• ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පිලිබඳ මුල සිට අවබෝධය

    ඉලෙක්ට්‍රොනික් ඉගනගන්න සැමට විශේෂයෙන් පාසැල් සිසුනට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් සර්කිට් නොමිලයේ ඊ මේල් කර ඵවනු ලැබේ ඹබට අවශ්‍ය කුමන සර්කිට් ඵකක්ද යන වග සදහන් කර අප වෙත ඊ මේල් කරන්න

  • අනාගතයට මුහුණ දෙන්න ඉලෙක්ට්‍රොනික් ඉගනගන්න

    ලාංකික සැමට වැඩිපුරම සිංහල සරල බසින් ඉලෙක්ට්‍රොනික් සහ නව තාක්ෂණය පිලිබද ලිපි සහ පරිපත (සර්කිට්) ඊ මේල් මගින් සපයන එකම බ්ලොග් අඩවිය circuitlanka62.blogspot.com

  • නව ලොවකට නව තාක්‍ෂණය

    ඔබ ලග ඇති ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය පිලිබද ඇති විශේෂ ලිපි සහ පරිපථ අප වෙත ඊ මේල් කර ඵවන්න (ඔබගේ නම සදහන් කර) අප හැකි අයුරින් මෙම බ්ලොග් පිටුවේ පලකරනු ලැබේ...

  • ජීවිතයට අත්වැලක් ඉලෙක්ට්‍රොනික් ඉගනගන්න

    වර්තමානයේ සහ ඵලඹෙන අනාගතයේ අප සියලු දෙනාම යම් තාක් දුරට හෝ ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය පිලිබද දැනුවත් වී සිටිම ඉතාමත් කාලෝචිතය මන්ද අප හට පොරබැදීමට සිදුව ඇත්තේ එය සමගය...

Micro Power Battery Protector




ඔන්න පුතාල අද මම කියල දෙන්න යන්නේ සමහරෙකුට වැදගත් කියල හිතෙන සර්කිට් එකක්.රිචාර්ජබල් ඕනෑම බැටරියක් නියමිත ප්‍රමාණයට චාර්ජ් උනාම විදුලි සැපයුම නවතන සර්කිට් එකක්.හ්ම් ... බලමු කොහොමද හදන්නේ කියල හරිම සරලයි. උත්සහ කරලා බලන්න කොහොමද කියල. පහල තියනවා ඩයග්රම් එක .













ප්‍රධාන වාසි 
01.පෙර සැකසුමක් අනුව බැටරිය චාර්ජ් උන විගස විදුලිය විසන්දි  වීම
02.බැටරියෙහි විදුලිය අඩු උ විගස නැවත විදුලිය සම්බන්ද වීම 
03.ඉතාමත් අඩු විදුලියකින් ක්‍රියාත්මක වීම 
04.ප්‍රමාණය කුඩා වීම 
05. 10A උපරිම ධාරාවක් ගත හැකි වීම 
06.4.8V sita 12.5V දක්වා වෝල්ටීයතාව ගත හැකිවීම 
කුමන බැටරි සඳහාද 
වාහන බැටරි ,සිකුරිටි සිස්ටම් ,ඉමර්ජන්සි ලයිට්,කුඩා සෝලර්  පවර් සිස්ටම් සඳහා ,කැමරා බැටරි සඳහා යෝග්‍යයි.








Why Transformer Rating in kVA, Not in KW?




ඒක පොඩි කතන්දරයක් ට්‍රාන්ස්ෆෝමරයක් උනාම එකට විදුලිය දුන්නහම ඒ දෙන විදුලි 
බලයෙන් යම්කිසි ප්‍රමාණයක් ක්ෂය වෙනවා ඒ කියන්නේ විනාස වෙලා යනවා. ඒ මොනවටද 
දන්නවද? ට්‍රාන්ස්ෆෝමරය ඔතල තියෙන තඹ (copper) කම්බි වලට ඒ වගේම ට්‍රාන්ස්ෆෝමරය
 හදල තියෙන කෝර් එකට.කෝර් එක කියන්නේ යකඩ කුට්ටියට.ඉතින් කොපර් ලොස් එක සහ
 අයන් එහෙමත් නැත්නම් කෝර් ලොස් එක කියල තමයි අපි සාමානයෙන් හඳුන්වන්නේ.කොපර්
 ලොස් එක රඳා පවතින්නේ ට්‍රාන්ස්ෆෝමරයේ ගමන් කරන ඇම්පියර් එක මත ඒ වගේම කෝර් 
ලොස් එක ට්‍රාන්ස්ෆෝමරයේ වෝල්ටීයතාව මත තමයි රඳවා පවතින්නේ. ඉතින් සරලව කිව්වොත් ට්‍රාන්ස්ෆොමරයේ සම්පුර්ණ ක්ෂමතාව වෝල්ටීයතාව සහ ඇම්පියර් එක මත පිහිටන නිසා VA 
කියනවා (වෝල්ට් ඇම්පියර්). W යනු වොට්ස් එය කිලෝ වලින් කිලෝ වොට්ස් වේ එම නිසා KW 
යොදයි KW යනු බල ගුණිතයක්. ඒ කියන්නේ වෝල්ටීයතාව සහ ඇම්පියර් එකිනෙකට වැඩි 
කල විට ලැබෙන උත්තරය තමයි වොට්ස් කියන්නේ. ඉතින් මම හිතනවා මෙයි ටිකක් හෝ යමක් 
ඔයාල ඉගනගන්න ඇති කියල.මේකේ ඔයාලටත් හොයාගන්න යමක් තියෙනවා. බලන්න ඒ 
මොනවද කියල. 



How Mobile Phones Work මතකද? ගඩොල් බාගේ




ම්ම්ම් ..... අද නම් ටිකක් එ...රෙන සබ්ජෙක්ට් එකක් ඕගොල්ලොයි මමයි පාවිච්චි කරන සෙල් පෝන් වැඩ කරන ආකාරය පිලිබඳ. මුලින්ම කියන්න ඕන මේ පාඩම කොටස් කීපයකින් යුක්තයි. මොකද ඒ කොටස් මට නිවාඩු තියෙන වෙලාවට තමයි මේකේ පල කරන්නේ. එකට සමාවෙලා පොඩ්ඩක් ඇලට් එකේ ඉන්න.මොකද මමත් ජීවත් වෙන්න රස්සාවක් කරන්න ඕනනේ.

***හැඳින්වීම 
මුලින්ම අපි මොකද්ද සෙල් පෝන් එකක් කියන්නේ කියල බලමු.අපි අනෙක් අය සමග තොරතුරු හුවමාරු කරගන්න උපයෝගී කරගන්න අතේ ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික උපකරණයක්.මෙම උපකරණය මගින් ගුවන් විදුලි තරංග විසුරුවා හැරීමත් ඒ වගේම ගුවන් විදුලි තරංග ග්‍රහණය කර ගැනීමත් එක විට කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් විසුරුවා හැරීමට ට්‍රාන්ස්මිට් කරනවා කියන්නේ. ඒ වචනෙන් ට්‍රාන්ස් කියන වචනයත් ග්‍රහණය කරනවට කියන්නේ රිසීව් කරනවා කියල ඒ වචනයෙන් සීව් කියන එකත් අරගෙන තමයි ට්‍රාන්සීවර් කියලත් මේ උපකරණයට කියන්නේ නමුත් ඒ වචනය භවිතා වෙන්නේ නැ.කව්රුත් කියන්නේ සෙල් පෝන් කියල. ඒකට හේතුව තමයි. ගුවන් විදුලි තරංග විසුරුවා හැරීම සහ ග්‍රහණය ජාල ගතකරණය. එහෙම කිව්වහම ටිකක් තේරෙන්නේ නැ වගේ නේද.හරි බලමු ඊ ලඟට මොකද්ද කියල.


***ඉතිහාසය 
මෙහි ඉතිහාසය ගැන ගත්තොත් දෙවන ලෝක යුද්ද කාලෙට යනවා. ඒ කාලේ යුද්දය ඇති ප්‍රදේශ වල තොරතොරු හුවමාරුව සඳහා තමයි මුලින්ම යොදාගත්තේ. ඒ ඇවිල්ල 0G (0th Genaration). VHF තරංග පන්ති තමයි පාවිච්චි කලේ. නමුත් මේවා ඉතාමත් දෝෂ සහිත සහ අනවශ්‍ය ශබ්ද වලින් ගහන එකක් උනා.එකට හේතුව තමයි එක තැනක මෙම තොරතුරු හුවමාරු උපකරණය ක්‍රියාත්මක කල විට අනෙක් උපකරණ වලට පැමිණෙන සඥා බාධා වලින් ගහන වීම. මේකට උත්තරයක් 1947 දී ඇමෙරිකාවේ AT&T සමාගමේ Bell ලැබ් එක හොයාගත්ත.ඒක අද වර්තමානයේ භාවිත කරන හෙක්සගනල් සෙල් බේස් ස්ටේෂන් ක්‍රමය.ඔය උඩ පින්තුරෙන් පෙන්නලා තියෙන්නේ. හොඳට බලන්න තරංග විසුරුවා හරින සහ ග්‍රහණය කරන ස්ටේෂන් ස්ථාන ගත කරලා තිබෙන ආකාරය.ෂඩාශ්‍රාකාරයට (Hexagonal) තමයි ස්ථානගත කරලා තියෙන්නේ.හැම ස්ටේෂන් එකකම 6 ආකාරයට සිග්නල් ඕවර්ලැප් වෙන විදියට තමයි ස්ථාන ගත කරලා තියෙන්නේ.නමුත් 1960 වනතුරු මේ ක්‍රමය ඉතාමත් මන්දගාමි ස්වරුපයෙන් තමයි ඉදිරියට ආවේ.එකට හේතුව තමයි කෙනෙකු දුරකතනයක් එක තැනක සිට තවත් තැනකට එම දුරකථනය ක්‍රියාත්මක කරමින් ඒ කියන්නේ කෝල් එකක ඉඳගෙන යනවිට එම දුරකථනය හා සම්බන්ද බේස් ස්ටේෂන් එක සහ අනෙක් බේස් ස්ටේෂන් එක හා සම්බන්ද වෙන්නේ කොහොමද කියල. ඒ කියන්නේ පලවෙනි බේස් ස්ටේෂන් එකෙන් ඉවත්ව දෙවෙනි බේස් ස්ටේෂන් එක කරා යාමේදී දුරකථනය සහ බේස් ස්ටේෂන් අතර සම්බන්දය ගිලිහී යාම. හේතුව ඇනලොග් සඥා නිසා එකකින් අනෙකට මාරු නොවීම.මේකට පිළිතුරක් 1970 දී අමොස් ජොඑල් Bell Lab එකේම කෙනෙක් හොයාගත්ත. එකට කියන්නේ
(Call Handoff Feature) දුරකතනයේ සම්බන්දතාවය එක ස්ටේෂන් එකකින් අනෙක් ස්ටේෂන් එකට මාරු කිරීම.ඉතින් මුල්ම සෙල්පෝන් උනේ වාහන වලට හයි කරන පෝන්. පස්සේ 1973 දී මෝටරෝල සමාගමේ මාටින් කූපර් තමයි හොයාගත්තේ අපි දැනට පාවිච්චි කරන මොබයිල් පෝන් එක.හරියට අප්‍රේල් 03 වෙනිදා ලෝකෙම වෙනස් කල සෙල්පෝන් දුරකථන ඇමතුම දෙනු ලැබුවා.


මේ තියෙන්නේ ගඩොල් බාගේ ඉඳල සෙල් පෝන් පරිවර්තනය උන ආකාරය. නමුත් මෙතන නැ අද වෙනතෙක් උන පරිවර්තනය.

***අද භාවිතා කරන සෙල්පෝනයේ තාක්ෂණික පටන් ගැන්ම 
මුලින්ම 1G තාක්ෂණය පටන් ගත්තේ 2007 දී.ඒ කියන්නේ first genaration. මේ ක්‍රමයට ජංගම දුරකථනය ඉතාමත් කුඩා උනා. ඒ වගේම බැටරි පාවිච්චිය ඉතාමත් අඩු උනා. අමතර උපාංග වැඩි උනා.ඊට පස්සේ ආවේ 2G (Second genaration) මේකෙන් පස්සේ විශාල පරිවර්තනයක් උනා .එකට හේතුව ලෝක සම්මතයක් වන TDMA (Time Division Multiple access) ක්‍රමය පටන් ගැනීම. ඒ වගේම කව්රුත් දන්න GSM ඒ කියන්නේ Globle System For Mobile Communication. ලෝක ජංගම තොරතුරු තාක්ෂනය පටන් ගැන්ම.තව තියෙනවා CDMA කියල ඒ ගැන කව්රුත් අහල ඇතිනේ.ඒ කියන්නේ CODE Division Multiple Access. අද භාවිතා කරන ක්‍රමය.තව පසුවට. 










LIGHTNING AND THUNDER? හෙණ ගහපිය




මොකද්ද මේ හෙන ගහනවා කියන්නේ. අද පාඩම හෙන ගැහීම පිළිබඳව.හරි ඔයාල දන්නවද මේ ගැන මෙන්න නොදන්නා අයට ඉහල වායු ගෝලයේ වැහි වලාකුළු ඇති උනාම ඒ වලකුලුවල උඩ පැත්තේ + ධන අරෝපනත් යට පැත්තේ - රින ආරෝපනත් ඇති වෙනවා ඒ දෙක අතර ජල අංශු සහ අයිස් අංශු ඇතිවෙනවා. දැන් මොකද වෙන්නේ. මේ ධන රින ආරෝපණ අතර විදුලි ආරෝපණ ඇතිවෙනවා .ඕකට අපි කියන්නේ ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එකක් වෙනවා කියල.ඔයාල දන්නවා ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එකක ධන රින අතර විදුලිය ගමන් කරන කුමක් හෝ මාධ්‍යක් තිබුනොත් අනීවාර්යෙන්ම විදුලිය විසර්ජනය වෙනවා . ඒ කියන්නේ ඩිස්චාර්ජ් වෙනවා.මෙහිදී තවත් දෙයක් වනවා ඒතමයි විසර්ජනය වන විදුලිය එක්ක ඇතිවෙන ආරෝපණ  ඊට ප්‍රති විරුද්ඩ් ආරෝපණ පොලොව සමග ඇති කරගෙන පොළොවට කිට්ටුම මාර්ගයක් ඔස්සේ පොළොවට ගමන් කිරීම ඉතින් ඔය ටිකත් එක්ක මෙටිකත් මතක තියාගන්න එකේදී ව්ශාල පිපිරීමක් ශබ්දයක් සමග වාත අංශු තෙරපීමක්  ඇතිවෙනවා.මම මීට ඉස්සෙල්ල පාඩමක කිව්වා කිව්වා මතක ඇති ශබ්දය ගමන් කරන්නේ වාත අංශු තෙරපීමෙන් සහ ලිහිල් කිරීමෙන් කියල. අන්න ඒ දේ තමයි මෙතැනදී වෙන්නේ.නමුත් එකම ස්ථානයකදී තමයි ශබ්ද තරංග සහ ආලෝක තරංග ඇතිවෙන්නේ ඒත් මුලින්ම අපට අකුණ අපට පේනවා පස්සේ එකේ ශබ්දේ ඇහෙනවා. ඒ ආලෝක තරංග ශබ්ද තරංග වලට වඩා වේගවත් නිසා. දැන් ඉතින් සුළු වශයෙන් හරි මෙයින් දැනුවත් උනා නම් මට ඒ ඇති.








UnBalanced Balanced Audio බැලන්ස් /අන්බැලන්ස් ඕඩියෝ






මොකද්ද මේ බැලන්ස් අන්බැලන්ස් කියන්නේ බලමු මොකද්ද කියල. ඔයාල දන්නවා ශබ්ද තරංග ආකාරයට ඒ වගේම ඒ තරංග විදුලි සඥා බවට හරවල වැඩි කරලා එක තැනක සිට තවත් තැනකට ගෙන යන්නෙත් තරංග ආකාරයට.අපි හිතමුකෝ මයික් එකකින් කෙනෙක් කතා කරනකොට ශබ්ද තරංග මයික් එකේ ඩයප්‍රම් එකේ වැදිලා මයික් එකේ වයර් එකදිගේ යන්නෙත් විදුලි තරංග ඊට පස්සේ ඒ තරංග ප්‍රිඅැම්ප්  එකට ගිහින් පවර් ඇමප් එකෙන් ස්පිකර් වලට දෙනවා ඔය අතරතුර ඉක්වලයිසරයක් දාලා සද්දේ ගුණාත්මකභාවය උසස් කරනවා.මේක තමයි කෙටි කතන්දරේ. ඉතිං මේකේ අපි කියන්න යන කතාව සම්බන්ද වෙන්නේ මුල් කොටසට මොකද මුලදී හොඳ ගුණාත්මකභාවයකින් යුතු සඥාවක් ඇතුල් කලොත් තමයි පිට කිරීමේ සඥාව හොඳ ගුණාත්මකභාවයකින් යුතුව ගන්න පුළුවන්වෙන්නේ. ඉතින් මයික් එකේ සිට ප්‍රිඅැම්ප් කොටසට සඥාව එන අතරතුර මේකට කේබලයේ දිග හෝ කේබලයේ දුර්වල කම හෝ වෙනත් විදුලි සඥා බාධක වලින් අප ඇතුල් කල ප්‍රධාන සඥා වලට බාධා ඇති වෙන්න පුළුවන්.අපි සාමාන්‍ය මයික් වයර් එකක් පාවිච්චි කරනකොට එකේ තියෙන්නේ වටේ ස්ක්‍රීන් එක සහ මැද තනි වයර් එක. මේක ඇත්තටම අන්බැලන්ස් මේක නිසා මම පෙර කිව්ව දුර්වලතා ඇතිවෙන්න පුළුවන් නමුත් බැලන්ස් කියන්නේ වයර් තුනක් සහිත කේබලයක්.එකේදී එක වයරයක් හොට් එක අනෙක කෝල්ඩ් එක අනික වටේ ස්ක්‍රීන් එක.මොකද්ද මෙයින් කෙරෙන්නේ හොට් යනුවෙන් අදහස් කරන වයරයේ ප්‍රධාන සඥාව ගෙනයන අතර කෝල්ඩ් එක මගින් එම වයරය වට කර ෂීල්ඩ් එකක් මෙන් ආරක්ෂක වළල්ලක් ඇති කරයි. ඊට පිටින් ස්ක්‍රීන් එක ග්‍රෞන්ඩ් කර තවත් ප්‍රධාන සඥාව ආරක්ෂා කරයි. ඒ කෙටි විස්තරය නමුත් ඇත්ත වෙන දේ මේකයි, ප්‍රධාන සඥාවෙහි (පොසිටිව්)පේස් එක එම සඥාවේ අතුරු පිටපතක් සාදා (නෙගටිව් )ප්‍රධාන සඥාවේ පේස් එකට විරුද්ධ අතට ගෙන යනවා.දැන් ඔයාල හිතයි විරුද්ධ පෙස් දෙකක් (+සහ -) එකතු කලාම සඥාව නැති වෙලා යයි කියල නැහැ. ප්‍රි ඇම්ප් කොටසට පෙර මේ විරුද්ධ දෙක එක අතකට පත් කරලා ප්‍රබල තරංගයක් බවට පත් කරගෙන ප්‍රී ඇම්ප් එකට දෙනවා. දැන් කතන්දරේ හරිනේ .පහල රූප බලන්න එතකොට තව ටිකක් තේරෙයි.













Microphone මයික්‍රපෝන් ගැන දැනගමු



මුලින්ම අපි මොකද්ද මේ මයික් එක කියන්නේ කියල දැනගමු. මම මීට පෙර පෝස්ට් එකක දැම්ම මතකද අපේ කනට කොහොමද සබ්දය ඇහෙන්නේ කියල. සබ්දය කියන්නේ යම්කිසි චලනයක්. එම චලනය නමැති සබ්ද තරංග මගින් වාතයේ තෙරපුම් ඇති කරනවා. ඉතින් ඒ වාත තෙරපුම් මගින් අපේ කන් බෙරය චලනය කරනවා.කන් බෙරයේ චලනය අපගේ ස්නායු මගින් සඥා බවට පත්වෙලා එම සඥා අපගේ මොලය මතට පැමිණෙනවා මොලය මගින් ඊට අනුකුලව කටයුතු කරනවා. ඉතින් ඕක තමයි සරලව කිව්වොත් සබ්දය කියන්නේ සහ සබ්දය මගින් වෙන්නේ. 
හරි දැන් අපි මයික් එක ගැන බලමු. මයික් එක කියන්නේ අපි ඉස්සෙල්ල කියපු යම්කිසි චලනයක් මගින් ඇති උන වාතයේ තෙරපුම් තරංග ගැටීමට සලස්වන උපකරණයක්. එම තරංග උපකරණයේ ගැටුන විට එමගින් චාලක ශක්තිය විදුලි ශක්තිය බවට පත් වෙනවා.ඉතින් ඒ විදුලි ශක්තිය අම්ප්ලිෆයරයක් මගින් වැඩි කර ස්පීකරයක් මගින් නැවතත් ප්‍රබල චාලක ශක්තියක් බවට පත් කර අපගේ කනට ඇසීමට සලස්වනවා. දැන් නම් ඔයාලට ටිකක් හරි තේරෙන්න ඇති.  



මේ තියෙන්නේ මම දැන් කියපු දේ චිත්‍රයක් මගින් පෙන්නුම් කරලා තියන ආකාරය 

මයික්‍රපෝන්  වර්ග 10 ක් විතර තියනවා මේ වෙනකොට.ඔයාල දන්නවද මේක මුලින්ම සොයාගත් අය කව්ද කියල ඒ තමයි ඇලෙක්සැන්ඩර් ග්‍රැහම්බෙල් සහ තෝමස් වොට්සන්. ඒ දියර මයික්‍රපෝන් එක මොකද්ද මේ දියර මයික් එක කියන්නේ එයාල කරේ ලෝහ භාජනයකට වතුර සහ සල්පියුරික් ඇසිඩ් දාල ඒ මතට තවත් ඉඳිකටුවක් සහිත ලෝහ තහඩුවක් දාල ශබ්ධය අනුව චලනය වීමට සලස්වපු එක.එමගින් ඇති කෙරුණ විදුලි තරංග ප්‍රයෝජනයට ගැනීම.මේක ඉතාමත් වටිනා විද්‍යාත්මක පරීක්ෂණයක් දන්නවද. ඊ ළඟ එක තමයි කාබන් මයික් එක. මේකේ ක්‍රියාකාරිත්වය තමයි කාබන් අතුරන ලද ඩයප්‍රම් එකක් සබ්ද තරංග ගැටීමට සලස්වපු එක.එමගින් ඇතිවන ප්‍රතිරෝධය මත විදුලිය ගමන් කිරීමේ වෙනස් වීම. ඔයාල දන්නවනේ කාබන් වලින් තමයි අපි පාවිච්චි කරන රෙසිස්ටර් එහෙම හදන්නේ කියල.ඒවා යොදන්නේ විදුලිය අඩු වැඩි කිරීමට කියලත් දන්නවනේ.මීළඟට මම කියල දෙන්නේ අහලවත් නැති එකක් වෙන්න ඕන ඔයාලට.ෆයිබර් ඔප්ටික් මයික්. මොකද්ද ඒ. මේකෙදි ආලෝක කදම්බයක් කාන්දම් බලය උපයෝගී කරගෙන ශබ්ධ තරංග විදුලි සඥා බවට පත් කිරීම.මේකට කියන්නේ (MRI) මැග්නටික් රෙසොනන්ට් ඉමැජීන්.ඊ ලඟට ඩයිනමික් මයික් මොනවද ඒ ඔය පහල තියන රුපෙන් පෙන්නන්නේ එක ඇතුලේ තියන විදිහ 




මේක අපි එදිනෙදා පාවිච්චි කරන මයික්. වැඩ කරන්නේ මෙහෙමයි කාන්දම් කැල්ලක් ඇතුල් කරන ලද කොයිල් එකක් ඩයප්‍රම් එකකට සම්බන්ද කරලා තියනවා. ඉතින් ශබ්ධ තරංග මේ ඩයප්‍රම් එකේ ගැටීමට සලස්වනවා. එතකොට අර කොයිල් එක ඒ අනුව කාන්දමට පිටින් එහා මෙහා ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ දන්නවද? අර කොයිල් එකේ විදුලියක් ඇති වෙනවා.මේක තමයි ඩයිනමික් මයික් එකේ කතන්දරේ. 
ඊ ලඟට මම කියන්න යන්නේ ඉලෙක්ට්රට් කන්ඩෙන්සර් මයික් ගැන. මොනවද ඒ.පහල පින්තුරෙන් පෙන්නලා තියෙන්නේ ඇතුලත හරස් කඩක්. 




මේ ඉහල පින්තුරෙනුත් පෙන්න තියෙන්නේ. දැන්නම් ඔයාල හැමෝම දන්නවා මේගැන. අද වෙනකොට ලෝකේ ගොඩක් භාණ්ඩ වලට මේක නැතිවම බැරි දෙයක්. විශේෂයෙන් සෙල්පෝන් වගේ ඒවාට. මේකේ ක්‍රියාකාරිත්වය මෙහෙමයි.ඔයාල දන්නවනේ කන්ඩන්සරයක ක්‍රියාකාරිත්වය තහඩු දෙකක් අතර ධන රින ආරෝපන ඇති වීම. මෙවැනිම එකක් තමයි මේ මයික් එකෙත් වෙන්නේ. තහඩු දෙකක් අතර ස්ථිරව ගබඩා කරන ලද ධන රින ආරෝපණ ශබ්ධ තරංග අනුව වෙනස්වීම.



මේ මොකද්ද මේ මේක ගැන තමයි ඊ ලඟට කියන්න යන්නේ මේක ඇවිල්ල රිබන් මයික් එකක් ක්‍රියාකාරිත්වය ගැන කියනවනම් මෙහෙමයි 




කාන්දමක් ඇතුලේ තියන ලෝහ රිබන් පටියකට ශබ්ධ තරංග ගැටීමට සලස්වනවා. එමගින් එම පටියේ දෙකෙළවර ඇති කොන් දෙක ට්‍රාන්ස්ෆොමරයකට සම්බන්ද කර ශබ්ධ තරංග අනුව වෙනස්වෙන විදුලිය විදුලි සඥා බවට පත්කර ගන්නවා.මම හිතනවා ඉහල පින්තුර දැක්කහම වැඩේ හොයාගන්න පුලුවන්වෙයි කියල.
මේ තියෙන්නේ ලේසර් මයික් එකක් අහලවත් නැතුව ඇති නේද? 


මේක ඉතාමත් දුර තියෙන ශබ්ධ ග්‍රහණය කිරීමට පුළුවන්.ලේසර් ට්‍රාන්ස්මිටරය මගින් විදින ලද ලේසර් කිරණය තැටියක් මගින් පරාවර්තනය කරනු ලබන අතර එම තැටිය මගින් ශබ්දය අනුව ලේසර් කිරණයේ කෝණය (angle) වෙනස් කර රිසීවරය වෙත යොමුකරයි. රිසීවරය මගින් ඒ අනුව විදුලි සඥා නිපදවා මුලික අැම්ප්ලිෆයරය වෙත යොමුකරයි. 
මී ලඟට මම කියල දෙන්න යන්නේ කන්ඩන්සර් මයික් ගැන. දැන් වරදවා වටහාගන්න එපා ඉලෙක්ට්රට් මයික් එකයි මේකයි දෙකම එකයි කියල නෑ වෙනස් ටිකක්. මොකද්ද මේ වෙනස ඉලෙක්ට්රට් කන්ඩන්සර් මයික් එකේ ස්ථිර ආරෝපණ සහිත තහඩු දෙකක් තමයි තියෙන්නේ. නමුත් කන්ඩන්සර් මයික් වල තියෙන්නේ ආරෝපණ ඇති කරන තහඩු දෙකක්. ඉතින් දැන් වැඩේ ගැන තව විස්තර ඕනේ නැනේ. මේ මයික් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ශබ්දාගාර වල කටහඬ රෙකොර්ඩ් කිරීමට. පහල පින්තුර දිහා බලන්න එතකොට වැඩේ තේරෙයි.










මී ලඟට කියල දෙන්නේ කාර්ඩියොඩ් මයික් ගැන. කාර්ඩියොඩ් කියන නම හැදුනේ කොහොමද කියල මම පස්සේ කියන්නම්මේ වර්ගයේ මයික් වැඩිපුරම පාවිච්චි කරන්නේ ගොඩක් සෙනග ඉන්න තැනක කෙනෙකුට කතාකරන්න. මොකද අවට ශබ්ද අඩුවෙන් ග්‍රහණය කර ගන්න අතර හරියටම ඉදිරිපස ඇති ශබ්ද පමණක් ග්‍රහණය කර ගනී.මේ තියෙන්නේ එම ආකාරයේ මයික්.






මී ලඟට මම කියන්න යන්නේ අන්තිම එක ක්‍රිස්ටල් මයික් ගැන.මේවා වැඩකරන්නේ කොහොමද බලමු.ඔබ දන්නවා ක්‍රිස්ටල් එකක් කියන්නේ මොකද්ද කියල. බැටරි කෑල්ලෙන් වැඩකරන බිත්ති ඔරලෝසු වල එහෙම තියෙන්නේ චූටි පින් දෙකක් එක්ක බට කෑල්ලක් ඒ තියෙන්නෙත් ක්‍රිස්ටල් එකක්. එකෙන් කරන්නේ ඒ හරහා ස්ථිර තරංග ගමන් කරවීමක්. ඉතින් කතාව ඇති.මයික් එකේ ක්‍රිස්ටල් එකට ඩයප්‍රම් එකක් ඇඳල තියනවා ශබ්ද තරංග ඒ ඩයප්‍රම් එකේ වැදුනම ක්‍රිස්ටලය හරහා විදුලි සඥා ඇති වෙනවා.ඉතින් ඕකයි ඔය සියල්ලෙන්ම කෙරෙන්නේ.
පහල බලන්න මයික් වලට ඇතුලුවෙන ශබ්ද තරංග වලට ඒ ඒ මයික් ප්‍රතිචාර දක්වන විදිහ බලන්න. අනික ඒ ඒ තරංග ප්‍රතිචාර දක්වන කලාපයන් කොහොමද කියල බලන්න.


Omnidirectional කියන්නේ මයික් එක වටේටම ඇති ශබ්ද ග්‍රහණය කර ගන්නවා. නමුත් මේවා ස්ටේජ් වලට හරියන්නේ නෑ මොකද Feedback කරනවා.ඊ ලඟට Bidirectional ඉදිරිපස සහ පසුපස ශබ්ද ග්‍රහණය කරගැනේ. ඊළඟට Cardioid හරියට හදවතේ හැඩය ඉදිරිපස වැඩියෙනුත් පසුපස අඩුවෙනුත් ශබ්දය ග්‍රහණය කරගැනේ.ඊළඟට Hyper Cardioid ඉදිරිපස වැඩියෙනුත් පසුපස ඉතාමත් අඩුවෙනුත් ග්‍රහණය කරගනී.








අපි මේවට කියන්නේ පෝලාර් පැටන් කියල. පෝලාර් කියන්නේ පොලරයිශේෂන් කියන එකයි.
 මයික් මිලයට ගනිද්දී මේ ගැනත් සැලකිලිමත් වෙන්න. මම හිතනවා මේ කියපු ටික ඔයාලට ප්‍රයෝජනවත් කියල.
















Television History & Technalogy රූපවාහිණී ඉතිහාසය




අද රූපවාහිණිය කිව්වොත් නොදන්නා කෙනෙක් නෑ ඒ තරමටම ඒක මිනිසාට සමීප වෙලා ඉවරයි.ඉතිං අද මම කියන්න යන්නේ රූපවාහිනිය ගැන. රූපවාහිනී සිද්ධාන්තය සොයාගත්තේ විලෝග්බි ස්මිත් කියන කෙනා 1873 අවුරුද්දේ විතර.එයා හොයාගත්තේ ස්කෑනින් ඩිස්ක් එක.ඔබ දන්නවද යම්කිසි චලනය වෙන පින්තූරයක් චලනය වෙන කාලය තුල චලනය නොවන පින්තුර තත්පරයකට විසිපහකට වෙන් කිරීමකට ලක් කරන බව .මෙම වෙන් කිරීමට ස්කෑන් කිරීම කියල කියනවා. හරියට කියනවා නම් තත්පරයක කාලය තුල නැවතත් ඒ කැඩීමට ලක් කල පින්තූර ටික අපේ ඇස් ඉදිරිපිට අපට පෙන්න සලස්වනවා. එතනදිත් අර පින්තූර ටික නියමිත වෙලාව තුල ස්කෑන් කර අපේ ඇස් වලට පෙන්වීමට සලස්වනවා.ඉතිං ළමයිනේ ඊළඟට 1926 දී අපි බලන රුපවහිණියට සමාන එක හොයාගත්තේ ජෝන් ලොගී බෙයාර්ඩ්.


ඉතින් මේකේ ලයින් ගැන කිව්වොත් තත්පරයට ලයින් 625 යි .මොකද්ද මේ රුපවාහිනියක ලයින් කියන්නේ. අපි රුපවාහිනී කැමරාවක් මගින් වීඩියෝ කරන විට එම කැමරාව ඉදිරිපිට ඇති දර්ශනය කැමරාවේ ලෙන්ස් එක තුලින් ඇවිත් එම ප්‍රතිබිම්බය ටියුබ් එකක මතුපිටට වැටෙනවා.අද නම් එම ප්‍රතිබිම්බය වැටෙන්නේ CCD (Charge Couple Device) එකකට හෝ 
CMOS (Complementary metal–oxide–semiconductor)  එකකට. ඉතිං ඒ කාලේ ඔය ටියුබ් එකේ ප්‍රතිබිම්බය වැටෙන කොටස මගින් ආලෝකයේ ඇති ප්‍රතිබිම්බය විදුලි සඥා බවට පත් කරනවා. 




මේ තියෙන්නේ කැමරා පික්චර් ටියුබ් එකක් 


මේකෙන් පෙන්වන්නේ ඉදිරි පස ඇති ප්‍රතිබිම්බය ලෙන්ස් එක තුලින් ඇවිත් ටියුබ් එකට වැටෙන ආකාරය 


දැන් ඉතින් විදුලි සඥා අපට ඕන ආකාරයකට සකස් කරගන්න පුළුවන් වෙනවා. නැවත විකාශනය කරන ලද මෙම සඥා රුපවාහිනිය මගින් ලබා ගෙන රුපවාහිනී තිරය මත පතිත කරනවා. නමුත් මේ තිරය වැඩ කරන ආකාරය කොහොමද කියා බලමු.මේ තිර මත පතිත වෙන්නේ ඉතාමත් කුඩා ආලෝක ධාරාවක්. ඒක තිරයේ වම් පස සිට දකුණු පසට වේගයෙන් ගමන් කරනවා. එහෙම වෙන ගමන් තිරයේ උඩ සිට පහළටත් ගමන් කරනවා.කොච්චර වේගයකින් ගමන් කරනවා කිව්වොත් තිරයේ උඩ සිට පහලට වමේ සිට දකුණට ලයින් 625ක් අඳිනවා. ඒ ලංකාවේ වැඩකරන පැල් ක්‍රමයේදී නමුත් ඇමෙරිකාවේදී නම් ලයින් 525 ක් අඳිනවා.මේ ලයින් අතර තමයි පින්තුරයක් ඇඳෙන්නේ.මේ එක වතාවකට අඳින ලයින් 625 අපි කියනවා frame එකක් කියල. ඉතින් ඔය frame එක ඇතුලේ ලයින් වර්ග දෙකක් තියනවා.ඔත්තේ ලයින් සහ ඉරට්ටේ ලයින්  කියල එහෙම කරලා තියෙන්නේ.අපි හිතමුකෝ තනි වර්ගයක ලයින් විතරක් මේකට යොදාගත්තා කියල. එහෙම උනාම ලයින් අතර පරතරය වැඩි වෙලා පින්තූර වල ගුණාත්මකභාවය අඩු වෙනවා.නමුත් ලයින් වර්ග දෙක නිසා (flicker) එක අඩු වෙලා පින්තුර වල ගුණාත්මකභාවය වැඩි වෙනවා.



ඉතින් මේ frame වර්ග දෙක එකතු උනාම අපි කියනවා field එකක් කියල.අද වෙනකොට මේ ලයින් ගාන වැඩි කරලා ඉතාමත් තාත්වික පින්තුර අප ඉදිරියේ මවාගන්න මිනිස්සුන්ට හැකි වෙලා තියනවා. මේක ඉතාමත් පුළුල් විෂයක් නමුත් ඔයාලට සාමාන්‍ය විදියට ටිකක් තේරුම් කරලා දුන්නේ. හොඳ දෙයක් නම් ගන්න.






Online Audio/Video Streaming Recorder


ඔන්න ගොඩක් දවසකින් මම ආයෙත් ආවා. මොකද දන්නවද මට ටිකක් සනීප නැතිව හිටිය. මම දැන් වයසනේ. ඉතින් පුතාලා දුවාලට ගොඩක් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයාර් එකක් අරගෙනයි ආවේ. මොකක්ද දන්නවද.ඔන් ලයින් ස්ට්‍රීමින් රෙකෝඩර්. මොකද්ද මේ.ඔයාල දන්නවා සමහර සින්දු තියෙන වෙබ් සයිට් වල ඒ සින්දු අහන්න පමණයි පුළුවන්. ඩවූන්ලෝඩ් කරන්න බැහැ. අන්න ඒ වෙලාවට මේක ගොඩක් වැදගත්. ඕනෑම සින්දුවක් හෝ ඕඩියෝ එකක් ප්ලේබැක් වෙනකොට මේකෙන් රෙකෝඩ් කරන්න පුළුවන් ඔරිජිනල් විදියටම. උත්සාහ කරලා බලන්න. බැරි වෙලාවත් මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කෙරුවට පස්සේ කොම්පියුටර් එකේ සද්දේ නැතිව ගියොත් නැවත ඕඩියෝ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්න.කිසිම අවුලක් නැ ටක්කෙට වැඩ.එහෙනම් සුබ දවසක්.