ADSL Splitter ගැන ඉගනගමු
මොකක්ද මේ ADSL Splitter කියන්නේ මේකේ ඉංග්‍රීසි තේරුම නම් මේකයි. Asymmetric digital subscriber line (ADSL) ඇසිමේට්රික් ඩිජිටල් සබ්ක්රිබර් ලයින්. මේ මගුල මෙහෙම කිව්වට තේරෙනවය නේද. හරි ඔබ දන්නවා අපි පාවිච්චි කරන සාමාන්‍ය ටෙලිෆෝන් ලයින් එක දිගේම තමයි ඉන්ටෙර්නෙට් සේවාවත් එන්නේ මේකෙදි ඉන්ටෙර්නෙට් සඳහා වේගයෙන් දත්ත හුවමාරු වෙනවා.සාමාන්‍ය ටෙලිෆෝන් කෝල් වලදී අපි පාවිච්චි කරන්නේ අපේ කතා හුවමාරුව සඳහා තරංග පංතිය හර්ට්ස් 300 සිට 3400 අතර.ඒ කියන්නේ අපේ ගෙදර ටෙලිෆෝන් එකේ ඉඳල එක්ස්චේන්ජ් එක අතර.ඉතින් ඉන්ටෙර්නෙට් සඳහා ඉතාමත් වේගවත් දත්ත හුවමාරු කිරීමක් තිබිය යුතුයි. නැත්නම් අපි ඉන්ටෙර්නෙට් හරහා විධානයක් දීල එකට පිළිතුරු ලැබෙනකම් ඔහේ බලා සිටිය යුතුයි.ඒ කියන්නේ වෙලා ගන්නවා . එක නිසා තමයි ඒ සඳහා 25 කිලෝහර්ට්ස් (25Khz) සහ 1.1මෙගා හර්ට්ස් (1.1Mhz) අතර තරංග පන්තිය පාවිච්චි කරන්නේ .තවත් එකක් වොයිස් කෝල් වලදී ඉම්පිඩන්ස් එක 600ඕම්ස් ඉන්ටෙර්නෙට් සඳහා සාමාන්යෙන් 100ඔම්ස් තමයි පාවිච්චි වෙන්නේ . එකට හේතුව තමයි එකම වෙලාවේ ටෙලිෆෝන් කෝල් එකත් ඉන්ටර්නෙටුත් පාවිච්චි කරන්න පුළුවන්. මේ සඳහා ඇති තරංග පන්ති කිසි විටෙකත් ඕවර්ලැප් වීමක් ඒකියන්නේ එකිනෙකට මිශ්‍ර වී එකකින් අනෙකට භාධාවන් ඇති වෙන්නේ නෑ. ඉතින් මේ තරංග පන්ති දෙක වෙන වෙනම වෙන් කර ගන්න තමයි ADSL ස්ප්ලිටර් එක දාන්නෙ. ඇත්තටම මේ ඒ ඒ තරංග පන්තින් වෙන වෙනම පෙරලා දෙන ෆිල්ටරයක්. දැන් තේරුනානේ.
0 comments: