How To Charge Lead Acid Battery




අද මම කියල දෙන්න යන්නේ කාටත් ප්‍රයෝජනවත් දෙයක්. මේක සමහරු හිතයි එච්චර ලොකු දෙයක් ද මේක කියල. නමුත් කොයි දේ ගැනත් අවබෝධයක් ඇතුව ඉන්නවා නම් හොඳයිනේ. මේකෙන් කියන්නේ කොහොමද ඇසිඩ් බැටරියක් නිවැරදිව චාර්ජ් කර ගන්නේ කියල. ලෙඩ් ඇසිඩ් බැටරියක් කියන්නේ ප්ලාස්ටික් පෙට්ටියක් එක ඇතුලේ ඇසිඩ් තියනවා. ඒ ඇසිඩ් වලට අපි කියනවා සල්පියුරික් ඇසිඩ් කියල. ඒවගේම තව තියනවා ඊයම් තහඩු. ඒවට අපි කියන්නේ ලෙඩ් කියල. ඉතින් මේ තහඩු හැදිලා තියෙන්නේ ලෙඩ් සල්පේට් වලින්. මේ තහඩු දෙකක් අතරට සේපරේටර් යොදල තියනවා. මේ තහඩු අතර තමයි + - ආරෝපණ ගබඩා වෙන්නේ. පසු කාලීනව අපට එහි ගබඩා වී ඇති ආරෝපණ විදුලිය ලෙසින් ප්‍රයෝජනයට ගන්න පුලුවන්.ඉතින් මේකේ අතීතය ගැන කිව්වොත් මුලින්ම මේක හොයාගෙන තියෙන්නේ 1859 ගැස්ටන් ප්ලන්ටෙස් කියන කෙනා.



මේ ඉහල පින්තුරයෙන් පේන්නේ ඇම්පියර් 60 බැටරියක්. සාමාන්‍යයෙන් මේ බැටරියක් චාර්ජ් කරන්න 14 වොල්ට්ස් විතර පිටකරන චාර්ජරයක් අවශ්‍යයි. ඒ වගේම ඒ චාර්ජරේ ඇම්පියර් එක එජස් කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි.මොකද අපට හදිසියකදී ඉක්මනින් චාර්ජ් කරගන්න ඕන උනොත් ,එකත් කරගන්න පුළුවන්.එහෙම නැත්තම් සාමාන්‍ය විදිහට චාර්ජ් කරගන්න පුළුවන්. මේ දෙකේ වෙනස තමයි. බැටරියක් ඉක්මනින් චාර්ජ් කරනකොට එකේ ආයු කාලය ඉතාමත් ඉක්මනින් අඩු වෙන එක.නමුත් හෙමිහිට චාර්ජ් කලොත් ආයු කාලය ඉතාමත් වැඩි. ඉහල පින්තුරේ තියන බැටරිය අපි හිතමු ඇම්පියර 60 යි. මේකට ඇම්පියර 5ක විදුලි සැරයක් සමග 14 වොල්ට්ස් දුන්න කියල එතකොට චාර්ජ් වෙන්න යන්නේ  පැය 12යි . නමුත් අපි මේකට ඇම්පියර 20ක් දුන්නොත් පැය 3න් චාර්ජ් වෙනවා. නමුත් බැටරියේ ආයු කාලය අඩු වෙනවා. එකට හේතුව කියන්නත් පුළුවන් එතකොට ඔයාලට මේක තේරුම් ගන්න අමාරු වෙනවා. ඉතින් අදට මේ ඇති. ඔයාලට දැනුම ලැබී යහපතක්ම වේවා.






0 comments: