Television History & Technalogy රූපවාහිණී ඉතිහාසය




අද රූපවාහිණිය කිව්වොත් නොදන්නා කෙනෙක් නෑ ඒ තරමටම ඒක මිනිසාට සමීප වෙලා ඉවරයි.ඉතිං අද මම කියන්න යන්නේ රූපවාහිනිය ගැන. රූපවාහිනී සිද්ධාන්තය සොයාගත්තේ විලෝග්බි ස්මිත් කියන කෙනා 1873 අවුරුද්දේ විතර.එයා හොයාගත්තේ ස්කෑනින් ඩිස්ක් එක.ඔබ දන්නවද යම්කිසි චලනය වෙන පින්තූරයක් චලනය වෙන කාලය තුල චලනය නොවන පින්තුර තත්පරයකට විසිපහකට වෙන් කිරීමකට ලක් කරන බව .මෙම වෙන් කිරීමට ස්කෑන් කිරීම කියල කියනවා. හරියට කියනවා නම් තත්පරයක කාලය තුල නැවතත් ඒ කැඩීමට ලක් කල පින්තූර ටික අපේ ඇස් ඉදිරිපිට අපට පෙන්න සලස්වනවා. එතනදිත් අර පින්තූර ටික නියමිත වෙලාව තුල ස්කෑන් කර අපේ ඇස් වලට පෙන්වීමට සලස්වනවා.ඉතිං ළමයිනේ ඊළඟට 1926 දී අපි බලන රුපවහිණියට සමාන එක හොයාගත්තේ ජෝන් ලොගී බෙයාර්ඩ්.


ඉතින් මේකේ ලයින් ගැන කිව්වොත් තත්පරයට ලයින් 625 යි .මොකද්ද මේ රුපවාහිනියක ලයින් කියන්නේ. අපි රුපවාහිනී කැමරාවක් මගින් වීඩියෝ කරන විට එම කැමරාව ඉදිරිපිට ඇති දර්ශනය කැමරාවේ ලෙන්ස් එක තුලින් ඇවිත් එම ප්‍රතිබිම්බය ටියුබ් එකක මතුපිටට වැටෙනවා.අද නම් එම ප්‍රතිබිම්බය වැටෙන්නේ CCD (Charge Couple Device) එකකට හෝ 
CMOS (Complementary metal–oxide–semiconductor)  එකකට. ඉතිං ඒ කාලේ ඔය ටියුබ් එකේ ප්‍රතිබිම්බය වැටෙන කොටස මගින් ආලෝකයේ ඇති ප්‍රතිබිම්බය විදුලි සඥා බවට පත් කරනවා. 




මේ තියෙන්නේ කැමරා පික්චර් ටියුබ් එකක් 


මේකෙන් පෙන්වන්නේ ඉදිරි පස ඇති ප්‍රතිබිම්බය ලෙන්ස් එක තුලින් ඇවිත් ටියුබ් එකට වැටෙන ආකාරය 


දැන් ඉතින් විදුලි සඥා අපට ඕන ආකාරයකට සකස් කරගන්න පුළුවන් වෙනවා. නැවත විකාශනය කරන ලද මෙම සඥා රුපවාහිනිය මගින් ලබා ගෙන රුපවාහිනී තිරය මත පතිත කරනවා. නමුත් මේ තිරය වැඩ කරන ආකාරය කොහොමද කියා බලමු.මේ තිර මත පතිත වෙන්නේ ඉතාමත් කුඩා ආලෝක ධාරාවක්. ඒක තිරයේ වම් පස සිට දකුණු පසට වේගයෙන් ගමන් කරනවා. එහෙම වෙන ගමන් තිරයේ උඩ සිට පහළටත් ගමන් කරනවා.කොච්චර වේගයකින් ගමන් කරනවා කිව්වොත් තිරයේ උඩ සිට පහලට වමේ සිට දකුණට ලයින් 625ක් අඳිනවා. ඒ ලංකාවේ වැඩකරන පැල් ක්‍රමයේදී නමුත් ඇමෙරිකාවේදී නම් ලයින් 525 ක් අඳිනවා.මේ ලයින් අතර තමයි පින්තුරයක් ඇඳෙන්නේ.මේ එක වතාවකට අඳින ලයින් 625 අපි කියනවා frame එකක් කියල. ඉතින් ඔය frame එක ඇතුලේ ලයින් වර්ග දෙකක් තියනවා.ඔත්තේ ලයින් සහ ඉරට්ටේ ලයින්  කියල එහෙම කරලා තියෙන්නේ.අපි හිතමුකෝ තනි වර්ගයක ලයින් විතරක් මේකට යොදාගත්තා කියල. එහෙම උනාම ලයින් අතර පරතරය වැඩි වෙලා පින්තූර වල ගුණාත්මකභාවය අඩු වෙනවා.නමුත් ලයින් වර්ග දෙක නිසා (flicker) එක අඩු වෙලා පින්තුර වල ගුණාත්මකභාවය වැඩි වෙනවා.



ඉතින් මේ frame වර්ග දෙක එකතු උනාම අපි කියනවා field එකක් කියල.අද වෙනකොට මේ ලයින් ගාන වැඩි කරලා ඉතාමත් තාත්වික පින්තුර අප ඉදිරියේ මවාගන්න මිනිස්සුන්ට හැකි වෙලා තියනවා. මේක ඉතාමත් පුළුල් විෂයක් නමුත් ඔයාලට සාමාන්‍ය විදියට ටිකක් තේරුම් කරලා දුන්නේ. හොඳ දෙයක් නම් ගන්න.






0 comments: