Security Light & Switch with PIR Sensor
අද මම කියල දෙන්න යන්නේ PIR සෙන්සර් ගැන.මොකද්ද ඒ.නිකන් නුහුරු නමක් වගේ .PIR වචනේ තේරුම PASSIVE INFRA RED අක්‍රිය අධෝ රක්ත කිරණ (තරංග ).ඔයාල දන්නවද ඕනෑම මේ ලෝකේ තියන ඕනෑම වස්තුවකින් මේ අධෝ රක්ත කිරණ(තරංග ) පිටවෙන බව ඒ කිව්වේ ජීවී අජීවී හැම දෙයකින්ම. නමුත් අපේ පියවි ඇසට මේවා පෙන්නේ නෑ.පහල රුප බලන්නකෝ
මේ සියලුම රූපවලින් පෙන්නන්නේ ලෝකයේ දැනට සොයාගෙන ඇති තරංග බෙදා ඇති ආකාරයයි.ඔතන තියනවා ගුවන් විදුලි යන්ත්‍ර සහ රුපවාහිනී සඳහා පාවිච්චි කරන තරංග, ඒ වගේම මොබයිල් ෆෝන්, සැටලයිට් ඇන්ටෙනා, ඇන්ටෙනා ටවර් වල ඇති බේසන් ඇන්ටෙනා සඳහා පාවිච්චි කරන තරංග (මයික්‍රෝ වේව් ) ඒ වගේම ගෙදර පාවිච්චි කරන රිමෝට් එකට පාවිච්චි කරන තරංග (ඉන්ෆ්රාරෙඩ් ) ඊ ලඟට අපට පෙනෙන තරංග නොහොත් විසිබල් ලයිට් වෙව්ස් ඒ වගේම අපි මාළු ටැංකි වල දිය සෙවල බැඳෙනවාට පාවිච්චි කරන තද නිල් පාට අල්ට්රා වයලට් ලයිට් (අල්ට්රා වයලට් තරංග) එත් එක්කම අපි ඉස්පිරිතාලෙට ගිහින් දොස්තර මහත්තයා කිව්වහම ගන්න එක්ස්රේ (එක්ස්රේ තරංග) අන්තිමට තියෙන්නේ ගැමා තරංග මේවා පාවිච්චි කරන අවස්ථාවන් අඩුයි.ගොඩක් සෞඛ්‍ය කාර්යන් සඳහාත් (පිලිකා මර්දනයට), අහාර වල විෂබීජ විනාශ කිරීමටත් මේ තරංග යොදාගන්නවා.
ඉතින් චුටි මහත්තයලට කියන්නේ ඔතන තියෙන අධෝ රක්ත කිරණ(තරංග ) ගැන.ඒ තරංග අපේ මිනිස් සිරුරේ තාපයත් එක්ක පිට වෙනවා. මේවා තරංග ගණනය කරලා තමයි මේ සර්කිට් එක හදල තියෙන්නේ යම්කිසි මනුස්සයෙක් මේක ඉදිරියෙන් යන විට මේකේ රිලේ ස්විච් එක ඔන් වෙනවා. ඔයාලට ඕන නම් ඒ රිලේ එකට සයිරන් එකක් සම්බන්ද කරලා සොර සතුරු එලාම් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හදල බලන්නකෝ....
0 comments: