීම නවත්වනවා . හරි නේද ?
0 comments: