How Mobile Phones Work මතකද? ගඩොල් බාගේ




ම්ම්ම් ..... අද නම් ටිකක් එ...රෙන සබ්ජෙක්ට් එකක් ඕගොල්ලොයි මමයි පාවිච්චි කරන සෙල් පෝන් වැඩ කරන ආකාරය පිලිබඳ. මුලින්ම කියන්න ඕන මේ පාඩම කොටස් කීපයකින් යුක්තයි. මොකද ඒ කොටස් මට නිවාඩු තියෙන වෙලාවට තමයි මේකේ පල කරන්නේ. එකට සමාවෙලා පොඩ්ඩක් ඇලට් එකේ ඉන්න.මොකද මමත් ජීවත් වෙන්න රස්සාවක් කරන්න ඕනනේ.

***හැඳින්වීම 
මුලින්ම අපි මොකද්ද සෙල් පෝන් එකක් කියන්නේ කියල බලමු.අපි අනෙක් අය සමග තොරතුරු හුවමාරු කරගන්න උපයෝගී කරගන්න අතේ ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික උපකරණයක්.මෙම උපකරණය මගින් ගුවන් විදුලි තරංග විසුරුවා හැරීමත් ඒ වගේම ගුවන් විදුලි තරංග ග්‍රහණය කර ගැනීමත් එක විට කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් විසුරුවා හැරීමට ට්‍රාන්ස්මිට් කරනවා කියන්නේ. ඒ වචනෙන් ට්‍රාන්ස් කියන වචනයත් ග්‍රහණය කරනවට කියන්නේ රිසීව් කරනවා කියල ඒ වචනයෙන් සීව් කියන එකත් අරගෙන තමයි ට්‍රාන්සීවර් කියලත් මේ උපකරණයට කියන්නේ නමුත් ඒ වචනය භවිතා වෙන්නේ නැ.කව්රුත් කියන්නේ සෙල් පෝන් කියල. ඒකට හේතුව තමයි. ගුවන් විදුලි තරංග විසුරුවා හැරීම සහ ග්‍රහණය ජාල ගතකරණය. එහෙම කිව්වහම ටිකක් තේරෙන්නේ නැ වගේ නේද.හරි බලමු ඊ ලඟට මොකද්ද කියල.


***ඉතිහාසය 
මෙහි ඉතිහාසය ගැන ගත්තොත් දෙවන ලෝක යුද්ද කාලෙට යනවා. ඒ කාලේ යුද්දය ඇති ප්‍රදේශ වල තොරතොරු හුවමාරුව සඳහා තමයි මුලින්ම යොදාගත්තේ. ඒ ඇවිල්ල 0G (0th Genaration). VHF තරංග පන්ති තමයි පාවිච්චි කලේ. නමුත් මේවා ඉතාමත් දෝෂ සහිත සහ අනවශ්‍ය ශබ්ද වලින් ගහන එකක් උනා.එකට හේතුව තමයි එක තැනක මෙම තොරතුරු හුවමාරු උපකරණය ක්‍රියාත්මක කල විට අනෙක් උපකරණ වලට පැමිණෙන සඥා බාධා වලින් ගහන වීම. මේකට උත්තරයක් 1947 දී ඇමෙරිකාවේ AT&T සමාගමේ Bell ලැබ් එක හොයාගත්ත.ඒක අද වර්තමානයේ භාවිත කරන හෙක්සගනල් සෙල් බේස් ස්ටේෂන් ක්‍රමය.ඔය උඩ පින්තුරෙන් පෙන්නලා තියෙන්නේ. හොඳට බලන්න තරංග විසුරුවා හරින සහ ග්‍රහණය කරන ස්ටේෂන් ස්ථාන ගත කරලා තිබෙන ආකාරය.ෂඩාශ්‍රාකාරයට (Hexagonal) තමයි ස්ථානගත කරලා තියෙන්නේ.හැම ස්ටේෂන් එකකම 6 ආකාරයට සිග්නල් ඕවර්ලැප් වෙන විදියට තමයි ස්ථාන ගත කරලා තියෙන්නේ.නමුත් 1960 වනතුරු මේ ක්‍රමය ඉතාමත් මන්දගාමි ස්වරුපයෙන් තමයි ඉදිරියට ආවේ.එකට හේතුව තමයි කෙනෙකු දුරකතනයක් එක තැනක සිට තවත් තැනකට එම දුරකථනය ක්‍රියාත්මක කරමින් ඒ කියන්නේ කෝල් එකක ඉඳගෙන යනවිට එම දුරකථනය හා සම්බන්ද බේස් ස්ටේෂන් එක සහ අනෙක් බේස් ස්ටේෂන් එක හා සම්බන්ද වෙන්නේ කොහොමද කියල. ඒ කියන්නේ පලවෙනි බේස් ස්ටේෂන් එකෙන් ඉවත්ව දෙවෙනි බේස් ස්ටේෂන් එක කරා යාමේදී දුරකථනය සහ බේස් ස්ටේෂන් අතර සම්බන්දය ගිලිහී යාම. හේතුව ඇනලොග් සඥා නිසා එකකින් අනෙකට මාරු නොවීම.මේකට පිළිතුරක් 1970 දී අමොස් ජොඑල් Bell Lab එකේම කෙනෙක් හොයාගත්ත. එකට කියන්නේ
(Call Handoff Feature) දුරකතනයේ සම්බන්දතාවය එක ස්ටේෂන් එකකින් අනෙක් ස්ටේෂන් එකට මාරු කිරීම.ඉතින් මුල්ම සෙල්පෝන් උනේ වාහන වලට හයි කරන පෝන්. පස්සේ 1973 දී මෝටරෝල සමාගමේ මාටින් කූපර් තමයි හොයාගත්තේ අපි දැනට පාවිච්චි කරන මොබයිල් පෝන් එක.හරියට අප්‍රේල් 03 වෙනිදා ලෝකෙම වෙනස් කල සෙල්පෝන් දුරකථන ඇමතුම දෙනු ලැබුවා.


මේ තියෙන්නේ ගඩොල් බාගේ ඉඳල සෙල් පෝන් පරිවර්තනය උන ආකාරය. නමුත් මෙතන නැ අද වෙනතෙක් උන පරිවර්තනය.

***අද භාවිතා කරන සෙල්පෝනයේ තාක්ෂණික පටන් ගැන්ම 
මුලින්ම 1G තාක්ෂණය පටන් ගත්තේ 2007 දී.ඒ කියන්නේ first genaration. මේ ක්‍රමයට ජංගම දුරකථනය ඉතාමත් කුඩා උනා. ඒ වගේම බැටරි පාවිච්චිය ඉතාමත් අඩු උනා. අමතර උපාංග වැඩි උනා.ඊට පස්සේ ආවේ 2G (Second genaration) මේකෙන් පස්සේ විශාල පරිවර්තනයක් උනා .එකට හේතුව ලෝක සම්මතයක් වන TDMA (Time Division Multiple access) ක්‍රමය පටන් ගැනීම. ඒ වගේම කව්රුත් දන්න GSM ඒ කියන්නේ Globle System For Mobile Communication. ලෝක ජංගම තොරතුරු තාක්ෂනය පටන් ගැන්ම.තව තියෙනවා CDMA කියල ඒ ගැන කව්රුත් අහල ඇතිනේ.ඒ කියන්නේ CODE Division Multiple Access. අද භාවිතා කරන ක්‍රමය.තව පසුවට. 










0 comments: