Transistor

අද මම කියල දෙන්න යන්නේ ඉලෙක්ට්‍රොනික් වලට නැතුවම බැරි ට්‍රාන්සිස්ටරය ගැන. මේක එන්න ඉස්සර මේ සඳහා පාවිච්චි කලේ Valve නොහොත් කපාට කියන උපකරණයයි. නමුත් මේ උපකරණය වැඩ කරවන්න අධි වෝල්ටීයතාවයක් සහ අධිවිදුලි සැරයක් ඕන උනා.අනික මේක ප්‍රමාණයෙන් ඉතාමත් විශාලයි.මේවා අතේ ගෙන ය හැකි උපකරණවලට ඒ කියන්නේ Portable උපකරණවලට සවි කල නොහැකි උනා.ඉතින් මේ අඩුව පිරිමහන්න තමයි ට්‍රාන්සිස්ටරය සොයාගත්තේ.මේකේ ක්‍රියාකාරිත්වය ඇවිල්ල අර්ධසන්නායක දෙකක් එකතු කිරීමක් කිව්වොත් ගොඩක් වෙලාවට හරි. ඒ වගේම මේක වැඩ කිරීමට අවශ්‍ය විදුලි සැර සහ වෝල්ටීයතාවය සැපයුවහම මේකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්. තරංග වර්ධනය,නියමිත තරංග පමණක් පෙරලා අනවශ්‍ය තරංග ඉවත් කිරීමට,ස්විච් එකක් විදියට,විදුලිය අඩු වැඩි කිරීමට ඒ වගේ ගොඩක් දේවල්.ඉතින් අද වෙනකොට මේ ට්‍රාන්සිස්ටරය ඉතාමත් කුඩා වෙලා ඒවා මිලියන බිලියන ගානක් එකතු කරලා චිප් වශයෙන් මිනිසාගේ අවශ්‍යතාවය සපුරනවා.



මුල්ම ට්‍රාන්සිස්ටරය තමයි මේ තියෙන්නේ.මේක 1923 ජුලියස් එඩ්ගා ලිලියන්ෆීල්ඩ් කියන විද්‍යාඥයා තමයි හොයාගත්තේ.පස්සේ තව කට්ටිය හොයාගත්ත.1934 ජර්මනියේ ඔස්කාර් හෙඉල් පේටන්ට් බලපත්‍රය ලබාගත්ත.නමුත් මේ අයට විද්‍යානුකුලව  මෙහි ක්‍රියාකාරිත්වය ඔප්පු කරන්න බැරිඋනා.1947 දී තමයි ඇමරිකාවේ බෙල් ලැබ් එකේ ජර්මේනියම් ට්‍රාන්සිස්ටරය නිෂ්පාදනය කලේ.ප්‍රධාන වශයෙන් ට්‍රාන්සිස්ටර් නිපදවීමට ගන්න මුලද්‍රව්‍ය තමයි ජර්මේනියම් සහ සිලිකන්.

මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් වලට යොදන සංකේත.මෙතන තියෙන්නේ පොසිටිව් කොටස් දෙකකින් සහ නෙගටිව් කොටසකින් සෑදුන PNP ට්‍රාන්සිස්ටරයක් සහ නෙගටිව් කොටස් දෙකකින් හා පොසිටිව් කොටසකින් සැදුණ NPN ට්‍රාන්සිස්ටරයක්.



ට්‍රාන්සිස්ටර් වර්ග ගොඩක් තියනවා BJT,JFET,MOSFETenh,MOSFETdep
ඒ වගේම ඒවා නිපදවන හැඩරුව අනුව පැකේජස් අනුව සම්මතයන් ගොඩනගල තියනවා.මේ පහළ තියෙන්නේ ඒ සම්මතයන් අනුව ජාත්‍යන්තරව සම්මත උන පැකේජයන් සහ සංකේත 




මේ ලින්ක් වලට  යන්න ගොඩක් තොරතුරු ලබාගන්න පුළුවන් 


0 comments: