Satellite Theory සැටලයිට් ගැන ටිකක් දැනගමු
මොකක්ද මේ සැටලයිට් එක කියන්නේ. එක ඉලෙක්ට්‍රොනික කොටස් වලින් හැදුන උපකරණයක්. මේක මිනිසා විසින් හදල තියෙන විස්මිත උපකරණයක්. හැබැයි මේක පොඩි පහේ සුළුපටු එකක් නම් නෙමෙයි.අනික මේක ස්ථාන ගත කරලා තියෙන්නේ පොළොවේ ඉඳල හෙන දුරකින් , කි.මී.23000 කට වඩා . ඉතින් මේ දුර වෙනස් වෙනවා එක එක රටවල් වලට වැඩි ප්‍රයෝජනයක් ලැබෙන විදියට කක්ෂගත කරන විට.කක්ෂගත කරනවා කියන්නේ පොලවේ ගුරුත්වාකර්ෂණය නැති ඉහල අහසේ වායු ගෝලයෙනුත් පිට ස්ථාන ගත කිරීමට. එහෙම කිව්වට මේක එකම ස්ථානයක තියෙන්නේ නෑ.අපේ පෘතුවියත් එක්ක මේකත් වක්‍රාකාරව කැරකෙනවා. එතකොට ඔයාල හිතයි මේකට කැරකෙන්න බලයක් ඕනවෙන්නේ නැද්ද නැත්නම් කැරකිලා ඉවර වෙලා නවතින්නේ නැද්ද කියල. නෑ එහෙම නෑ. ඒ කරකැවෙනකොට ඊට විරුද්ධ බලයක් නැති විට ඔහේ කරකැවී කරකැවී තියෙනවා හරියට අපේ පෘතුවිය කැරකෙනවා වගේ. ඉතින් මේ විස්මිත උපකරණය ගැන මුලින්ම ලෝකෙට අනාවැකි කිව්වේ ලංකාවේ කෙනෙක් කියල කිව්වොත් ඕගොල්ලෝ පුදුම වෙයි. ඇත්ත එකයි. ලංකාවේ ඉපදුනේ නැති උනාට ලංකාවේ තමයි ජීවත් උනේ . නම ආතර් සී ක්ලාර්ක්. එයා තමයි බ්‍රිතාන්‍ය සඟරාවකට මුලින්ම මේක ගැන අනාවැකිය කිව්වේ. තව හෙට මේ ගැන මට නිදිමතයි ......
ඉහල රුපයේ පෙන්වන්නේ තරංග විවිධ කාණ්ඩ වලට බෙදා ඇති ආකාරය සහ ඒ බෙදා ඇති කාණ්ඩ අපි පාවිච්චි කරන්නේ මොන දේවල් සඳහාද කියල. ඊට පහලින් පෙන්වල තියෙන්නේ සැටලයිට් සඳහා බෙදල තියෙන තරංග පන්තීන්. මෙයින් අප දැනට C බෑන්ඩ් එක සහ Ku බෑන්ඩ් එක TV චැනල් සඳහා අපේ රටෙත් පාවිච්චි කරනවා. C බෑන්ඩ් එක සඳහා ඕගොල්ලෝ දැකල ඇති ලොකු dish ඇන්ටනා හයි කරලා තියෙනවා. නමුත් Ku බෑන්ඩ් එක සඳහා පොඩි dish එකක් උනත් ඇති . dialog TV එහෙම දෙන්නේ Ku බෑන්ඩ් එකෙන් .
0 comments: