Resistor



ඔන්න පුතාල අද ඔයාලට කියල දෙන්න යන්නේ රෙසිස්ටරය ගැන. මොකක්ද ඒ. අපි එදිනෙදා පාවිච්චි කරන විදුලි උපකරණ වල තියෙන කෑල්ලක් ගැන.ඒක මොනවගේද කිව්වොත් ඉතාමත් කුඩා ප්‍රමාණයේ ඉඳල ලොකු ප්‍රමාණවල් ඒවත් තියෙනවා.අනික එක එක වර්ගවල ඒවත් තියෙනවා කොටින්ම කිව්වොත් කාබන් ෆිල්ම් රෙසිස්ටර්,වයර්වවුන්ඩ් රෙසිස්ටර්.මෙටල් ඔක්සයිඩ් ෆිල්ම් රෙසිස්ටර්,ෆොයිල් රෙසිස්ටර්,ඒ වගේ. ඉතින් මේ රෙසිස්ටර් ඔක්කොගෙන්ම කෙරෙන්නේ එකම දෙයයි. මොකක්ද දන්නවද විදුලිය ගමන් කරන සන්නායක වලට බාධා පැමිණවීම. ඒ කියන්නේ අපි විදුලිය ගමන් කරන සියලුම දේ වලට කියන්නේ සන්නායක කියලා. ඔය සන්නායක ලෝහ හෝ වෙනත් දෙයක් වෙන්න පුළුවන්. එතකොට අහයි ලෝහයකින් නැතුව වෙනත් දෙයකින් කොහොමද විදුලිය ගමන් කරන්නේ කියල ඇයි කාබන් අඩංගු දේවල් හරහා, ඒ වගේම ජලය තුලින් ඇසිඩ් ඒ කියන්නේ අම්ල තුලින් සරලව කිව්වොත් දෙහි ඇඹුල් තුලින් ඒ වගේ.ඉතින් සන්නායක ගැන කිව්වා ඇති. දැන් රෙසිස්ටර් කතාවට යමු.අපට යම්කිසි ඉලෙක්ට්‍රොනික උපකරණයක් ක්‍රියාත්මක කරගන්න ඕන උනාම එක වැඩ කරවන්න ඒ තුල ඇති ට්‍රාන්සිස්ටර් හෝ අයි සී වැඩ කරවන්න ඕනේ.ඉතිං ඒවා වැඩ කරවන්න ඒවාට අවශ්‍ය විදුලිය සපයන්න ඕනේ නියමිත ප්‍රමානවල් වලට. ඒ සියලුම කෙරුවාවල් කරන්නේ මේ රෙසිස්ටරය මගින් පහල මුලින්ම තියෙන්නේ සාමාන්‍ය රෙසිස්ටරයක් පෙන්වන සංකේතය ඊ ලඟට තියෙන්නේ අගය වෙනස් කල හැකි රෙසිස්ටරයක් ඊ ලඟට තියෙන්නේ අග්‍ර තුනක් තියෙන අග්‍ර දෙකක ස්ථාවර අගයක් සහ එක අග්‍රයක අගය වෙනස් කල හැකි රෙසිස්ටරයක්. ඉතින් මේ රෙසිස්ටර වල  සම්මත අගයන් තියෙනවා.ඒ අගයන් මනින ඒකකය තමයි ඔම්ස්. ඔම්ස් පෙන්වන සංකේතය තමයි උඩු යටිකුරු කල පයන්න. මේක ඇත්තටම ග්‍රීක් හෝඩියේ අකුරක්.ඉතින් ගණනය කරන්නේ ඔම්ස් 1000 කිලෝ ඔම්ස් එකයි ,කිලෝ ඔම්ස් 1000 මෙගා ඔම්ස් එකයි මෙගා ඔම්ස් 1000 ගිගා ඔම්ස් එකයි ඒ වගේ. ගොඩක් වෙලාවට මෙගා ඔම්ස් වලට වැඩි ඒවා පාවිච්චි වෙනවා අඩුයි. අනෙක් වැදගත්ම දේ තමයි විවිධ අගයන්ගෙන් තියෙන රෙසිස්ටර් එකට තියෙනකොට කොහොමද මේ මේ අගය තියෙන රෙසිස්ටර් කියල හොයාගන්නේ. හරියට සමනල බිත්තර ගොඩක් වගේ. එකට ලේසි ක්‍රමයක් හොයාගෙන තියෙනවා. මේවයේ වටේට වර්ණ තීරු යොදල තියෙනවා.ඒවායින් කියන්නේ ඒවායේ තියෙන අගය එකියන්නේ විදුලිය ගමන් කිරීමට පමුණුවන බාධාවන් ප්‍රමාණය ඔම්ස් වලින්.මෙම වර්ණ රටාවට අපි කියන්නේ රෙසිස්ටර් කලර් කෝඩ් එක කියල.හරි එක ගැන මම පහලට ගිහින් කියන්නම්.


මේ උඩින් පේන්න තියෙන පින්තුරේ තියෙන්නේ රෙසිස්ටරයක කලර් කෝඩ් එක. මට නම් ඕනෑම රෙසිස්ටරයක් දැක්ක ගමන් කියන්න පුළුවන් එකේ අගය. මොකද එක්දහස් නමසිය බර ගණන් වල අපි කලර් කෝඩ් ඉගනගත්තේ ඇඟිලි ගැන ගැන. දැන් නම් දැක්ක ගමන් කියන්න පුළුවන්.ඉතින් මගේ පම්පෝරිය ගැහුවා ඇති. මේ වර්ණවල අගයන් තියනවා.
                දුඹුරුපාට කියන්නේ 1 යි 
              රතු පාට කියන්නේ 2 යි 
                  තැඹිලි පාට කියන්නේ 3 යි
                කහ පාට කියන්නේ 4 යි 
                   කොළ පාට කියන්නේ 5 යි 
                 නිල් පාට කියන්නේ  6 යි 
               දම් පාට කියන්නේ 7 යි 
               අළු පාට කියන්නේ 8 යි 
               සුදු පාට කියන්නේ 9 යි 
රත්තරන් පාට කියන්නේ එකේ ටොලරන්ස් එක.ඒ කියන්නේ එයට දරන්න පුළුවන් සියයට ප්‍රමාණය. මම මෙහෙම කිව්වේ ඔයාලට තේරෙන්න.අනෙක් පාට රිදී පාට එකෙනුත් කියන්නේ ටෝලරන්ස් එක. අන්තිම පාට මොකක් කියලද හිතන්නේ. හොඳයි  කියමු බලන්න ................පාටක් නෑ . ඉන්න මම ලේසි ක්‍රමයක් කියල දෙන්නම්.මේ උඩ දීල තියෙන පාටවල මුල් අකුරු ටික මතක තියාගන්න. මෙන්න මේ වගේ (දු .ර .තැ .ක .කො .නි .ද .අ .සු .ර .රි .පා )ර .රි . පා.අමතක කරන්න .දැන් වැඩේ ලේසි දු කිව්වොත් 1  ර කිවවොත් 2 .ඔය වගේ දාල ගාන හදාගන්න. ඉතින් උඩ තියෙන්නේ සාමාන්‍ය රෙසිස්ටරයක පින්තුරයක් . සාමාන්‍ය රෙසිස්ටර් වල ගෝල්ඩ් පාට හරි රිදී   පාට හරි තීරුවක් තියෙනවා. ඒක ඔයාලගේ දකුණු අත පැත්තට තියාගන්න. දැන් පලවෙනි පාටින් කියන්නේ කීයද කියල බලන්න උඩ පින්තුරේ තියෙන රෙසිස්ටරේ නම් කහ පාට  තියෙන්නේ. ඒ කියන්නේ 4  දෙවෙනි පාට දම් පාට ඒ කියන්නේ 7 තුන්වෙනි පාට රතු පාට ඒ කියන්නේ 2. එතකොට කොහොමද දැන් මේකේ අගය කියන්නේ. හරි ලේසි අන්තිම පාට රතු නේ ඒ පාටට බින්දු දාගන්න ඒ කියන්නේ 4700 ඔම්ස්. ඉලක්කම් හතරකට වඩා තියනවනම් ඒක කිලෝ ඔම්ස් රෙසිස්ටරයක්. ඉති මේ රෙසිස්ටරය 4.7k රෙසිස්ටරයක්. k කියන්නේ කිලෝ කියන එකයි. රිදී පාට හෝ රත්තරන් පාට ගැන දැන්ම හිතන්න එපා. ඒ  පාට ඔහේ තිබුනාවේ. මුල් පාට තුන ගැන විතරක් දැනට හිතන්න.
                 
 
මේ තියෙන්නේ අගය වෙනස් කල හැකි                            රෙසිස්ටරයක් (වෙරියබල් )

මේ තියෙන්නේ වයර්වවුන්ඩ් රෙසිස්ටරයක්. මේවා ගොඩක් වෙලාවට යොදන්නේ වැඩි බලයක් මේ හරහා ගන්න. ඒ වගේම රස්නෙට ඔරොත්තු දෙන්න  



 මෙතන මුලින්ම තියන රෙසිස්ටර් පෙළ ඔම්ස් රෙසිස්ටර් R කියන්නේ ඔම්ස් කියන එකටයි. දෙවෙනියට තියන රෙසිස්ටර් පෙල කිලෝ ඔම්ස්. ඒකයි K දාල තියෙන්නේ. ඉතින් සමහර විට ටිකක් කල් යනකම් තේරුම් ගන්න අපහසු වෙයි. එත් අපේ භාෂාවෙන් තියෙන හින්ද පහසු වෙයි. 




0 comments: