How to drive stepper motor
ඉතින් පුතාලා චුටි මහත්තයල ඔන්න අද මම කියල දෙන්න යන්නේ විශේෂ මෝටරයක් ගැන. මොකක්ද දන්නවද ස්ටෙපර් මෝටරය ගැන ඔයාල දන්නවා මෝටරයක් කියන්නේ මොකද්ද කියල, මෝටරයක් කියන්නේ විදුලි බලය යාන්ත්‍රික බලය බවට පත් කරන යන්ත්‍රය.අනික මේ මෝටර් සාමාන්‍ය මෝටර් වගේ නොකඩවා කරකැවීමක් වෙන්නේ නෑ.මේවා කරකැවෙන්නේ සම්පුර්ණ වටයෙන් වරකට එක් කුඩා පියවරක් පමණයි. ඉතින් පියවරෙන් පියවර කැරකිලා තමයි සම්පුර්න වටයක් සම්පුර්ණ කරන්නේ.මේ නිසා ස්ටෙපර් කියල කියනවා.මේක ඉතාමත් වැදගත් වෙනවා ඔයාල රොබෝ කෙනෙක් හදනකොට, ඒ වගේම ස්වයංක්‍රිය මැෂින් හදනකොට. අනික මේක සාමාන්‍ය මොටරවලට වඩා වෙනස්, ඒ මොකද කියනවනම් මේකේ වේගය පාලනය කරන්න පුළුවන්, ඒ වගේම අවශ්‍ය විටක අවශ්‍ය තැන නතර කරන්න පුළුවන්. සරලව කිව්වොත් ඕනෑම වෙලාවක ඕනෑම වේගයකින් ධාවනය කරන්නත් ,ඕනෑම වෙලාවක ඕන තැන බ්රේක් කරන්නත් පුළුවන්,හැබැයි පුතෝ මේක බැටරියකින් ධන රින විදුලිය දුන්නට විතරක් වැඩ කරන්නේ නෑ මේකට අවශ්‍ය විදුලි ස්පන්දන සඥා එහෙමත් දෙන්න ඕනේ. ඒ සඥා අනුව තමයි මෝටරය වැඩ කරන ආකාරය තීරණය වෙන්නේ.ඔයාල දන්නවා ඩිජිටල් සිග්නල් කියන්නේ 0සහ 1 කියල.ඒ වගේම ඇනලොග් සඥා.ඉතින් මේ සඥා අපි ඇඳල පෙන්නුවොත් මෙන්න මේ පහල ආකාරයයි.
ඉතින් ඇනලොග් සිග්නල් කියන්නේ අපි සාමාන්‍ය භාවිතයට ගන්න සඥා, ඒවා තරංග වශයෙන් ගත්තොත් කියන්නේ සයිනසොයිඩල් වෙව්ස් කියල. හොඳයි එහෙනම් ඩිජිටල් සිග්නල් තරංග වශයෙන් ගත්තොත් මොකද්ද කියන්නේ දන්නවද ස්ක්වෙයා වේව්. දැන් මෙතැනදී අපි පාවිච්චි කරන්නේ ඩිජිටල් සඥා . ඒ කියන්නේ ඩිජිටල් සිග්නල්. හැබැයි ඒ ඩිජිටල් සිග්නල් ඔය උඩ තියෙන විදියට ලස්සන ඒකාකාරී නැහැ. මොකද සමහර තැන වලදී ඔය කොටු ආකාරය වෙනස් කරන්න වෙනවා මෝටරයේ වේගය පාලනය කිරිමට. මේ මෝටර් අමතර වයර් දෙකක් හෝ තුනක් එහෙමත් නැත්තම් හතරක් ආකාරයෙන් එනවා. ඒ අවශ්‍යතාවය අනුව.
මේ තියෙන්නේ සාමාන්‍ය මෝටරය වැඩකරන ආකාරය
මේ රුපයෙන් පෙන්වන්නේ කොහොමද මේක ක්‍රියාකරන්නේ කියල මම පාඩමකදී කියල දුන්න මතකද හෝල් එෆෙක්ට් සෙන්සර් ගැන. අන්න එකත් මෙතැනදී අවශ්‍ය වෙනවා.මොකද ඔය මලක් ආකාරයට තියෙන්නේ ස්ථිර චුම්බකයක් එකේ උතුර සහ දකුණ තීරණය කරන්නේ අන්න ඒ හෝල් එෆෙක්ට් සෙන්සර් මගින් ඔයාල දන්නවනේ මෝටරයක් කැරකෙන්න නම් එකේ චුම්බකයට විරුද්ධ වෙන ආකාරයට චුම්බකත්වයක් ඇති කරන්න ඕනේ කියල. ඉතින් ඒ ස්ථිර චුම්බකයේ උතුර දකුණ තීරණය කරන්නේ අර හෝල් එෆෙක්ට් සෙන්සර් මගින්.ඔයාල දන්නවද මෝටරයක කොටස් හඳුන්වන්නේ කොහොමද කියල ප්‍රධාන කොටස් දෙකයි. රෝටරය සහ ස්ටේටරය.රෝටරය කියන්නේ ස්ථිර චුම්බකයට.ස්ටේටරය කියන්නේ තඹ කම්බි ඔතා ඇති කොටසට.මෙම විස්තරය ඉතාම සරලව කිව්වේ නමුත් මේවා ගැන ගොඩක් විස්තර තියනවා කියන්න.ඒවා පසුවට.
.
0 comments: