Capacitor
ඔන්න පුතේ අද මම ගෙනාවේ කාටත් ඉලෙක්ට්‍රොනික් සර්කිට් නිර්මාණයේදී නැතුවම බැරි කෑල්ලක් ගැන කියන්න .මේක තමයි කැපසිටර් එහෙමත් නැත්තම් කන්ඩන්සර් එක.මේක හරියට රිචාර්ජබල් බැටරියක් වගේ විදුලිය ගබඩා වීමත් ඒ ගබඩා උන විදුලිය පිට කිරීමත් සිදු වෙනවා.මේක හැදිලා තියෙන්නේ ලෝහ තහඩු දෙකක් සහ විදුලිය ගමන් නොකරන(මයිකා ඒ කියන්නේ තලාතු මිනිරන්,සෙරමික් ඒ කියන්නේ පිඟන් මැටි,ම්යිලර් ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යක්,ටෙෆ්ලෝන් ඒත් ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යක්) කඩදාසි කෑල්ලක් එකතු වීමෙන්.මේවා විවිධ වර්ග තියනවා.ඒ වගේම විවිධ ප්‍රමානවල් තියනවා. විශේෂයෙන් මෙම ප්‍රමානවල් මනින්නේ පිකෝ ෆැරඩ් සහ මයික්‍රෝ ෆැරඩ් වලින් (අපි නම් කෙටියෙන් භාවිතා කරන්නේ pf සහ uf කියල ඇත්තටම uf වල u කියන්නේ මියු. ඒකියන්නේ ග්‍රීක් අකුරක්,මේක පාවිච්චි කරන්නේ මයික්‍රෝ කියන වචනෙට.
ඉතින් මේක මුලින්ම හොයාගත්තේ 1745 ඔක්තෝම්බර් මාසේ දවසක ජර්මනියේ එවල්ඩ් ජෝර්ජ් වොන් ක්ලිස්ට් කියන එක්කෙනා.
නමුත් ඊට පසුව තවත් අයගේ නම් සඳහන් වෙනවා.ඒ අතර බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. මුල්ම කපැසිටර් එක උනේ වීදුරු ජෝගුවක්. ඒ හැඩය වෙනස් කෙරුව බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්.
මේ තියෙන්නේ අගය වෙනස් කල හැකි කැපසිටර් එකක්. මේවා ගොඩක් වෙලාවට දාල තියෙනවා ඔයාල දැකල ඇති පරණ රේඩියෝ වල.එකියන්නේ මීඩියම් වේව් සෝර්ට් වේව් රේඩියෝ වල ට්යුනින් කැපසිටර් එක විදියට
මේ තියෙන්නේ ඒ සී කැපසිටර් එකක් මේවා යොදල තියනවා කැමරා වල ෆ්ලෑෂ් ගන් සඳහා .
මේ තියෙන්නේ සාමාන්‍ය ඉලෙක්ට්‍රොලයිටික් කැපසිටර් එකක් මේවා අප අද පාවිච්චි කරන සැම එලෙක්ට්‍රොනික් උපකරනයකම තියනවා.මේවා මයික්‍රෝ ෆැරඩ් අගයන්ගෙන් යුක්තයි.
මේ තියෙන්නේ පී එෆ් සෙරමික් කැපසිටර් එකක්. මේවත් අද තිබෙන සෑම ඉලෙක්ට්‍රොනික් උපකරනයකටම භාවිත කරනවා.
ඉතින් මේවගේ ක්‍රියාකාරිත්වය ගැන කියල දෙන්න පුළුවන් එත් ඔයාල ටිකක් තෙරුන් යනවා මදි නිසා පසුවට.
0 comments: