Hall Effect Sensor


අද මම කියල දෙන්න යන්නේ ටිකක් වැදගත් දෙයක් ගැන මොකක්ද දන්නවද හෝල් එෆෙක්ට් සෙන්සර් ගැන.මේකෙන් කෙරෙන්නේ කාන්දම් බලය උපයෝගි කරගෙන විදුලි ස්විට්චයක් ක්‍රියා කරවීම හැබයි ප්‍රමාණයෙන් ඉතාමත් කුඩයි.නමුත් මේකෙන් කෙරෙන වැඩ ඉතාම විශාලයි.මුලින්ම මේක හොයාගත්තේ ඔය උඩ ඉන්න මහාචාර්ය තුමා තමයි නම ඇවිල්ල එඩ්වින් හෝල්. එයාගේ අන්තිම නමින් තමයි මේක නම් කරලා තියෙන්නේ. ඔහු ඇමරිකානු ජාතිකයෙක් 1879 අවුරුද්දේ තමයි හොයාගෙන තියෙන්නේ.මේකේ තියෙන විශේෂත්වය තමයි කාන්දම් කැල්ලක් මේකට ලං කරපුවහම මේක ස්විච් එකක් විදියට වැඩ කරනවා.කාන්දම් කෑල්ලේ උතුර සහ දකුණ තියෙනවනේ, ඒ අනුව ඕන් වෙන සහ ඕෆ් වෙන හෝල් එෆෙට් සෙන්සර් තියෙනවා.මේවා ගොඩක් වෙලාවට යොදල තියෙනවා සටෙපර් මෝටර් වලට ඒ වගේම අලුතෙන් එන වාහන ස්විච් වලට විශේෂයෙන් කියන්න ඕන මට මේ ලඟදි හම්බ උනා PULSAR 180 මෝටර් සයිකලයක් එකේ ස්විච් ඔක්කොම තියෙන්නේ මේ කියන හෝල් එෆෙට් සෙන්සර්. පහල පින්තුරේ බලන්නකෝ එතකොට ටිකක් අවබෝධ වෙයි.




මේ තියෙන්නේ හෝල් එෆෙක්ට් සෙන්සර් එකක සර්කිට් එකක් ඒ වගේම වම් පැත්තේ පේන්න තියෙන්නේ එකේ ප්‍රමාණය ,කොහොමද ?

0 comments: