Inductor





Electronic component inductors.jpg

















මේ ඉහල රුප සේරමවලින් පේන්න තියෙන්නේ ඉන්ඩක්ටර්. මොනවද මේ ඉන්ඩක්ටර් කියන්නේ.ඔයාල දන්නවද සාමාන්‍ය විදුලිය ගමන් කරන ඕනෑම ලෝහයක විදුලිය ගමන් කරන විට එයට විරුද්ධව ප්‍රතිරෝධයක් ඇතිවෙන බව.එවිට එම ප්‍රතිරෝධයත් සමග ගමන් කරන විදුලිය අඩු වෙනවා.ඉතින් මේ ලෝහ වලින් අඩු ප්‍රතිරෝධයක් සහිත විදුලිය වැඩියෙන් ගමන් කරන ලෝහය තමයි තඹ ලෝහය. එක නිසාම තමයි තඹ ලෝහය විදුලිමය වැඩ සඳහා වැඩියෙන් භාවිතයට ගන්නේ.ඉතින් මම මේ කියන්න යන්නේ ඉන්ඩක්ටර් ගැන. ලෝහ කම්බියක් සරලව තිබෙන විට ඒ තුලින් විදුලිය ගමන් කරද්දී ඒ තුල ඇතිවෙන ප්‍රතිරෝධය හැර වෙනත් දෙයක් ඇතිවෙන්නේ නෑ. නමුත් එම කම්බිය දඟරයක් විදියට ඔතනු ලැබුවහොත් එම දඟර හරහා චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවෙනවා.ඒ කියන්නේ ඒ දඟර හරහා කාන්දම් බලයක් ඇතිවෙනවා.අපි මේකට කියනවා ඉන්ඩක්ටන්ස් එකක් කියල.ඉන්ඩක්ටන්ස්  මනින ඒකකය තමයි හෙන්රි. සමහර විට ඔයාල අහල ඇති මිලි හෙන්රි මෙච්චර කොයිල් එකක් එහෙම නැත්තම් හෙන්රි මෙච්චර කොයිල් එකක් කියල.ඉතින් මෙසේ ඔතන ලද කම්බි දඟරය තුලට ලෝහ කැබැල්ලක් දැම්මොත් ඒ දඟරයේ ඇතිවෙන කාන්දම් බලය එම ලෝහ කැබැල්ලට ආරෝපණය වී ලෝහ කැබැල්ල කාන්දමක් විදියට වැඩ කරනවා. එකට අපි කියන්නේ ඉන්ඩියුස් වෙනවා කියල.ෆැරඩේ ගේ නියමය මේ ඉලෙක්ට්‍රෝ මැග්නටික් ඉන්ඩක්ෂන් මැනීම සඳහා යොදාගන්නේ . ඉගනගන්න ඔයාලට ඒක ටිකක් බර වැඩියි. පස්සේ කියල දෙන්නම්.දැනට මේ ටික සරලව තේරුම් ගන්න .

0 comments: