Optocoupler
ඔප්ටෝකප්ලර් මොකද්ද ඒ.පහල රුපය බලන්නකෝ
දැන් දැකල ඇති නේද මේ අයි සී එකක් වගේ කෑල්ල.ඉතින් මේක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා අධික වෝල්ටීයතාවයකින් යුත් සර්කිට් පරිහරණයේදී.ඔබ දන්නවා ගෘහස්ත විදුලියේ වෝල්ටීයතාව වෝල්ට් 230යි කියල අපි මේ විදුලිය අධිසැර අධික වෝල්ටීයතාවයකින් නිසා ඉතාමත් ප්‍රවේසමෙන් තමයි පරිහරණය කරන්නේ කෙලින්ම අපගේ ශරීරය මේ විදුලිය සමග ගැටුනොත් මරණය අනීවාර්යෙන්ම සිදු වෙනවා.එමනිසා මේ අධිසැර සහ අධික වෝල්ටීයතාවයකින් යුක්ත විදුලි සර්කිට් නිර්මාණයේදී විශේෂයෙන් සැලකිලිමත් වෙනවා එම විදුලියට සම්බන්ද කොටස මනුෂ්‍ය ශරීරයේ නොගැටී එම සර්කිට් මනුෂ්‍යයන්ට පරිහරණය කිරීමට.ඉතින් එම කොටස ක්‍රියාත්මක කිරීමට සහ මනුෂ්‍යන්ට පරිහරණය කිරීමට තවත් කොටසක්ද නිර්මාණය කරනවා. මෙම කොටස් දෙක අතර තමයි ඔප්ටෝකප්ලර් එක යොදන්නේ. මෙහි ක්‍රියාකාරිත්වය තමයි මනුෂ්‍යයන් පරිහරණය කරන කොටස මගින් ආලෝක ධාරාවක් මගින් මනුෂ්‍යයන්ට අනතුරුදායක කොටස ක්‍රියාත්මක කිරීම.පහල රුපය බලන්නකෝ.එතකොට ටිකක් තේරෙයි.
මේක තමයි ඔප්ටෝකප්ලර් එකේ සංකේතය. ඔයාලට පේනවා නේද ඒ සංකේතයේ වම් පැත්තේ ඩයෝඩ් එකක් පේන්න තියනවා එක ඇවිල්ල එල් ඊ ඩී එකක් අනෙක් පැත්තේ තියෙන්නේ පොටෝ ට්‍රාන්සිස්ටර් එකක් ඒ කියන්නේ ආලෝකයට සංවේදී ට්‍රාන්සිස්ටරයක්.ඉතින් මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නෑ.එල් ඊ ඩී එකේ ආලෝකයට පොටෝට්රාන්සිස්ටර් එක ඔන් වෙනවා.ඉතින් එල් ඊ ඩී පැත්ත තමයි මනුෂ්‍යයන්ට පරිහරණය කල හැකි පැත්ත. පොටෝට්රාන්සිස්ටර් පැත්ත තමයි අනතුරුදායක විදුලිය පැත්ත.දැන් තේරුනාද ඔප්ටෝකප්ලර් එකේ ක්‍රියාවලිය.මේවා එක එක වර්ග තියනවා.ඒ කිව්වේ එල් ඊ ඩී එක පැත්ත නෙවෙයි අනෙක් පැත්ත.රෙසිස්ටිව් ඔප්ටෝකප්ලර්, ඩයෝඩ් ඔප්ටෝකප්ලර්,ට්‍රාන්සිස්ටර් ඔප්ටෝකප්ලර්,එස් සී අර් ඔප්ටෝකප්ලර්,ට්‍රයක් ඔප්ටෝකප්ලර්.ඒ වගේ වර්ග.
0 comments: