Sound සවුන්ඩ් ගැන ටිකක් දැනගමු
මේ ලිපියෙන් අද මම කියන්න යන්නේ සවුන්ඩ් ගැන. ඒ කිව්වේ අපි එදිනෙදා පාවිච්චි කරන ශබ්ද උපකරණ බෆල් ඇම්ප්ලිෆයර් වගේ උපකරණ වලට වැදගත් වෙන කරුණු ටිකක් ගැන.
මුලින්ම අපි කතා කරමු ස්පීකර් ගැන.එකනේ අපිට වඩාත්ම සමීප උපකරණය.ඉතින් මේ ස්පීකර් විවිධ ආකාරයෙන් තියනවා. ඒවායේ වොට්ස් ගණන් වල වෙනස් කම් ඉම්පිඩන්ස් වල වෙනස්කම් ඒවගේම ප්‍රමාණයෙන් ඒවා සවි කරන ක්‍රම විධි. මේ හැම එකක්ම ගැන සුළුවෙන් හරි දැනගෙන හිටියොත් අපිට හොඳයිනේ.
Impedance
හරි දැන් බලමු ස්පීකරයක ඉම්පිඩන්ස් එක ගැන. ඔයාල දැකල ඇති ස්පීකර් වල පිටිපස්සේ කාන්දමේ ඒ කියන්නේ magnet ගහල තියනවා 2ඔම්ස් 4ඔම්ස් 8ඔම්ස් කියල. ඉතින් ඔයාල හිතයි. ඒ ඇවිල්ල ස්පීකරය තුලින් විදුලිය ගමන් කරන විට ඊට ඇති වන ප්‍රතිරෝධය (Resistance) ඔම්ස් මෙච්චරයි කියල. නමුත් හරියට නම් එක නෙමෙයි එයින් අදහස් කරන්නේ. ස්පීකරයක් කියන්නේ භව්තික උපකරණයක්.ඇත්තටම එක තුලින් ගමන් කරන විදුලි සැර එහෙමත් නැත්නම් electrical current එක. හරි මම දැන් සරලව කියල දෙන්නම් මේක ගැන. අපි හිතමු අඟලක වතුර බටයක් තියෙනවා කියල. එක තුලින් වතුර ගලාගන යනවා කිසිම අපහසුවක් නැතුව. අන්න එකට තමයි කියන්නේ නොමිනල් ඉම්පිඩන්ස් කියල.හරි අපි හිතමු ඒ වතුර බටේ කෙලවර අඟල් බාගෙට කුඩා කෙරුව කියල. මොකද වෙන්නේ වතුර පාර පිට වෙන්නේ ටිකක් සැරට ඒ වගේම බටේ තුල තෙරපීම වැඩ්යි. හරි බටේ කෙලවර අඟල් කාලට කුඩා කෙරුවොත්. පිටවෙන වතුර පාර තවත් සැරයි නමුත් බටය තුල ප්‍රෙෂර් එක වැඩි වෙනවා. සමහර විට බටේ පුපුරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ස්පීකරයේ ඉම්පිඩන්ස් එකත් ඇම්ප් එකේ ඉම්පිඩන්ස් එකත් හරියට මැච් කලේ නැත්නම්.අපිට නියම ප්‍රතිපල ගන්න බැරුව යනවා. අඩු ඉම්පිඩන්ස් එකකදී විදුලිය ස්පීකරය තුලින් ලෙහෙසියෙන් ගලාගෙන යනවා. වැඩි ඉම්පිඩන්ස් එකකදී එකේ අනෙක් පැත්ත. මතක තියාගන්න හැම විටම ඇම්ප්ලිෆයරයක් ගද්දි එයට මැච් වෙන ස්පීකර් ගත යුතුයි.නැත්නම් අර වතුර බටේ වගේ තමයි. වතුර බටේ ලොකු වෙලා පිටවෙන කට පුංචි වුනොත් බටේ පුපුරනවා,ඒ කියන්නේ ඇම්ප් එකේ වැඩිවෙලා ස්පීකර් අඩු වුනොත් ඇම්ප එකේ අවුට් පුට් ට්‍රාන්සිස්ටර් රත් වෙලා පිච්චෙනවා. අනිත් එක තමයි වැදගත්ම දේ ඕම්ගේ නියමය අපි ohms low කියල කියන්නේ. එක මෙතැනදී ඉතාමත් වැදගත්.ඉතින් මේකෙදි ඉලෙක්ට්‍රිකල් කරන්ට් එක සමානුපාතික වෙනවා වෝල්ටීයතවයට ඒවගේම එකේ අනෙක් පැත්ත සමානුපාතික වෙනවා ඉම්පිඩන්ස් එකට. ගණිතමය වශයෙන් බැලුවොත්
කරන්ට් (current) එක මනින්නේ ඇම්පියර් වලින් ඒ වගේම වෝල්ටීයතාව (volt) මනින්නේ වෝල්ට් වලින් ඉම්පිඩන්ස් (impedance) එක මනින්නේ ඔම්ස් වලින්. හරි අපි උදාහරණයක් ගමු.ඔබ දන්නවා ඇම්ප්ලිෆයර් එකකින් කරන්නේ සඥාවක් අරගෙන එක වැඩි කරලා පිට කරන එක. ඒ පිට කරන්නේ AC විදුලියක් වොල්ට්ස් 10 ක් පිටකරනවා 8 ඕම්ස් ස්පීකරයකට එතකොට ඉහත සමීකරණයට අනුව 10 බෙදීම 8 උත්තරය 1.25 යි. එකියන්නේ කරන්ට් එක ඇම්පියර් 1.25යි. අපි ඇම්ප් එකේ බලය වැඩි කලොත් වොල්ට්ස් 20 ට ස්පීකරයේ ඉම්පිඩන්ස් එක 8 ඔම්ස් නම් පිටවෙන කරන්ට් එක ඇම්පියර් 2.5 යි.මතක තියාගන්න ඉම්පිඩන්ස් වෙනස් නොකර වෝල්ටේජ් වැඩි කරනකොට ඇම්පියර් එක වැඩිවෙනවා අඩු කරනකොට ඇම්පියර් එක අඩුවෙනවා. ඕකයි සිද්ධාන්තය.හොඳයි අපි ඉම්පිඩන්ස් 4 ඔම්ස් කලොත් 10 වොල්ට්ස් වලදී කරන්ට් එක ඇම්පියර් 2.5 යි. දැන් තෙරුනානේ.
ඉතින් මේ කතන්දර ඔක්කොගෙන්ම කියන්නේ අපි පාවිච්චි කරන අම්ප්ලිෆයර් එකට ස්පීකර් මැච් කරන්නම ඕන ඉම්පිඩන්ස් එක වැඩි වෙන්න වැඩි වෙන්න ඇම්ප් එක මත පැටවෙන බර අඩුයි නමුත් ලබාගත හැකි වොට්ස් ගාන අඩුයි. ඉම්පිඩන්ස් එක අඩුවෙන්න අඩුවෙන්න ඇම්ප් එක මත පැටවෙන බර වැඩ්යි පිටවෙන වොට්ස් ගාන වැඩ්යි ශබ්දයේ අපැහැදිලිතාවයද ටිකක් වැඩ්යි. distrotion එක.
ස්පීකර් ඇමිනීමේදී ක්‍රම දෙකකට කල හැකියි පැරලල් සහ සීරිස් ක්‍රමයට.පහත රුප බලන්නකෝ.
මේ තියෙන්නේ පැරලල් ක්‍රමය. මේ ක්‍රමයේදී ඉම්පිඩන්ස් එක අඩු වෙනවා ඒ කියන්නේ ස්පීකරයක් 8 ඔම්ස් නම් 4 ඔම්ස් වලට අඩු වෙනවා.
මේ තියෙන්නේ සීරිස් ක්‍රමය. මේකෙදි ඉම්පිඩන්ස් එක වැඩි වෙනවා.
අපි ඉතුරු ටික හෙට බලමු .............
0 comments: