UnBalanced Balanced Audio බැලන්ස් /අන්බැලන්ස් ඕඩියෝ
මොකද්ද මේ බැලන්ස් අන්බැලන්ස් කියන්නේ බලමු මොකද්ද කියල. ඔයාල දන්නවා ශබ්ද තරංග ආකාරයට ඒ වගේම ඒ තරංග විදුලි සඥා බවට හරවල වැඩි කරලා එක තැනක සිට තවත් තැනකට ගෙන යන්නෙත් තරංග ආකාරයට.අපි හිතමුකෝ මයික් එකකින් කෙනෙක් කතා කරනකොට ශබ්ද තරංග මයික් එකේ ඩයප්‍රම් එකේ වැදිලා මයික් එකේ වයර් එකදිගේ යන්නෙත් විදුලි තරංග ඊට පස්සේ ඒ තරංග ප්රිඅැම්ප් එකට ගිහින් පවර් ඇමප් එකෙන් ස්පිකර් වලට දෙනවා ඔය අතරතුර ඉක්වලයිසරයක් දාලා සද්දේ ගුණාත්මකභාවය උසස් කරනවා.මේක තමයි කෙටි කතන්දරේ. ඉතිං මේකේ අපි කියන්න යන කතාව සම්බන්ද වෙන්නේ මුල් කොටසට මොකද මුලදී හොඳ ගුණාත්මකභාවයකින් යුතු සඥාවක් ඇතුල් කලොත් තමයි පිට කිරීමේ සඥාව හොඳ ගුණාත්මකභාවයකින් යුතුව ගන්න පුළුවන්වෙන්නේ. ඉතින් මයික් එකේ සිට ප්රිඅැම්ප් කොටසට සඥාව එන අතරතුර මේකට කේබලයේ දිග හෝ කේබලයේ දුර්වල කම හෝ වෙනත් විදුලි සඥා බාධක වලින් අප ඇතුල් කල ප්‍රධාන සඥා වලට බාධා ඇති වෙන්න පුළුවන්.අපි සාමාන්‍ය මයික් වයර් එකක් පාවිච්චි කරනකොට එකේ තියෙන්නේ වටේ ස්ක්‍රීන් එක සහ මැද තනි වයර් එක. මේක ඇත්තටම අන්බැලන්ස් මේක නිසා මම පෙර කිව්ව දුර්වලතා ඇතිවෙන්න පුළුවන් නමුත් බැලන්ස් කියන්නේ වයර් තුනක් සහිත කේබලයක්.එකේදී එක වයරයක් හොට් එක අනෙක කෝල්ඩ් එක අනික වටේ ස්ක්‍රීන් එක.මොකද්ද මෙයින් කෙරෙන්නේ හොට් යනුවෙන් අදහස් කරන වයරයේ ප්‍රධාන සඥාව ගෙනයන අතර කෝල්ඩ් එක මගින් එම වයරය වට කර ෂීල්ඩ් එකක් මෙන් ආරක්ෂක වළල්ලක් ඇති කරයි. ඊට පිටින් ස්ක්‍රීන් එක ග්‍රෞන්ඩ් කර තවත් ප්‍රධාන සඥාව ආරක්ෂා කරයි. ඒ කෙටි විස්තරය නමුත් ඇත්ත වෙන දේ මේකයි, ප්‍රධාන සඥාවෙහි (පොසිටිව්)පේස් එක එම සඥාවේ අතුරු පිටපතක් සාදා (නෙගටිව් )ප්‍රධාන සඥාවේ පේස් එකට විරුද්ධ අතට ගෙන යනවා.දැන් ඔයාල හිතයි විරුද්ධ පෙස් දෙකක් (+සහ -) එකතු කලාම සඥාව නැති වෙලා යයි කියල නැහැ. ප්‍රි ඇම්ප් කොටසට පෙර මේ විරුද්ධ දෙක එක අතකට පත් කරලා ප්‍රබල තරංගයක් බවට පත් කරගෙන ප්‍රී ඇම්ප් එකට දෙනවා. දැන් කතන්දරේ හරිනේ .පහල රූප බලන්න එතකොට තව ටිකක් තේරෙයි.
0 comments: