Treble & Bass Control
ඔන්න පුතේ අද නම් දෙන්න යන්නේ සර්කිට් එක පොඩි ඒ උනාට දැනගන්න කරුණු ගොඩයි. ඉතින් මොකද්ද මේ කියන්න යන්නේ. ට්‍රිබල් සහ බේස් ගැන ඕක ඉතින් කියන්න දෙයක්ද කියල .නෑ මේකේ සැඟඋණු කරුණු ගොඩක් තියනවා මුලින්ම එක පාඩමක මම කිව්වා මතකද මිනිස්සුන්ගේ කනට ඇහෙන තරංග පරාසය හර්ට්ස් 20 ඉඳලා 20000 වෙනකම් කියලා. ඕක ඇතුලේ තමයි අද මම කියන්න යන දේ තියෙන්නේ.හර්ට්ස් 1000 ට අඩු තරංග පන්තියට අපි කියන්නේ Low Frequency නැත්නම් අඩු තරංග කියල. එතකොට හර්ට්ස් 1000 ට වැඩි නම් ඕගොල්ලෝ කියයි ට්‍රිබල් කියල. ඔව් එක හරි නමුත් හරියටම නම් හර්ට්ස් 10000 ට වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ High Frequency වැඩි තරංග. ඉතින් මොකද්ද මේ High Frequency සහ Low Frequency අතර වෙනස. එකම උත්තරය ශබ්දයේ ගැඹුරු බවේ වෙනස හයි ෆ්රිකුවෙන්සි සමානයි එකියන්නේ ට්‍රිබල්, රිදම් ගිටාර්. ලීඩ් ගිටාර් අවුරුදු 10 යේ 15 වේ ළමයිගේ කට හඬට මොකද ඒවගේ හඬවල් වල කිසිම බර ගතියක් නැ . ලෝ ෆ්රිකුවෙන්සි සමානයි වැඩිහිටි අයගේ කට හඬට ඒ වගේම බේස් ගිටාර්, ඩ්‍රම් සෙට් එකේ ෆුට් එකට. ඒ හඬවල්ගැඹුරුයි. නමුත් සාමාන්‍ය මනුෂ්‍ය කට හඬ හර්ට්ස් 300 ඉඳල 3400 අතර තමයි සමස්තයක් වශයෙන් බෙදල තියෙන්නේ.මිනිසා කියන්නේ මහා පුදුම සතෙක්. ඒ මොකද දන්නවද ඔය දීල තියෙන තරංග පරාසයන් අභිබවා තමන්ගේ කට හඬ වෙනස් කරන්න පුළුවන්. දැකල තියෙනවද කටින් ඩ්‍රම් බීට් හසුරවන අය . මේකත් එම හඬේ හැටියට වෙනස් වෙනවා.මම මේ කිව්වේ සරලව මොකද නොදන්නා අයට තේරුම් ගන්න. නැත්නම් ඒ හඬේ ගැඹුරු බව මනින ඒකකයකුත් තියනවා dB ඒ මොකද්ද ඩෙසිබල් .එක ගැන පස්සේ විස්තර කරන්නම්. ඉතින් දැනට ඇති මේ සර්කිට් එක හදල ඇම්ප් එකකට සම්බන්ද කරලා බලන්නකෝ....
0 comments: