Microphone මයික්‍රපෝන් ගැන දැනගමු
මුලින්ම අපි මොකද්ද මේ මයික් එක කියන්නේ කියල දැනගමු. මම මීට පෙර පෝස්ට් එකක දැම්ම මතකද අපේ කනට කොහොමද සබ්දය ඇහෙන්නේ කියල. සබ්දය කියන්නේ යම්කිසි චලනයක්. එම චලනය නමැති සබ්ද තරංග මගින් වාතයේ තෙරපුම් ඇති කරනවා. ඉතින් ඒ වාත තෙරපුම් මගින් අපේ කන් බෙරය චලනය කරනවා.කන් බෙරයේ චලනය අපගේ ස්නායු මගින් සඥා බවට පත්වෙලා එම සඥා අපගේ මොලය මතට පැමිණෙනවා මොලය මගින් ඊට අනුකුලව කටයුතු කරනවා. ඉතින් ඕක තමයි සරලව කිව්වොත් සබ්දය කියන්නේ සහ සබ්දය මගින් වෙන්නේ.
හරි දැන් අපි මයික් එක ගැන බලමු. මයික් එක කියන්නේ අපි ඉස්සෙල්ල කියපු යම්කිසි චලනයක් මගින් ඇති උන වාතයේ තෙරපුම් තරංග ගැටීමට සලස්වන උපකරණයක්. එම තරංග උපකරණයේ ගැටුන විට එමගින් චාලක ශක්තිය විදුලි ශක්තිය බවට පත් වෙනවා.ඉතින් ඒ විදුලි ශක්තිය අම්ප්ලිෆයරයක් මගින් වැඩි කර ස්පීකරයක් මගින් නැවතත් ප්‍රබල චාලක ශක්තියක් බවට පත් කර අපගේ කනට ඇසීමට සලස්වනවා. දැන් නම් ඔයාලට ටිකක් හරි තේරෙන්න ඇති.
මේ තියෙන්නේ මම දැන් කියපු දේ චිත්‍රයක් මගින් පෙන්නුම් කරලා තියන ආකාරය
මයික්‍රපෝන් වර්ග 10 ක් විතර තියනවා මේ වෙනකොට.ඔයාල දන්නවද මේක මුලින්ම සොයාගත් අය කව්ද කියල ඒ තමයි ඇලෙක්සැන්ඩර් ග්‍රැහම්බෙල් සහ තෝමස් වොට්සන්. ඒ දියර මයික්‍රපෝන් එක මොකද්ද මේ දියර මයික් එක කියන්නේ එයාල කරේ ලෝහ භාජනයකට වතුර සහ සල්පියුරික් ඇසිඩ් දාල ඒ මතට තවත් ඉඳිකටුවක් සහිත ලෝහ තහඩුවක් දාල ශබ්ධය අනුව චලනය වීමට සලස්වපු එක.එමගින් ඇති කෙරුණ විදුලි තරංග ප්‍රයෝජනයට ගැනීම.මේක ඉතාමත් වටිනා විද්‍යාත්මක පරීක්ෂණයක් දන්නවද. ඊ ළඟ එක තමයි කාබන් මයික් එක. මේකේ ක්‍රියාකාරිත්වය තමයි කාබන් අතුරන ලද ඩයප්‍රම් එකක් සබ්ද තරංග ගැටීමට සලස්වපු එක.එමගින් ඇතිවන ප්‍රතිරෝධය මත විදුලිය ගමන් කිරීමේ වෙනස් වීම. ඔයාල දන්නවනේ කාබන් වලින් තමයි අපි පාවිච්චි කරන රෙසිස්ටර් එහෙම හදන්නේ කියල.ඒවා යොදන්නේ විදුලිය අඩු වැඩි කිරීමට කියලත් දන්නවනේ.මීළඟට මම කියල දෙන්නේ අහලවත් නැති එකක් වෙන්න ඕන ඔයාලට.ෆයිබර් ඔප්ටික් මයික්. මොකද්ද ඒ. මේකෙදි ආලෝක කදම්බයක් කාන්දම් බලය උපයෝගී කරගෙන ශබ්ධ තරංග විදුලි සඥා බවට පත් කිරීම.මේකට කියන්නේ (MRI) මැග්නටික් රෙසොනන්ට් ඉමැජීන්.ඊ ලඟට ඩයිනමික් මයික් මොනවද ඒ ඔය පහල තියන රුපෙන් පෙන්නන්නේ එක ඇතුලේ තියන විදිහ
මේක අපි එදිනෙදා පාවිච්චි කරන මයික්. වැඩ කරන්නේ මෙහෙමයි කාන්දම් කැල්ලක් ඇතුල් කරන ලද කොයිල් එකක් ඩයප්‍රම් එකකට සම්බන්ද කරලා තියනවා. ඉතින් ශබ්ධ තරංග මේ ඩයප්‍රම් එකේ ගැටීමට සලස්වනවා. එතකොට අර කොයිල් එක ඒ අනුව කාන්දමට පිටින් එහා මෙහා ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ දන්නවද? අර කොයිල් එකේ විදුලියක් ඇති වෙනවා.මේක තමයි ඩයිනමික් මයික් එකේ කතන්දරේ.
ඊ ලඟට මම කියන්න යන්නේ ඉලෙක්ට්රට් කන්ඩෙන්සර් මයික් ගැන. මොනවද ඒ.පහල පින්තුරෙන් පෙන්නලා තියෙන්නේ ඇතුලත හරස් කඩක්.
මේ ඉහල පින්තුරෙනුත් පෙන්න තියෙන්නේ. දැන්නම් ඔයාල හැමෝම දන්නවා මේගැන. අද වෙනකොට ලෝකේ ගොඩක් භාණ්ඩ වලට මේක නැතිවම බැරි දෙයක්. විශේෂයෙන් සෙල්පෝන් වගේ ඒවාට. මේකේ ක්‍රියාකාරිත්වය මෙහෙමයි.ඔයාල දන්නවනේ කන්ඩන්සරයක ක්‍රියාකාරිත්වය තහඩු දෙකක් අතර ධන රින ආරෝපන ඇති වීම. මෙවැනිම එකක් තමයි මේ මයික් එකෙත් වෙන්නේ. තහඩු දෙකක් අතර ස්ථිරව ගබඩා කරන ලද ධන රින ආරෝපණ ශබ්ධ තරංග අනුව වෙනස්වීම.
මේ මොකද්ද මේ මේක ගැන තමයි ඊ ලඟට කියන්න යන්නේ මේක ඇවිල්ල රිබන් මයික් එකක් ක්‍රියාකාරිත්වය ගැන කියනවනම් මෙහෙමයි
කාන්දමක් ඇතුලේ තියන ලෝහ රිබන් පටියකට ශබ්ධ තරංග ගැටීමට සලස්වනවා. එමගින් එම පටියේ දෙකෙළවර ඇති කොන් දෙක ට්‍රාන්ස්ෆොමරයකට සම්බන්ද කර ශබ්ධ තරංග අනුව වෙනස්වෙන විදුලිය විදුලි සඥා බවට පත්කර ගන්නවා.මම හිතනවා ඉහල පින්තුර දැක්කහම වැඩේ හොයාගන්න පුලුවන්වෙයි කියල.
මේ තියෙන්නේ ලේසර් මයික් එකක් අහලවත් නැතුව ඇති නේද?
මේක ඉතාමත් දුර තියෙන ශබ්ධ ග්‍රහණය කිරීමට පුළුවන්.ලේසර් ට්‍රාන්ස්මිටරය මගින් විදින ලද ලේසර් කිරණය තැටියක් මගින් පරාවර්තනය කරනු ලබන අතර එම තැටිය මගින් ශබ්දය අනුව ලේසර් කිරණයේ කෝණය (angle) වෙනස් කර රිසීවරය වෙත යොමුකරයි. රිසීවරය මගින් ඒ අනුව විදුලි සඥා නිපදවා මුලික අැම්ප්ලිෆයරය වෙත යොමුකරයි.
මී ලඟට මම කියල දෙන්න යන්නේ කන්ඩන්සර් මයික් ගැන. දැන් වරදවා වටහාගන්න එපා ඉලෙක්ට්රට් මයික් එකයි මේකයි දෙකම එකයි කියල නෑ වෙනස් ටිකක්. මොකද්ද මේ වෙනස ඉලෙක්ට්රට් කන්ඩන්සර් මයික් එකේ ස්ථිර ආරෝපණ සහිත තහඩු දෙකක් තමයි තියෙන්නේ. නමුත් කන්ඩන්සර් මයික් වල තියෙන්නේ ආරෝපණ ඇති කරන තහඩු දෙකක්. ඉතින් දැන් වැඩේ ගැන තව විස්තර ඕනේ නැනේ. මේ මයික් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ශබ්දාගාර වල කටහඬ රෙකොර්ඩ් කිරීමට. පහල පින්තුර දිහා බලන්න එතකොට වැඩේ තේරෙයි.
මී ලඟට කියල දෙන්නේ කාර්ඩියොඩ් මයික් ගැන. කාර්ඩියොඩ් කියන නම හැදුනේ කොහොමද කියල මම පස්සේ කියන්නම්මේ වර්ගයේ මයික් වැඩිපුරම පාවිච්චි කරන්නේ ගොඩක් සෙනග ඉන්න තැනක කෙනෙකුට කතාකරන්න. මොකද අවට ශබ්ද අඩුවෙන් ග්‍රහණය කර ගන්න අතර හරියටම ඉදිරිපස ඇති ශබ්ද පමණක් ග්‍රහණය කර ගනී.මේ තියෙන්නේ එම ආකාරයේ මයික්.
මී ලඟට මම කියන්න යන්නේ අන්තිම එක ක්‍රිස්ටල් මයික් ගැන.මේවා වැඩකරන්නේ කොහොමද බලමු.ඔබ දන්නවා ක්‍රිස්ටල් එකක් කියන්නේ මොකද්ද කියල. බැටරි කෑල්ලෙන් වැඩකරන බිත්ති ඔරලෝසු වල එහෙම තියෙන්නේ චූටි පින් දෙකක් එක්ක බට කෑල්ලක් ඒ තියෙන්නෙත් ක්‍රිස්ටල් එකක්. එකෙන් කරන්නේ ඒ හරහා ස්ථිර තරංග ගමන් කරවීමක්. ඉතින් කතාව ඇති.මයික් එකේ ක්‍රිස්ටල් එකට ඩයප්‍රම් එකක් ඇඳල තියනවා ශබ්ද තරංග ඒ ඩයප්‍රම් එකේ වැදුනම ක්‍රිස්ටලය හරහා විදුලි සඥා ඇති වෙනවා.ඉතින් ඕකයි ඔය සියල්ලෙන්ම කෙරෙන්නේ.
පහල බලන්න මයික් වලට ඇතුලුවෙන ශබ්ද තරංග වලට ඒ ඒ මයික් ප්‍රතිචාර දක්වන විදිහ බලන්න. අනික ඒ ඒ තරංග ප්‍රතිචාර දක්වන කලාපයන් කොහොමද කියල බලන්න.
Omnidirectional කියන්නේ මයික් එක වටේටම ඇති ශබ්ද ග්‍රහණය කර ගන්නවා. නමුත් මේවා ස්ටේජ් වලට හරියන්නේ නෑ මොකද Feedback කරනවා.ඊ ලඟට Bidirectional ඉදිරිපස සහ පසුපස ශබ්ද ග්‍රහණය කරගැනේ. ඊළඟට Cardioid හරියට හදවතේ හැඩය ඉදිරිපස වැඩියෙනුත් පසුපස අඩුවෙනුත් ශබ්දය ග්‍රහණය කරගැනේ.ඊළඟට Hyper Cardioid ඉදිරිපස වැඩියෙනුත් පසුපස ඉතාමත් අඩුවෙනුත් ග්‍රහණය කරගනී.
අපි මේවට කියන්නේ පෝලාර් පැටන් කියල. පෝලාර් කියන්නේ පොලරයිශේෂන් කියන එකයි.
මයික් මිලයට ගනිද්දී මේ ගැනත් සැලකිලිමත් වෙන්න. මම හිතනවා මේ කියපු ටික ඔයාලට ප්‍රයෝජනවත් කියල.
බෙහොම ස්තූති
ReplyDelete