Radio & Radio Waves Theory




අද මම කියල දෙන්න යන්නේ පට්ටම පට්ට ටිකක් තේරුම් ගන්න අමාරු දෙයක් ගැන. ඒ උනාට  හරිම වැදගත්. මොකද්ද දන්නවද ඔයාලගේ ගෙදර තියෙන රේඩියෝ එක ගැන සහ ඒක වැඩ කරන්නේ  කොහොමද කියල. පහල රුපය බලන්නකෝ දැනට අපි පාවිච්චි කරන තරංග බෙදල තියන ආකාරය ඔබට පැහැදිලි වෙයි.




මුලින්ම අපට පේනවා රේඩියෝ තරංග ඊළඟට මයික්‍රො තරංග නොහොත් ක්‍ෂුද්‍ර තරංග,ඊළඟට ඉන්ෆ්‍රාරෙඩ් නොහොත් අධෝරක්ත කිරණ,ඊළඟට විසිබල් ලයිට් නොහොත් දෘශ්‍ය තරංග,ඊළඟට අල්ට්‍රසොනික් කිරණ නොහොත් පාරජම්බුල කිරණ, ඊළඟට එක්ස් කිරණ නොහොත් එක්ස් රේ, අන්තිම එක ගැමා රේ නොහොත් ගැමා කිරණ. ඉතින් මම මීට පෙරත් පාඩමක මේ ගැන ටිකක් පැහැදිලි කලා. ඉතින් අපි දැන් බලමු අපට පෙනෙන දර්ශන ටී වී එකෙන් පේන්නෙත් ශබ්දය ගුවන් විදුලියෙන් ඇහෙන්නෙත් කොහොමද කියල. මුලින්ම ශබ්දයක් අපේ කණට ඇහෙන්නේ කොහොමද කියල කෙනෙක් ඇහුවොත් එක පැහැදිලි කරන්න වෙන්නේ මෙහෙම, චාලක ශක්තියකින් උපදින ශබ්ද පීඩන තරංග (වාතයේ ඇති වාතාන්සු තෙරපීම සහ ලිහිල් කිරීම ) අපගේ කණ තුල තිබෙන කන් බෙරය වෙත පැමිණ ගැටී කන් බෙරය චලනය කිරීමට පටන් ගන්නවා. ඊට සාපේක්ෂව කණ තුල ස්නායු මගින් ඒ බව අපගේ මොලය වෙත දැනුම් දීම. නමුත් මිනිසා විසින් විවිධ සම්මතයන් මේ සඳහා ගොඩ නගාගෙන තිබෙනවා.එකක් තමයි චාලක ශක්තිය මගින් උපදින තරංග බෙදා වෙන් කිරීම, ඒ වගේම එම චාලක ශක්තිය ගණනය කිරීම.අනිත් වැදගත්ම දේ තමයි ඒ චාලක ශක්තිය උපදින තැන සිට අපගේ කන තුල ඇති කන් බෙරය වෙත පැමිණ ගැටීමට යන කාලය ගණනය කිරීම.  පහල රුපය බලන්න.



ඊ ලඟට ඔයාල දන්නවා ඕනෑම දෙයක් එක තැනක සිට තව තැනකට ගෙන යන්න මොකක් හරි මාධ්‍යක් අවශ්‍යයි කියල. ඒ කිව්වේ අපිට බඩු ටිකක් කොළඹ ඉඳල නුවර හරි අනුරාධපුරේට හරි ගෙනියන්න ඕනේ.නමුත් කොළඹ ඇතුලත අපිට උස්සගෙන යන්න පුළුවන් පොඩි බරක් නම්, එත් එතනින් එහාට ගෙනියන්න නම් වාහනයක දාගෙන යන්නම වෙනවා. ඉතින් මම මේක කිව්වේ ඒ වගේ තමයි මේ කෙරුවාවත්,අපි කටින් කතා කරන දේ හරි යම් කිසි ශබ්දයක් හරි යම්කිසි දුරකට  ඇහෙන්න පුළුවන්, නමුත් එතනින් එහාට ගෙනයන්න නම් එතනින් එහාට ගමන් කරන යම් මාධ්‍යක් අපි පාවිච්චි කරන්න වෙනවා.ඔයාල දන්නවා අපේ කනට ඇහෙන තරංග පරාසය 20Hz ඉඳල 20KHz කියල. නමුත් එතනින් එහාටත් වැඩි දුරකටත් තරංග ගමන් කරනවා. වැඩේ තියෙන්නේ අපේ කනට ඇහෙන්නේ නෑ.ඉතින් ඒ තරංග මත අපේ කනට ඇහෙන තරංග පටවල අපට අවශ්‍ය තැනින් බා ගෙන අපි අපේ කනට ඇහෙන විදියට සකස් කරගන්න යන්ත්‍රය තමයි ගුවන් විදුලිය කියන්නේ.



යම් කිසි ශබ්දයක් යම් දුරකට ඇහෙන්න පුළුවන්. එතනින් එහාට ඒ ශබ්දය ගෙනයන්න අපි ස්පිකර් ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරනවා. එතනිනුත් එහාට ඒ කියන්නේ දුරකට ඒ ශබ්දය ගෙනයන්න ගුවන් විදුලි තරංග භාවිතා කරනවා.ඉතින් ගුවන් විදුලි තරංග කිව්වහම තරංග සංක්‍යතය ඇවිල්ල 3KHz සිට 300GHz නමුත් මේ සංක්‍යතය තුල ගුවන් විදුලි යන්ත්‍ර ඒ වගේම වෝකි ටෝකි යන්ත්‍ර,මොබයිල් ෆෝන්. චන්ද්‍රිකා තාක්ෂණික උපකරණ, රේඩාර් යන්ත්‍ර සහ ජ්‍යාත්‍යන්තර තොරතුරු තාක්ෂණික උපකරණ සියල්ලම වැඩ කරනවා.



මේ රුපයෙන් පෙන්නේ ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය වෙන ආකාරය.



මේ තියෙන්නේ ගුවන් විදුලි තරංගයක් රුප සටහනකින් පෙන්නුම් කරලා. ඉතින් මේක විස්තර කරනකොට දැන් ඇති කියල හිතෙයිද මන්ද? මුල් කලේ රේඩියෝ තිබුනේ කෙටි තරංග සහ මධ්‍යම තරංග වශයෙන්. දැනුත් පාවිච්චි කරනවා එච්චරම නෑ. මේවට ශබ්ද තරංග ඇතුලත් කලේ ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන් ආකාරයට ඒ කිව්වේ ඉහල රුපයේ පෙනෙන තරංගයේ උස මුදුන් (ඇම්ප්ලිටියුඩ් එක) ශබ්ද තරංග අනුව වෙනස් කිරීමෙන්. අනෙක් ක්‍රමය තමයි අපි දැන් බහුලව පාවිච්චි කරන එෆ් එම්. එකේදී වෙන්නේ අපි තොරතුරු ගෙන යන තරංගයේ දුර අපි එයට ඇතුලත් කරන ශබ්ද තරංගය අනුව වෙනස් කිරීමයි. පහල රුපය බලන්න මුලින්ම තියෙන්නේ සාමාන්‍ය සඥා තරංගයක් දෙවනුව තියෙන්නේ ඒ එම් (ඇම්ප්ලිට්යුඩ් මොඩියුලේෂන්) ක්‍රමයට එම තරංගය ගෙන යන ආකාරය තුන්වනුව තියෙන්නේ එෆ් එම් (ෆ්රිකුවෙන්සි මොඩියුලේෂන්) ක්‍රමයට එම තරංගය ගෙනයන ආකාරය. ඉතින් තව විස්තර කරන්න පුළුවන් ඒත් ඔයාලට මේක  එපා වෙනවා. අදට මේ ඇති පස්සේ ඉතුරු ටික.












0 comments: