What is Lumans
මොකද්ද මේ ලුමන්ස් කියන්නේ එල් ඊ ඩී බල්බ් එකක් ගත්තහම ලුමන්ස් මෙච්චරයි අච්ච්රයි කියනවා. සමහරු මේ ගැන දන්නේ නැ . නොදන්නා අයටයි මේ සරලව කියල දෙන්න යන්නේ.සාමාන්‍යයෙන් අපි දන්නවා ගෙදර පිලමන්ට් එක තියන බල්බ් වල එලිය මනින්නේ වොට්ස් වලින් කියල.ඔයාල දන්නවනේ කඩේට ගිහිල්ල ඉල්ලන්නේ මට වොට්ස් සීයේ බල්බ් එකක් දෙන්න එහෙමත් නැත්තම් මට වොට්ස් පනහේ බල්බ් එකක් දෙන්න කියල. අපි දන්නවා වොට්ස් පනහේ බල්බ් එකට වඩා වොට්ස් සීයේ බල්බ් එක එලිය වැඩියි කියල. එතන අපි වොට්ස් කියන ඒකකය භාවිතා කලේ බල්බ් එකේ එළිය ප්‍රමාණය මනින්න.බල්බ් එකට වැය වන වෝල්ටීයතාවය සහ විදුලි සැර ප්‍රමාණය එකිනෙකට වැඩි කිරීමෙන් තමයි එතන වොට්ස් ප්‍රමාණය හැදුනේ. උදාහරණයක් විදියට ගත්තොත් 12 වෝල්ට් වලින් වැඩකරන බල්බ් එකකට ඇම්පියර 2 කක විදුලි සැර ප්‍රමාණයක් ඕන එක නියම විදියට පත්තු වෙන්න කියල. ඔය දෙක එකිනෙකට වැඩි කලොත් ලැබෙන උත්තරය තමයි 24. එකියන්නේ වොට්ස් 24 යි. නමුත් එල් ඊ ඩී බල්බ් වලට වැයවන විදුලි සැර ප්‍රමාණය ඉතාමත් අඩුයි .එතන දී ඔය සිද්ධාන්තය හරියන්නේ නෑ.එතනදී ගණනය කරන්නේ එල් ඊ ඩී බල්බ් එකේ දීප්තිය (ආලෝකය) මැනීම. අතනදී ගණනය කර මැන්නේ ක්ෂය වන ප්‍රමාණය.ඔබ දන්නවා පරණබ්ලැක් ඇන්ඩ් වයිට් TV වැඩ කලේ ඒවායේ දර්ශන තලයේ ඔය දීප්තිය අඩු වැඩි වීමෙන් කියල. එකට කියන්නේ ලුමිනන්ස් කියල. ඉතින් මේ දීප්තිය කියන්නේ කුමක් හෝ ආලෝකය පිට කරන වස්තුවකින් පිට කරන ආලෝකය අපේ ඇහැට පෙනෙන ආලෝකය (visible light)ගණනය කිරීම. දැන් ඔන්න මම මීට පෙර පාඩමක කියල දුන්න ෆ්‍රීකුවෙන්සි ස්පෙක්ට්‍රම් එකට සම්බන්ද වෙනවා. එකත් කියවල බලන්නකෝ. පහල තියනවා ෆ්‍රීකුවෙන්සි ස්පෙක්ට්‍රම් එක එකත් බලල යම් අවබෝධයක් ලබාගන්න උත්සහ කරන්න.
සාමාන්‍ය ෆීලමන්ට් බල්බ් වලට අපි කියන්නේ ඉන්කැන්ඩසන් බල්බ් කියල.ඒ බල්බ් වලට සමාන කිරීමක් පහල තියනවා.
වොට්ස් 40 බල්බ් එකක තියනවා ලුමන්ස් 380 සිට 460 දක්වා
වොට්ස් 60 බල්බ් එකක තියනවා ලුමන්ස් 750 සිට 850 දක්වා
වොට්ස් 75 බල්බ් එකක තියනවා ලුමන්ස් 1100 සිට 1300 දක්වා
වොට්ස් 100 බල්බ් එකක තියනවා ලුමන්ස් 1700 සිට 1800 දක්වා
ඉතින් මෙයින් ටිකක් හෝ අවබෝධ කරගන්න බලන්න.
0 comments: