General Theory of Electronics




හා හා දැන් බලමු කාටද මන් කියන දේවල් තේරෙන්නේ කියල. මේක දන්නා අයට නෙවෙයි නොදන්නා අයට. හරි දැන් ඉංග්‍රීසි හෝඩියේ මුල අකුර A නේ. බලමු A වලින් පටන් ගන්න එකක් ගැන.

01

AMPLIFIER
ඇම්ප්ලිෆයරයක් කියන්නේ මොකක්ද  පිළිතුර කෙටියෙන් ....විදුලි සඥාවක බලය හෝ වෝල්ටීයතාව වැඩි කරන උපකරණය. ඒවා යොදන තැන් විවිධාකාරයි.

AUDIO VOLTAGE amplifier
අපේ කනට ඇහෙන තරංග පරාසය ඇවිල්ලා 20Hz ඉඳල 20KHz නේ. ඉතින් මේ පරාසයේ සඥාවල Amplitude එක එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවනම් විස්තාරය ඉතින් මේක වැඩි කරන්න මේන් ඇම්ප් එකට පෙර යොදනවා ප්‍රී ඇම්ප් එකක්. එකේදී කරන්නේ ඕඩියෝ වෝල්ටේජ් එක වැඩි කරන එක. දැන් හරිනේ ඒ කතන්දරේ.

AUDIO POWER amplifiers
ඕඩියෝ පවර් එක කියන්නේ අපි දන්නවා ස්පීකරයක් වැඩ කරවන්න බලයක් ඕන. එම බලයට තමයි කියන්නේ ඕඩියෝ පවර් එක කියල.එම බලය සපයන්නේ මේන් ඇම්ප් එකකින් .

INTERMEDIATE FREQUENCY (i.f.) amplifiers
ඔන්න සමහරුන්ට මේක තේරුම් ගන්න අමාරු වෙයි. අයි එෆ් නොහොත් ඉන්ටර්මීඊඩියෙට් ෆ්රිකුවෙන්සි. ඔබ දන්නවා AM හරි FM හරි ගුවන් විදුලි යන්ත්‍රයක තරංග ග්‍රහණය කරගන්නේ හයි ෆ්රිකුවෙන්සි කියල ඒ කියන්නේ MW හරි VHF තරංග ඒවා අපේ කණට ඇහෙන්නේ නෑ .මොකද ශබ්ද තරංග සාමාන්‍යයෙන් දුර ගමන් නොකරන නිසා දුරගමන් කරන තරංග මත පටවල තමයි දුරට ගෙනියන්නේ. මම මේක මිට පෙර පෝස්ට් එකකත් කියල ඇති. ඉතින් මේ තරංග මධ්‍යම තරංග හරි VHF තරංග අපේ කනට ඇහෙන තරංග බවට පත් කිරීමට පෙර අතරමැදි තරංගයකට පත් කරගන්න ඕන. AM නම් 455KHz වලට පරිවර්තනය කරගන්න ඕන FM වලදිනම් 10.7MHz වලට පරිවර්තනය කරගන්න ඕන.එතැනදී තමයි හයි ෆ්රෙකුවෙන්සි අයින් කරලා අපේ කනට ඇහෙන තරංග වෙන් කරගන්නේ.තවත් එකක් හොඳින් මතක තියාගන්න AM හරි FM හරි කියන්නේ තොරතුරු ගෙන යන ප්‍රධාන තරංගයට අපට ඕන තොරතුරු එක කරන ක්‍රමය. AM නම් ප්‍රධාන තරංගයේ විස්තාරය එහෙමත් නැත්නම් amplitude එක වෙනස් කිරීමෙන් FM නම් ප්‍රධාන තරංගය වෙනස් කිරීමෙන් තමයි අපට අවශ්‍ය තොරතුරු ගෙන යන්නේ. එකත් හරි ඊ ලඟට එකට යමු. 

RADIO FREQUENCY amplifiers
මේකෙන් කරන්නේ තෝරගත්ත ගුවන් විදුලි තරංග පන්තිය වර්ධනය කිරීම ඕගොල්ලෝ දන්නවා 30KHz ඉඳල දහස් ගණන් MHz වලට යනකම් තරංග තියනවා කියල.ඉතින් ඒවා එකෙක තරංග පන්තිවලට කඩලා තියනවා කියලත් දන්නවා.ඉතින් ඒ නියමිත තරංග පන්තිය පමණක් පාවිච්චියට ගන්න Band Pass Filter දානවා කියලත් දන්නවනේ.

WIDE BAND amplifiers
වයිඩ් බෑන්ඩ් කියන්නේ සාමාන්‍ය Hz වල ඉඳල MHz වෙනකම් ඇති තරංග පරාසය වර්ධනය කරන අැම්ප්ලිෆයර් 
                                                                 VIDEO amplifiers
කව්රුත් මේ ගැන දන්නවනේ වීඩියෝ සිග්නල් එකක් වර්ධනය කර ගන්න  අැම්ප්ලිෆයර් එකක් කියල.
                                                                   
 DIRECTLY COUPLED amplifiers
මේ වර්ගේ  අැම්ප්ලිෆයර් වල ස්ටේජ් දෙකක් අතර සම්බන්ද කරන කප්ලින් කෑපසිටර් නෑ.එම නිසා DC සඥාව හොඳින් වර්ධනය කරගන්න පුළුවන්.

DIFFERENTIAL amplifiers 
ඉන්පුට්  දෙකක් සහිතයි මේ වර්ගයේ අැම්ප්ලිෆයර්. ඉතින් ඒ ඉන්පුට් දෙකේම වෝල්ටීයතාව වර්ධනය කිරීම තමයි මේකෙන් කරන්නේ විශේෂයෙන්  OPAmp පාවිච්චි කරනවා මේ සඳහා.



02

Amplitude Modulation Tutorial

ඕගොල්ලෝ ඔයාලගේ ගෙදර තියෙන ඇම්ප් එකේ අවුට් පුට් වයර් ස්පිකර් වලින් ගලවල සැහෙන්න දිගට දාල තවත් ඇම්ප් එකක් අරගෙන එකේ ඉන්පුට් වයර් දිගට දැම්මොත් ඇම්ප්  දෙක අතර කිසිම සම්බන්දයක් නැතිව කෙටි දුරක ඉඳල පස්සේ දාපු ඇම්ප් එකෙන් පළමු ඇම්ප් එකේ ප්ලේ බැක් වෙන ම්යුසික් අහන්න පුළුවන් හැබැයි මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැතිව. නමුත් මේක්‍රමය අත්හදා බලන්නේ කල්පනාවෙන් මොකද අවුට් පුට් වයර් නිකන් තියන ඇම්ප් එක පිච්චෙන්න පුළුවන් 

AMPLITUDE MODULATION Wave Diagram
ගුවන් විදුලි තරංග විසුරුවා හරින්න පුළුවන් දිගු දුරකට එක ඕගොල්ලෝ දන්නවා.අපගේ ශබ්ද තරංග ඒ ගු.වී තරංග මත පටවල ඕන දුරකට අරගෙන යන්න පුළුවන් මේකට කියන්නේ MODULATION කරනවා කියල. සිංහලෙන් නම් කියන්නේ මුර්ජනය කරනවා කියල.
ඒ රැගෙන යන ගු.වී. තරංග වලට අපි කියන්නේ CARRIER.FREQUENCY එක කියල 
ශබ්ද තරංග වලට කියනවා MODULATION.
ඉතින් ඒ CARRIER.FREQUENCY එකට පටවල ගෙනියපු ශබ්ද තරංග එකෙන් අයින් කර ගන්න එකට අපි කියනවා DEMODULATION.කියල.

පහල තියෙන රුප සටහන බලපුවහම තේරෙයි ටිකක් CARRIER.FREQUENCY එකට ශබ්ද තරංග MODULATE කරපුවහම ඒ තරංගයේ   amplitude එක නොහොත් විස්තාරය වෙනස් වී ඇති ආකාරය
මේ රුපයේ  50%යි MODULATE කරලා තියෙන්නේ 100% ට 100% ක් කලොත් distortion නැත්නම් අනවශ්‍ය ශබ්ද එකතු වෙන්න ගන්නවා.
AMPLITUDE MODULATION - Unmodulated Peak Trough Diagram
ගොඩක් විසුරුවා හරින මද්‍යස්ථාන 80% දක්වා සීමා කරනවා මේ MODULATION එක 
Modulate කිරීමේදී carrier frequency එක එක්ක ශබ්ද තරංග නිපද වෙනවා අලුත් තරංගයක්. ඔන්න දැන් අලුත් කතන්දරෙකට මුල පුරනවා .ඉතින් මේ අලුතෙන් හැදුන තරංගය  හඳුන්වනවා upper and lower SIDEBANDS කියල. upper SIDEBAND කියන්නේ carrier frequency ප්ලස් (+) audio frequency. lower SIDEBAND කියන්නේ carrier frequency මයිනස්  (-) audio frequency
ශබ්ද තරංග ඇවිල්ල තනි තරංගයක් නෙමයි. නමුත් පරාසය ඇවිල්ල 20Hz ඉඳල 20KHz දක්වා. හැම sideband එකක්ම ඔය පරාසය තුල තියෙන්නේ. 
AMPLITUDE MODULATION - Carrier - Lower SideBand - Upper Side Band Diagram
ඕගොල්ලෝ දැකල නැතුව ඇති මධ්‍යම තරංග රේඩියෝ එකක් ටියුන් කරනකොට  ඒවා ස්ථාන ගත කරලා තියෙන තැන් වල ගොඩක් අවට ඉඩ ප්‍රමාණයක් තියල තියනව.බෑන්ඩ් එකේ ස්පේස් එක අනුව මේකට අපි කියනවා signal BANDWIDTH එක කියල මේ ඉඩ ප්‍රමානය ගන්නේ upper සහ  lower sidebands අනුව එකට උදාහරණයක් තියෙනවා ඉහල රුප සටහනේ CARRIER FREQUENCY එක දෙපැත්තේ upper සහ  lower sidebands
එක ස්ටේෂන් එකකින්  විසුරුවා හරින තරංග සහ අනෙක අතර ඉඩ ප්‍රමාණය 40KHz ස්ටේෂන් 12 ක් අතර දල වශයෙන් 500KHz විතර නමුත් මේ BANDWIDTH එක ලිමිට් කරලා තියනවා 9KHz වලට ශබ්ද තරංග වල කොලිට්  එක ගැන හිතල 
ස්ටේෂන් දෙකක් අතර ඉඩ අඩු උනොත් sidebands මික්ස් වෙලා විෂිල් ඇති වෙනවා. අපි එකට කියනවා HETERODYNEwhistles කියල.
ඉතින් මේ sidebands දෙකේම ගෙනයන්නේ එකම තොරතුරු.එක sideband එකක් අයින් කරන්නත් පුළුවන් BANDWIDTH එක අඩු කර ගන්න. අපි එකට කියනවා SSB කියල single sideband transmission කියල ............................. හම්මෝ දැන් ඇතිනේ මොලේ කුරුවල් වෙනවා නේ.


                                  03

Averages Tutorial

ඔන්න ඉතින් නොදන්නා කෙහෙල්මලක් වගේ තව එකක් අදාල ගත්ත.මේක ඇවිල්ල යම් කිසි දෙයක ඇවරේජ් වැලිව්  එක එහෙමත් නැත්නම් මධ්‍ය අගය සොයන විදිහ. අපි උදාහරණයක් ගත්තොත්.මේ තියන ඉලක්කම් සෙට් වල මාධ්‍ය අගය සොයන්න කිව්වොත් බලමු කොහොමද එක කරන්නේ කියල 30+12+24 බෙදනවා 3න් සමානයි 66/3=22 ඉතින් ඇවරේජ් වැලිව්  එක 22 යි.
හරි මේක බලමුකෝ මාසෙකට කොහොමද එන දවස් ගානේ ඇවරේජ් වැලිව් එක කීයද කියල. මුලින්ම අපි එකතු කරමු හැම මාසෙකටම එන දවස් ගාන. ඊට පස්සේ මාස  ගානෙන් ඒ එන උත්තරය බෙදමු එන උත්තරේ තමයි ඇවරේජ් වැලිව් එක 365බෙදනවා 12න් = 30.416



04
Circuit Diagrams Tutorial
 සර්කිට්  ඩයග්‍රැම් ඇවිල්ල එකම ක්‍රමයකට තමයි ලෝකේ ඉලෙක්ට්‍රොනික් උපකරණ සඳහා පාවිච්චි කරන්නේ. ඒ හැම එකක්ම BS3939 කියන ස්ටෑන්ඩර්ඩ් එකේ සර්කිට් සිම්බල් හැටියටයි ගණන් ගන්නේ.
CIRCUIT DIAGRAMS
සර්කිට් ඩයග්‍රෑම් වලින් පුළුවන් ඕනෑම සර්කිට් හැදිල තියන ආකාරය එහි අඩංගු මොන උපකරණද එකේ එක එක කොටස් වලට දිය යුතු විදුලිය ප්‍රමාණය ගැන පැහැදිලිව දැනගන්න. අනික එක එක කොටස් පිළිබද පැහැදිලිවම දැනගන්න පුළුවන්.
හැම සිම්බල් එකක්ම එක ආකාරයකට පෙන්වන්නේ ඒ කියන්නේ රෙසිස්ටර් ගත්තොත් සිම්බල් එක (සංකේතය) එකම විදිහයි. නමුත් ඒවායේ අගයන් පෙන්නුම් කරන්නේ එහි මතුපිට ඇති කලර් කෝර්ඩ් එකෙන්. කැපසිටරුත් එහෙමයි.
9 Volts DC Stabilised Power Supply UNit CIRCUIT DIAGRAMS
















0 comments: