5-band-graphic-equaliser-circuit
ඉතින් පුතාල අද මම කියල දෙන්න යන්නේ ග්‍රැපික් ඉක්වලයිසර් එක ගැන උඩ තියන Diagram දෙකම ඊට අදාල ඒවා. මම පෙර පාඩමක ඔයාලට කියල දුන්න අපේ කනට ඇහෙන ශබ්ද තරංග පරාස සහ ඒවා කොයි ආකාරයටද අපේ කනට ඇහෙන්නේ කියල. ඉතින් ඒ ශබ්ද පරාස අපිට ඕන ආකාරයට වෙන වෙනම අහන්න තමයි මේ සර්කිට් එකෙන් කෙරෙන්නේ . හොඳට මතක තියාගන්න මේකෙන් කොච්චර හොඳට ශබ්දේ වෙන් කර ගත්තත් අපිට ඇහෙන කොටස ඒ කියන්නේ ස්පිකර් කොටස ඔය සියලුම (අපේ කනට ඇහෙන ) ශබ්ද පරාසයන් නිකුත් කිරීමට සුදුසු විය යුතුයි. එහෙම නැත්නම් අපි කොච්චර හොඳට ශබ්දය පෙරලා නියමිත ශබ්ද පරාසයන්ට බෙදා ගත්තත් පිටකරන කොටස දුර්වල නම් අපිට ඇහෙන්නේ නෑ අවශ්‍ය ශබ්දය.උදාහරණයක් විදියට ගත්තොත් ලවුඩ්ස්පීකරය පහල පින්තුරයේ ඇති ආකාරයට ඒ වගේම ට්විටර් වූෆර් මේවගෙන් පිටවෙන ශබ්දය විවිදයි. මේ එකතු කරලා තමයි හොඳ කනට මිහිරි ශබ්දයක් ඇසීමට 3way 4way buffule නිර්මාණය කර ගන්නේ.
0 comments: